වල්ලභ_ස්ත්‍රිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වල්ලභ_ස්ත්‍රිය

තායිලන්ත රජතුමාගේ වල්ලභ ස්ත්‍රියගේ දුර්ලභ ඡායාරූප පෙළක් එළිදැක්වේ



_108526781_1.jpg





තායිලන්ත රජුගේ නව අගමෙහෙසිය ලෙස සීන්නීනාත් වොන්වෂිරාපක්දි පසුගිය ජූලි මස දී පත් කරන ලදී




තායිලන්ත රජතුමාගේ වල්ලභ ස්ත්‍රියගේ දුර්ලභ ඡායාරූප පෙළක් පළ කිරීමත් සමඟ අති විශාල පිරිසක් මාලිගාවේ වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටී ඇතැයි වාර්තා වේ. 34 හැවිදිරි සීන්නීනාත් වොන්වෂිරාපක්දි (Sineenat Wongvajirapakdi) ප්‍රහාරක ගුවන් නියමු ඇඳුමකින් සහ ආයුධ සන්නද්ධ හමුදා ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප වෙබ් අඩවියේ පළ කර තිබිණ. 67 හැවිදිරි තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු සුතිදා රැජින සමග විවාහ වී දෙමසකට පසු පසුගිය ජූලි මස සීන්නීනාත් වොන්වෂිරාපක්දිට සිය නිල සහකාරිය තනතුර පිරිනැමීය.


සුතිදා රැජින තායිලන්ත රජුගේ සිව්වන බිරිඳය. සිය වසරකට ආසන්න කාලයකින් පසු පළමු වරට රාජකීය නිල සහකාරිය තනතුරට පත් කළ සීන්නීනාත් වොන්වෂිරාපක්දි හමුදාවේ මේජර් ජෙනරාල්වරියකි.



_108526782_2.jpg




සීන්නීනාත් වොන්වෂිරාපක්දි තායිලන්තයේ සිහසුන අරා සිටි පූමිපොන් අදුන්යදේජ් රජුගේ අවමගුල් උත්සවයේ දී



අදාළ ඡායාරූප පළ කර තිබූ වෙබ් අඩවියට අති විශාල පිරිසක් පිවිසීම නිසා එය බිඳ වැටුණු බව රොයිටර් පුවත් සේවය පවසයි. ඡායාරූප සමග ඇයගේ චරිතාපදානය ද වෙබ් අඩවියේ පළ කර තිබිණි. පුහුණු ගුවන් නියමුවරියක්, හෙදියක් සහ ආරක්ෂක නිලධාරිනියක වන සීන්නීනාත් වොන්වෂිරාපක්දිගේ "චරිතාපදානය ලියා තබන ලෙසට" තායිලන්ත රජු නියම කළ බව මාලිගාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.





_108526783_3.jpg




'පූඩ්ල්' වර්ගයේ බලු පැටවෙකු රැගත් මහා වජිරලොංකොර්න් රජු සහ සීන්නීනාත් වොන්වෂිරාපක්දි





හිටපු ගුවන් සේවිකාවක සහ රජුගේ ආරක්ෂක අංශයේ උප ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ 41 හැවිදිරි සුතිදා රැජින මහා වජිරලොංකොර්න් රජුගේ දීර්ඝ කාලීන සහකාරිය වන අතර, වසර ගණනාවක සිට ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ දැක ගත හැකි විය. දිගු කලක් තායිලන්තයේ සිහසුන අරා සිටි පූමිපොන් අදුන්යදේජ් රජුගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ පුතු වන මහා වජිරලොංකොර්න් හට 2016 වසරේදී සිහසුන උරුම විය.




_108526784_4.jpg



සීන්නීනාත් වොන්වෂිරාපක්දි (මැද), රජු (වමේ)



_108526785_5.jpg



සීන්නීනාත් වොන්වෂිරාපක්දි



_108526787_8.jpg



තායිලන්ත රජු තම දේවිය වන 'සුතිදා' රැජිනගේ හිස මත ශුද්ධ ජලය ඉසීමෙන් අනතුරුව රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තැබූහ




_108526786_7.jpg



රජු සහ සුතිදා රැජින සිය විවාහ උත්සවයේ දී





BBC NEWS
 
  • Like
Reactions: harshana_mahesh

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    27-Surprised.png


    රජතුමාගෙ නහර වැඩ කරනවද ආයිබෝං...
    බලපන්කො නව යුවල 65යි 35 වගේ....