වලස් කතාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දවසක් යාලුවෝ දෙන්නෙක් ගමනක් ගියාලු.
    එ අය කැලෙකට පස් පාරක් දිගේ එහෙම යනකොට එක පාරටම වලහෙක් ආවලු.
    යාලුවො දෙන්නෙගෙන් එක්කෙනෙක් බෙන්ස් එහෙකට නැග්ගලු..
    අනිත් යාලුවට කරගන්න දෙයක් නැති නිසා මැරිලා වගේ හාන්සි වෙලා ඉදියලූ.
    මේ ඉන්නෙ එ් යාලුවා.

    36386190_2160805640806590_3902276997312675840_n.jpg


    ********************************
    අර නියෝජ්‍ය ඇමති හාදයා කවදා හරි මේකෙ ජනාධිපති උනොත් කාරිය, මෙන්න මේ වගේ සීන් වෙන්න ඉඩ තියෙනවා... 🙄🙄

    "නිදහස් සමරු පෙළපාලිය එද්දී අතිගරු ජනාධිපති තුමා පීඨිකාවෙන් බැස ගාලු මුවදොර පාර හරහා වැතිරේ.......ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරන ලෙසට උද්ඝෝෂණය කරයි......."මේ අසාධාරණේ ගිහින් ජනාධිපතිට කියපිය !" කියමින් කෑ ගසයි..... "තෝ නෙ උත්ත ජනාධිපති !" කියමින් ආරක්ෂක භටයන් හතර දෙනෙක් එතුමාව අත් කකුල් වලින් ඔසවා පාරෙන් ඉවතට ගනියි.....

    "ජනාධිපති මන්දිරයේ ඇති කිතුල මදින්නට ජනාධිපති තුමා ලන්නට නගියි.....කාර්ය මණ්ඩලයේ නිළධාරීන්ට හෙට සිට කිතුල් රා...."

    "රාජාසන කථාව කිරීමට තමා පාර්ලිමේන්තුවට එනවිට, තමාට ඉදිරියෙන් සෙංකෝළය ගෙන ගියේ නැතැයි ජනාධිපති තුමා රාජාසනය මතට නැගී සිවිලිමෙන් ගෙළ වැල ලා ගැනීමට උත්සාහ කරයි ....."

    "සංචාරයක් සඳහා පැමිණි විදෙස් රාජ්‍ය නායකයාගෙන් ආධාර මුදල් අනුමත කරන ලෙස ඉල්ලා ජනාධිපති තුමා හෝටලය ඉදිරිපිට පාරේ උපවාසයක"

    "හදිසියේම පාසැළකට කඩා වැදුණු ජනාධිපති තුමා, දරුවන් වැල්පටවල එල්ලී ඒ මේ අත යනතුරු බලා සිටියේ ඇයිදැයි ගුරුවරුන්ට බැණ වදියි..... පසුව බලන විට එය පෝතක බාළදක්ෂ ජම්බෝරියක් බව හෙළිවේ....."

    "තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසු කම් නොලැබුවේයැයි ජනාධිපති තුමා ඛෙත්තාරාමයේ විශේෂ කුටියේ වහළය මතට නැග වස පානය කිරීමට සැරසේ "

    "නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාව ඉදිරිපිට කොඩි ගස් පෙළේ ශ්‍රී ලාංකික ධජය දමන්නට ජනාධිපති තුමා කොඩි ගසට නගී.....කොඩි ගහත් සමග එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පාර මැදට ඇද වැටෙයි........"

    "හින්දි සිනමාව ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය විනාශ කරන බව කියමින් ජනාධිපති තුමා ඉන්දියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරයි...... යුද්දය විනාඩි පහළොවක් පවතී..... "

    "කෝවිලක් යැයි සිතා පල්ලියකට කඩා වැදුණු ජනාධිපති තුමා, තමා හට පොල් ගහන්නට, පොල්ගල පෙන්වන ලෙස ඉල්ලා යකා නටයි......" 🙄🙄

    (උපුටාගැනීම Damith Kethaka ගෙනි
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,751
    28,110
    113
    මූ හොඳ වැඩ 5ක් කලොත් අර කරපු 5ට ටහිකෙන්ඩම එක ගොන් වැඩක් කරනවමයි...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අදත් කැමරාකාරයෙක් එක්ක කැලේ වැදිලා හිටියා කියන්නේ..ඇතෙක් හොයන්න