වල්ගාතරුවක්_ලබන වසරේ දර්ශනය වේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    වල්ගාතරුවක්_ලබන වසරේ දර්ශනය වේ

    චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ





    080908-comet-02.jpg





    පූර්ණ චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ පෘතුවියට දර්ශණය වීමට නියමිතය.

    C/2012 S1 ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගන තිබෙන්නේ පසුගිය සඳුදාය.

    අඟල් 15.7ක දූරේක්ෂයක් මඟින් සොයාගනු ලැබූ එය දිවාකාලයේ පවා දර්ශනය වන අතර උදේ කාලයේ හා සන්ධ්‍යා කාලයේ පෘතුවි වාසීන්ට පියවි ඇසින් හොඳින් නැරඹිය හැකිය. රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය.

    ලබන වසරේ ග්‍රීෂ්ම සෘතුව පහව යනවාත් සමඟ මෙය දර්ශනය වීම ආරම්භ වන අතර එහි උපරිමය ලබන නොවැම්බර් මාසයේ උදාවේ. අනතුරුව 2014 ජනවාරි මාසයේ මැද දක්වාම එය පියවි ඇසින් දර්ශන වී නොපෙනී යනු ඇත.

    මුලින්ම එය පෘතුවියට දර්ශනය වන අවස්ථාව වනවිට එය පෘතුවියට කිලෝමීටර් බිලියනයක දුරකින් පවතින අතර සූර්යයාගේ සිට එයට ඇති දුර කිලෝමීටර් මිලියන 934කි.

    ඔක්තෝබර් 16වනදා එය අඟහරු පසුකර යන එය සූර්යයාට වඩාත් ලං වන්නේ නොවැම්බර් 28 වනදාය. ඒ වනවිට වල්ගතරුවත් සූර්යයාත් අතර දුර වන්නේ කිලෝමීටර් මිලියන 1.2කි.

    එම වල්ගාතරුවේ ඇති ග්‍රාහක වලාව දැඩි සිසිල් අයිස් තත්වයේ පවතින අතර එය සූර්යාට ලංවත්ම ඒවා ගිණි ගනිමින් වායු තත්වයට පත්වන නිසා එහි දීප්තිය වැඩි වන අතර සූර්යයාගේ දීප්තිය 26ක් නම් මෙම වල්ගාතරුවේ තීප්තිය 16ක් වන බවත් පැවසෙනවා.

    2013 ඔක්තෝබර් 2 වනදා වල්ගාතරුවේ ගමන් මඟත්, ඒ වනවිට පෘතුවියේ පිහිටීමත් මෙසේය




    isonmars.jpg















    gossip9
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අඩෝ පට්ට,මම හෙන අසාවෙන් හිටි
    යෙ වල්ගාතරුවක් බලන්ඩ. rep ++
     
    Last edited:
    • Like
    Reactions: dxx

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අඩෝ පට්ට,මම හෙන අසාවෙන් හිටි
    යෙ වල්ගාතරුවක් බලන්ඩ. rep ++
    රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය.
    ඕක බලන්න උඹට රුසියාවටම යන්න වෙයි වගේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අපිටත් ටිකක් හරි පෙනෙයි :):)

    වල්ගාතරු අසුබ ලකුණක් මචං

    මට ජෝශිෂ්‍ය දන්න කෙනෙක් කිව්වා පවතින රජයට අපලයි කියල :baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වල්ගාතරු අසුබ ලකුණක් මචං

    මට ජෝශිෂ්‍ය දන්න කෙනෙක් කිව්වා පවතින රජයට අපලයි කියල :baffled::baffled:
    මොකාට අපල උනත් කමක් නැ මචන්,වල්ගතරුවක් බලන්ඩ තිබ්බොත් ඇති. :):):lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    පුළුවන් වෙයිද දාන්නේ නෑ අපිට බලාගන්න. මොකද ලබන අවුරුද්ද වෙනකොට ඔරියගේ පොන්න ALiens ලා ඇවිල්ල පෘතුවිය අල්ල ගන්නවලු