සුදු අරලිය හෝටලේ කතාව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    සුදු අරලිය හෝටලය ඩඩ්ලිගේ වූ ඇත්තම කතාව සහ ලාල්කාන්ත නොදන්න කතාව...

    පොළොන්නරුව සුදු අරලිය හෝටලය ඩඩ්ලිගේය. මේ අරලිය හෝටලය කලකට පෙර ලංකා හෝටල් සංස්ථාව සතුව පැවති අතර පසුව ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන ලද්දේය. එම වෙන්දේසියේදී මෙය හිමිකරගත්තේ ඩඩ්ලි සිරිසේන විසින්ය.

    2006 දී පමණ මම පොළොන්නරුවේ මාධ්‍ය ආවරණ කටයුත්තකට ගිය අවස්ථාවක නතරව සිටියේ පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ වූ මේ සුදු අරලිය හෝටලයේය.

    එදා රාත්‍රියේ ඩඩ්ලිගේ හෝටලයේ මා සමඟ සව්දිය පුරමින් සිටි එක් අයෙක් වූයේ මෙරට අර්ධ රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුය.

    "මේ සුදු අරලිය හෝටලය වෙන්දේසියෙන් ඩඩ්ලි මිළදී ගත් සැටි දන්නවද ?"

    ඔහු මගෙන් විමසුවේය. මාගේ පිළිතුර නැත වූයේන් ඔහු ඒ කතාව මට කීවේය. මේ එම කතාවය.

    "මේ හෝටලේ වෙන්දේසියෙ දාලා තිබුණ නිසා මටත් ආශාවක් තිබුණා මේක ගන්න. වෙන්දේසිය දවසෙ මමයි මගේ යාළුවො කීප දෙනෙකුයි පොළොන්නරුවෙ ආවෙ මේ හෝටලේ කොහොම හරි ගන්න බලාගෙන.

    එදා අපි පරාක්‍රම සමුද්‍රෙ බැම්ම දිගේ ඇවිත් බන්ට් එක උඩ තිබුණ පුල්ලෙයාර් දේවාගෙට පඬුරකුත් දාලා ඉස්සරහට එනකොට, බන්ට් එක හරස් කරගෙන වාහන දෙක තුනක් නතර කරලා තිබුණා. තුවක්කු, කඩු අතින් ගත්ත පිරිසක් එතන හිටියා.

    පිස්තෝලයක් අතින් ගත්ත කෙනෙක් මගේ ජීප් එක ලගට ඇවිත් පිස්තෝලෙන් සංඥා කළා වීදුරුව පහත් කරන්න කියලා. මම ගොඩක් බය වුණා. මම හිතුවෙ හෝටලේ ගන්න ගෙනාපු සල්ලි මංකොල්ල කන්න තමයි හදන්නෙ කියලා. ඒත් බන්ට් එකේ මැද හින්දා කොහාටවත් හරවලා යන්නවත් බැරි නිසා මම වීදුරුව පහත් කළා."

    “ආ.. මහත්තරූ.... කොහේද මේ යන්නෙ...“

    පිස්තෝලෙ අතින් ගත්ත සුදු සරම ඇඳපු කෙනා එහෙම ඇහුවා.

    “අර හෝටල් වෙන්දේසියට යන්නෙ.... මම වෙව්ලන හඬින් කිව්වා."

    “මහත්තයෝ.... ඔයාලට කොළඹ ගොඩක් බිස්නස් ඇතිනේ. ඒක නිසා පොළොන්නරුවෙ අපිට මේවා ඉතුරු කළොත් නේද හොඳ... මේක මම තමයි ගන්නෙ. ඔබතුමා කැමති නම් පාර ඇරලා දෙන්නම් වෙන්දේසියට යන්න. හැබැයි හෝටලේ අරන් කොළඹ යන්න වෙන්නෙ මළ මිනියක් විදියට තමයි. මොකද කියන්නෙ...?“

    ඔහු මට ඒ විදියට කිව්වා.

    “මේ විත්තිය දන්නවා නම් අපි ඇත්තටම එන්නෙ නෑ. ඔබතුමා හෝටලේ ගන්න. අපි එහෙනම් කොළඹ යන්නම්... අපිට හිරිහැර කරන්න එපා..“

    මම කිව්වා.

    “අන්න මොළේ තියන මහත්තයෙක්. මමත් කැමතියි මොළේ තියන මහත්තරු යාළුවො විදියට ආශ්‍රය කරන්න. මම ඩඩ්ලි... මෙච්චර දුර ඇවිත් නිකං කොළඹ යවන්න බැහැනේ. ඒක නිසා මම ඔබතුමාලා වෙනුවෙන් හබරන...(අහවල්) හෝටලේ වෙන්කරලා තියෙන්නෙ. දැන් එහේ ගිහින් කැමති විදියට කාලා බීලා සතුටු වෙන්න. සුදු අරලිය එක මම වෙන්දේසියෙන් අරගෙන දවල්ට මම ඔබතුමාලා හමුවෙන්න එතනට එන්නම්. බොහොම සන්තෝෂයි අඳුන ගන්න ලැබීම ගැන...“

    සුදු සරම ඇඳපු මැරයා අපිට එහෙම කිව්වා.

    මට මේ කතාව කියූ පුද්ගලයා කිව්වේ එදා සිට අද දක්වා තමා කියන ඕනම දෙයක් ඩඩ්ලි කරන්නේ එදා තමා දැක්වූ ප්‍රතිචාරයට ප්‍රතිඋපකාරයක් ලෙස බවයි.

    එදා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත මාර්ගය හරස් කොට, හොටල් සංස්ථාවේ වෙන්දේසියට වෙනත් කිසිවෙකුට ඒමට නොදී තනිව වෙන්දේසියෙන් හෝටලය අඩුම ලන්සුවට හිමිකරගත් ඔහු ඩඩ්ලි සිරිසේනය. මට මේ කතාව කී පුද්ගලයා අදත් මාගේ හිතවතෙක් වන අතර, එදා මේ අත්දැකීමට මුහුණදුන් තවත් කිහිප දෙනෙක් ගැනද මට කීවේය.

    මා පෙර සඳහන් කළ අර්ධ රාජ්‍ය ආයතන සභාපතිවරයා ඔය කතාව එදා සුදු අරලිය හෝටලයේදී කී මේ කතාව ඇත්තදැයි දැනගැනීමට මටද කුකුසක් ඇතිවිය.

    “එහෙනං දැන් කෝල් එකක් දීලා ඩඩ්ලිට කියන්නකො අපි දැන් ඉන්නෙ ඔයාගෙ හෝටලේ කියලා“

    ඒ මගේ ඉල්ලීමක්ය.

    (එසැනින් ඒ සභාපතිවරයා ඩඩ්ලිට කෝල් එකක් දී ඒ බව කියා සිටියේය.)

    ටික වේලාවකින් අප ඇණවුම් නොකළ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතලයක් අපේ මේසයට වැඩියේය. තවත් ස්වල්ප වේලාවකින් අප ඇණවුම් නොකළ බයිට් වර්ග රැසකින් මේසය පිරී ගියේය....

    පැයකට පමණ පසු ඩඩ්ලි සිරිසේනද අප සමඟ සතුටු සාමිච්චියට එක්වුණේය.

    මධ්‍යම රාත්‍රිය පසුවී එම හමුව අවසන් වන විට වේටර්වරයා බිල්පත මේසයට ගෙනාවේය.

    “අයිතිකාරයාටත් තොපි බිල් ගේනවද යකෝ... මේ පාටිය මගේ ගානේ....“

    ගමේ වැළ ගමේ කපුටාට දුන් කොළඹ කපුටන් සමඟ ඩඩ්ලි අදටත් මහජන සබඳතා පවත්වන්නේ මේ ආකාරයෙන්ය. එදා සුදු අරලිය හෝටලයේ නින්දට යමින් මා සිතුවේ මේකා මේ තරම් මහජන සම්බන්ධතා පවත්වන්නෙක් බව කලින් දන්නේ නම් පිච්චිය නැති වුවද අරලිය හෝටලය ගැනීමේ වෙන්දේසියට මාද කෙසේ හෝ සහභාගී වන බවය....

    ඩඩ්ලිගේ හෝටලය ගැන කුමක් කීවද ලාල්කාන්ත සිය මවගේ කුසේ තවත් දස මසක් පිළිසිඳ සිට පැමිණියද මේ හෝටලයයේ එකදු බිම් අඟලක් වැව් රක්ෂිතයට පවරා ගැනීමට නොහැකිය....

    "ඒ මාලිමාවේ ජයග්‍රහණය සඳහා සුදු අරලිය හෝටලයෙන් ඉපැයූ මුදල්ද ආයෝජනය කර ඇති නිසාය"

    එය දන්නේ ලාල්කාන්තලා නොව අනුර කුමාර දිසානායකලාය.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය මගුලෙන් වෙන්නෙ මාලිමාවෙ උන් සමුද්‍රය අයින් කරලා හොටලය විතරක් ඉතුරු කරලා දෙයි,,දැන් ප්‍රශ්නෙ ඉවරයි කියයි,,,එහෙමට උගත්තු ඉන්නෙ ඔකෙ🤣🤣🤣🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ඔව් ඔය ලාල්ලා සිප්පි කෑලි
    ටිල්වින් වැඩේ බැලන්ස් කරයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකා හෝටල් සංස්ථාව සතුව පැවති අතර පසුව ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන ලද්දේය.

    වෙන්දේසිය දවසෙ මමයි මගේ යාළුවො කීප දෙනෙකුයි පොළොන්නරුවෙ ආවෙ මේ හෝටලේ කොහොම හරි ගන්න බලාගෙන

    මම ගොඩක් බය වුණා.

    මම හිතුවෙ හෝටලේ ගන්න ගෙනාපු සල්ලි මංකොල්ල කන්න තමයි හදන්නෙ කියලා.
    Three Little Pigs Wow GIF by Laff
     
    • Haha
    Reactions: silent one

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    සුදු අරලිය හෝටලේ එතනින්අයින් කරොත් හෝ රජයට පවර ගත්තොත් මම එළකිරි එකවුන්ට් එක ඩිලීට් කරනවා. ආයෙත් අනුරයියටවත් , මාලිමාවටවත් එක වචනයක්වත් කියන්නෙත් නෑ.