ගඟේ ගිලී පව් හේදීම

hpalpola

Well-known member
  • ඉන්දියාවේ හුඟක් මිනිස්සු විශ්වාස කරන විශ්වාසයක් තමයි ගංගා ගඟේ නෑවම කරපු පව් හේදෙනවා කියන එක. මේ නිසා ඒ මිනිස්සු ජීවිතයේ වරක් හරි ගංගා ග‍ඟේ බැහැලා නානවා. ඔය සිද්ධිය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මිනිස්සුත් භෂ්මාවශේෂ ගංඟාවල පා කරලා යවන අවස්ථා මා දැක තියෙනවා. ඒ වගේම කතරගම මැණික් ගඟේ නාන්න මිනිස්සුන්ගේ තියෙන ආශාව එහෙම ඔබටත් සමහරවිට ඇති. මේ ලිපියෙදි මන් කථා කරන්න හිතුවෙ මේ ගංගා ගඟේ නෑවම පව් හේදෙන සිද්ධියෙ ආරම්භය ගැන. සමහරවිට ඔබ දැනටමත් මේ ගැන දන්නවා ඇති.

    මහාභාරතයේ සූර්යවංශය නැත්නම් මහාසම්මත මනුගේ පරම්පරාව වන ඉක්ෂ්වාකු රාජ පරම්පරාවේ සාගර නමින් රජෙක් හිටියා. ඒ කාලේ තිබුනා අෂ්වමේධ යාගය කියලා යාගයක්. මේ යාගය සියවරක් සම්පූර්ණ කළ රජකු වේ නම් ඔහුට දිව්‍ය ලෝකය පවා පාලනය කළ හැකි බවට විශ්වාස කළා. මේ සාගර රජු සියවැනි වතාවටත් අශ්වමේධ යාගය කරන්න සූදානම් වෙලා ඒ යාගය සඳහා මුදා හරින අශ්වයාව මුදා හැරියා. මේ යාගය සම්පූර්ණ වුවහොත් සාගර රජු දිව්‍ය ලෝකයේත් පාලනය ගන්නා බව වටහා ගන්නා දිව්‍යලෝකයේ අධිපති ඉන්ද්‍ර දෙවියො කරන්නේ ඒ අශ්වයා හොරකම් කරලා භාවනා කරමින් ඉන්න කපිල නම් සෘෂිවරයකු ඉන්න තැන හංගන එක. මේ සාගර රජුට දරුවො සියයක් හිටියා. අශ්වයා අතුරුදන් වුනාට පස්සෙ රජු විසින් දරුවො සියය රට පුරා යැව්වා අශ්වයා හොයන්න. මේ අයට කපිල සෘෂිවරයා ඉන්න තැන නිදහසේ ඉන්න අශ්වයාව දකින්න ලැබෙනවා. ඔවුන් හිතන්නෙ කපිල සෘෂි තමයි අශ්වයා හොරකම් කලේ කියලා. ඒ සැරේ ඔවුන් මොකද කරන්නේ කපිල සෘෂිව අල්ලා ගන්න හදනවා. මේ කලබලය අස්සෙ ඇස් අරින කපිල සෘෂිගේ කෝපයට ලක්වුන අර දරුවො සියය ම දැවිලා අළුවෙලා යනවා. මේ කථාව අහන්න ලැබෙන සාගර රජුගේ මුණුබුරා වුන අම්සුමන් කපිල සෘෂි මුණගැහෙන්න යනවා. ඔහු සෘෂිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අශ්වයාව මුදා හරින්න කියල. ඒ වගේම තමුන්ගේ මාමලාට සමාව දෙන්න කියලත්. ඔහුට ආශිර්වාද කරන කපිල සෘෂිවරයා කියනවා අශ්වයාව අරන් ගිහිල්ලා පටන් ගත්ත යාගය ඉවර කරන්න කියලා. හැබැයි සෘෂිවරයා ඒ එක්කම කියනවා මාමලාගේ ආත්මය පිරිසිදු කරන්න පුළුවන් වෙන්නෙ දිව්‍යලෝකෙ ඉන්න ගංගා නම් ගඟේ වතුරෙන් විතරයි කියලා.

    අම්සුමන යාගය කළත් ගංගා ගඟ පොළොවට ගේන්න ගන්න උත්සාහ සාර්ථක වෙන්නෙ නැහැ. පස්සෙ ඔහුගේ පුතා වන දිලීපත් මේකට උත්සාහ කරනවා, හරි යන්නෙ නැහැ. ඊට පස්සෙ ඉක්ෂ්වාකු වංශයෙ රජ වෙන්න ඉන්නෙ භගිරථ කියන කුමාරයා. ඔහු දිලීප රජුගේ පුතා. ඔහුත් උත්සාහ කරනවා ගංගා ගඟ පොළොවට ගේන්න. ඔහුගේ ශ්‍රේෂ්ඨ තපස හේතුවෙන් ගංගා දේවිය පෙනී ඉන්නවා. ඇය කියනවා ඇය පොළොවට එන්න කැමැතියි කියලා. නමුත් ඇය වැඩිදුරටත් කියනවා දිව්‍යලෝකයේ ඉඳලා පොළොවට වැටෙද්දි ඒ බර දරා ගන්න පොළොවට හැකි වෙන එකක් නැති වෙයි, ඒ නිසා ඒ බර දරා ගන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න කියලා. ඒ වගේම අහනවා මන් පොළොවට ආවම හැම මනුස්සයාම තමුන්ගේ පව් මගේ වතුරෙන් හෝද ගන්න නිසා මාව අපිරිසිදු වෙයි, එතකොට මාව පිරිසිදු කරන්නෙ කව්ද කියලා.

    භගිරථ ඇයට පිළිතුරු දෙනවා ඇගේ බර දරාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඒ තමයි ශිව දෙවියො, ඒ නිසා භගිරථ ශිව දෙවියන්ගෙන් ඒ ගැන ඉල්ලීමක් කරනවා කියලා. ඒ වගේම ඔහු කියනවා ශුද්ධවන්ත පුද්ගලයෙක් ඔබගේ වතුරෙන් නෑවම ඔබව පිරිසිදු වෙයි කියලා. මේකට ගංගා දේවිය කැමති වෙනවා.

    දැන් ඉතින් භගිරථ ආපසු තපස් රකිනවා ශිව දෙවියො වෙනුවෙන්. කාලයකට පස්සෙ ශිව දෙවියො භගිරථ ඉදිරියේ පෙනී ඉන්නවා. ඔහු එකඟවෙනවා ගංගා ගඟ දෙව්ලොව ඉඳලා පොළොවට වැටෙද්දි ඒ බර දරා ගන්න. පස්සෙ භගරථ ගංගා දේවියට ආරධනා කරනවා සියළු දේ හරි දැන් පොළොවට වැටෙන්න කියලා. ගංගා මේ අතරෙ උත්සාහ කරනවා ශිවගෙ ශක්තිය පරීක්ෂා කරන්න. ඒ අනුව ඇය ඇයට තියෙන උපරිම ශක්තියෙන් පොළොවට වැටෙනවා. ශිවට මේක තේරෙනවා. ඒ නිසා ශිව කරන්නෙ ගංගාගේ අහංකාරය නැති කරන්න හිතලා තමුන්ගේ කොණ්ඩය ඇතුලෙ ගංගාව හිර කරගන්නවා. වතුර බිංදුවක් වත් බිමට වැටෙන්න නොදී. ගංගා කොච්චර දැඟලුවත් එක වතුර බිංදුවක්වත් බිමට වැටෙන්නෙ නැහැ. මේ සැරේ භගිරථ ආපහු ශිව දෙවියන් යැදලා ගංගාව පොළොවට එවන්න කියලා ඉල්ලනවා. ඉන්පස්සෙ ශිව දෙවියො භගිරථගේ ඉල්ලීම අනුව තමුන්ගේ හිසෙන් ගංගාගේ වතුර ටිකක් බිමට වැටෙන්න සලස්වනවා. මේක තමයි අද තියෙන ගංගා ගඟ විදියට ඉන්දියානුවො සලකන්නෙ.

    ගංගාව පොළොවට ගෙනාවේ භගිරථ නිසා ගංගා පොළොවට වැටෙන හරිය අදටත් හඳුන්වන්නේ භගීරථී කියලා. ඇය ශිව දෙවියන්ගේ හිසේ රැඳුන නිසා ඇයව ශිව දෙවියන්ගේ දෙවැනි බිරිඳ ලෙසින් සලකනවා. ඒ වගේම ශිව ව ගංගාධර විදියටත් හඳුන්වනවා.

    දැන් ඉතින් ගංගාව පොළොවට ගෙනාවට පස්සෙ භගිරථ තමුන්ගේ අශ්වයාව දක්කනවා මාමලාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබුන දිහාවට. ඔහුගේ පසුපසින් ගංගා ගඟ ගලා ගෙන එනවා. වර්තමාන කල්කටා ප්‍රදේශයේ තමයි ඒ මාමලගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නෙ. ඉතින් ගංගා කල්කටාවෙන් තමයි මුහුදට වැටෙන්නෙ. ගංගා දේවිය භගිරථට පොරොන්දු වුන විදියට ඒ භෂ්මාවශේෂ හෝදලා දමමින් මුහුදට වැටෙනවා. ඉතින් අද දක්වා මිනිස්සු ඇගේ වතුරෙන් තමුන්ගේ පව් හෝදනවා. ඒ වගේම හැම හින්දු භක්තිකයෙක් ම හිතනවා මරණින් පස්සෙ තමුන්ගේ අළු, තමුන්ගේ දරු මුණුපුරන් විසින් ගංගා ගඟේ පා කරලා තමුන්ට මෝක්ෂය ලබා දේවි කියලා. ඒ වගේම භගිරථ, ඉක්ෂ්වාකු පෙළපතේ වැදගත් රජෙක් විදියට වැජඹෙනවා.

    ඕක තමයි ගංගා ගඟේ නෑවම පව් හේදෙන කථාවෙ ආරම්භය. භගිරථි ගඟ ගැන සම්බුලා ජාතකයේ සඳහන් වෙනවා සමහරක් විට ඔයාලට මතක ඇති. හැබැයි බුදුරජාණන්වහන්සේ මේ ගඟේ නාලා පව් හෝදා ගැනීම අනුමත කරන්නෙ නැහැ. ඒ ගැන බෞද්ධයො දන්නවා.
    Ravi_Varma-Descent_of_Ganga.jpg

    ලංකාවේ මිනිස්සු ගඟේ නාලා පව් හෝදන්න යද්දි වගේම ගඟේ භෂ්මාවශේෂ පා කරද්දි මේ කථාවත් සිහි වෙනවා නම් හොඳයි. වැඩේ තියෙන්නෙ මේව නොදන්න නිසා බෞද්ධයොත් මේ දේවල් කරන එක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    අඩෝ මම මේ කල්පනා කලේ මේ වගේ කතා ගොතලා කියන එකාගේ මානසිකත්වය ගැන. ගංජා ගහලවත් බැරුව ඇති මේ වගේ මානසික මට්ටමකට වැටෙන්න. 🥴
     
    hpalpola

    Well-known member
  • අඩෝ මම මේ කල්පනා කලේ මේ වගේ කතා ගොතලා කියන එකාගේ මානසිකත්වය ගැන. ගංජා ගහලවත් බැරුව ඇති මේ වගේ මානසික මට්ටමකට වැටෙන්න. 🥴
    ඒකනෙ බුදුරජාණන්වහන්සේ ඊට විරුද්ධ මතයක් සමාජගත කලේ. ඒ වෙනකොට ඉන්දියාවේ තිබුන පිළිගැනීම තමයි ⁣මේ. තාමත් ඉතින් මේකම තමයි.

    amathaka karanna epa lanakweth innawa thirupathi gihin gale oluwa gahala paw hodana minissu
    ඒක හරි.
    ------ Post added on Oct 8, 2024 at 8:48 PM
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඉන්දියාවේ හුඟක් මිනිස්සු විශ්වාස කරන විශ්වාසයක් තමයි ගංගා ගඟේ නෑවම කරපු පව් හේදෙනවා කියන එක. මේ නිසා ඒ මිනිස්සු ජීවිතයේ වරක් හරි ගංගා ග‍ඟේ බැහැලා නානවා. ඔය සිද්ධිය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මිනිස්සුත් භෂ්මාවශේෂ ගංඟාවල පා කරලා යවන අවස්ථා මා දැක තියෙනවා. ඒ වගේම කතරගම මැණික් ගඟේ නාන්න මිනිස්සුන්ගේ තියෙන ආශාව එහෙම ඔබටත් සමහරවිට ඇති. මේ ලිපියෙදි මන් කථා කරන්න හිතුවෙ මේ ගංගා ගඟේ නෑවම පව් හේදෙන සිද්ධියෙ ආරම්භය ගැන. සමහරවිට ඔබ දැනටමත් මේ ගැන දන්නවා ඇති.

    මහාභාරතයේ සූර්යවංශය නැත්නම් මහාසම්මත මනුගේ පරම්පරාව වන ඉක්ෂ්වාකු රාජ පරම්පරාවේ සාගර නමින් රජෙක් හිටියා. ඒ කාලේ තිබුනා අෂ්වමේධ යාගය කියලා යාගයක්. මේ යාගය සියවරක් සම්පූර්ණ කළ රජකු වේ නම් ඔහුට දිව්‍ය ලෝකය පවා පාලනය කළ හැකි බවට විශ්වාස කළා. මේ සාගර රජු සියවැනි වතාවටත් අශ්වමේධ යාගය කරන්න සූදානම් වෙලා ඒ යාගය සඳහා මුදා හරින අශ්වයාව මුදා හැරියා. මේ යාගය සම්පූර්ණ වුවහොත් සාගර රජු දිව්‍ය ලෝකයේත් පාලනය ගන්නා බව වටහා ගන්නා දිව්‍යලෝකයේ අධිපති ඉන්ද්‍ර දෙවියො කරන්නේ ඒ අශ්වයා හොරකම් කරලා භාවනා කරමින් ඉන්න කපිල නම් සෘෂිවරයකු ඉන්න තැන හංගන එක. මේ සාගර රජුට දරුවො සියයක් හිටියා. අශ්වයා අතුරුදන් වුනාට පස්සෙ රජු විසින් දරුවො සියය රට පුරා යැව්වා අශ්වයා හොයන්න. මේ අයට කපිල සෘෂිවරයා ඉන්න තැන නිදහසේ ඉන්න අශ්වයාව දකින්න ලැබෙනවා. ඔවුන් හිතන්නෙ කපිල සෘෂි තමයි අශ්වයා හොරකම් කලේ කියලා. ඒ සැරේ ඔවුන් මොකද කරන්නේ කපිල සෘෂිව අල්ලා ගන්න හදනවා. මේ කලබලය අස්සෙ ඇස් අරින කපිල සෘෂිගේ කෝපයට ලක්වුන අර දරුවො සියය ම දැවිලා අළුවෙලා යනවා. මේ කථාව අහන්න ලැබෙන සාගර රජුගේ මුණුබුරා වුන අම්සුමන් කපිල සෘෂි මුණගැහෙන්න යනවා. ඔහු සෘෂිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අශ්වයාව මුදා හරින්න කියල. ඒ වගේම තමුන්ගේ මාමලාට සමාව දෙන්න කියලත්. ඔහුට ආශිර්වාද කරන කපිල සෘෂිවරයා කියනවා අශ්වයාව අරන් ගිහිල්ලා පටන් ගත්ත යාගය ඉවර කරන්න කියලා. හැබැයි සෘෂිවරයා ඒ එක්කම කියනවා මාමලාගේ ආත්මය පිරිසිදු කරන්න පුළුවන් වෙන්නෙ දිව්‍යලෝකෙ ඉන්න ගංගා නම් ගඟේ වතුරෙන් විතරයි කියලා.

    අම්සුමන යාගය කළත් ගංගා ගඟ පොළොවට ගේන්න ගන්න උත්සාහ සාර්ථක වෙන්නෙ නැහැ. පස්සෙ ඔහුගේ පුතා වන දිලීපත් මේකට උත්සාහ කරනවා, හරි යන්නෙ නැහැ. ඊට පස්සෙ ඉක්ෂ්වාකු වංශයෙ රජ වෙන්න ඉන්නෙ භගිරථ කියන කුමාරයා. ඔහු දිලීප රජුගේ පුතා. ඔහුත් උත්සාහ කරනවා ගංගා ගඟ පොළොවට ගේන්න. ඔහුගේ ශ්‍රේෂ්ඨ තපස හේතුවෙන් ගංගා දේවිය පෙනී ඉන්නවා. ඇය කියනවා ඇය පොළොවට එන්න කැමැතියි කියලා. නමුත් ඇය වැඩිදුරටත් කියනවා දිව්‍යලෝකයේ ඉඳලා පොළොවට වැටෙද්දි ඒ බර දරා ගන්න පොළොවට හැකි වෙන එකක් නැති වෙයි, ඒ නිසා ඒ බර දරා ගන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න කියලා. ඒ වගේම අහනවා මන් පොළොවට ආවම හැම මනුස්සයාම තමුන්ගේ පව් මගේ වතුරෙන් හෝද ගන්න නිසා මාව අපිරිසිදු වෙයි, එතකොට මාව පිරිසිදු කරන්නෙ කව්ද කියලා.

    භගිරථ ඇයට පිළිතුරු දෙනවා ඇගේ බර දරාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඒ තමයි ශිව දෙවියො, ඒ නිසා භගිරථ ශිව දෙවියන්ගෙන් ඒ ගැන ඉල්ලීමක් කරනවා කියලා. ඒ වගේම ඔහු කියනවා ශුද්ධවන්ත පුද්ගලයෙක් ඔබගේ වතුරෙන් නෑවම ඔබව පිරිසිදු වෙයි කියලා. මේකට ගංගා දේවිය කැමති වෙනවා.

    දැන් ඉතින් භගිරථ ආපසු තපස් රකිනවා ශිව දෙවියො වෙනුවෙන්. කාලයකට පස්සෙ ශිව දෙවියො භගිරථ ඉදිරියේ පෙනී ඉන්නවා. ඔහු එකඟවෙනවා ගංගා ගඟ දෙව්ලොව ඉඳලා පොළොවට වැටෙද්දි ඒ බර දරා ගන්න. පස්සෙ භගරථ ගංගා දේවියට ආරධනා කරනවා සියළු දේ හරි දැන් පොළොවට වැටෙන්න කියලා. ගංගා මේ අතරෙ උත්සාහ කරනවා ශිවගෙ ශක්තිය පරීක්ෂා කරන්න. ඒ අනුව ඇය ඇයට තියෙන උපරිම ශක්තියෙන් පොළොවට වැටෙනවා. ශිවට මේක තේරෙනවා. ඒ නිසා ශිව කරන්නෙ ගංගාගේ අහංකාරය නැති කරන්න හිතලා තමුන්ගේ කොණ්ඩය ඇතුලෙ ගංගාව හිර කරගන්නවා. වතුර බිංදුවක් වත් බිමට වැටෙන්න නොදී. ගංගා කොච්චර දැඟලුවත් එක වතුර බිංදුවක්වත් බිමට වැටෙන්නෙ නැහැ. මේ සැරේ භගිරථ ආපහු ශිව දෙවියන් යැදලා ගංගාව පොළොවට එවන්න කියලා ඉල්ලනවා. ඉන්පස්සෙ ශිව දෙවියො භගිරථගේ ඉල්ලීම අනුව තමුන්ගේ හිසෙන් ගංගාගේ වතුර ටිකක් බිමට වැටෙන්න සලස්වනවා. මේක තමයි අද තියෙන ගංගා ගඟ විදියට ඉන්දියානුවො සලකන්නෙ.

    ගංගාව පොළොවට ගෙනාවේ භගිරථ නිසා ගංගා පොළොවට වැටෙන හරිය අදටත් හඳුන්වන්නේ භගීරථී කියලා. ඇය ශිව දෙවියන්ගේ හිසේ රැඳුන නිසා ඇයව ශිව දෙවියන්ගේ දෙවැනි බිරිඳ ලෙසින් සලකනවා. ඒ වගේම ශිව ව ගංගාධර විදියටත් හඳුන්වනවා.

    දැන් ඉතින් ගංගාව පොළොවට ගෙනාවට පස්සෙ භගිරථ තමුන්ගේ අශ්වයාව දක්කනවා මාමලාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබුන දිහාවට. ඔහුගේ පසුපසින් ගංගා ගඟ ගලා ගෙන එනවා. වර්තමාන කල්කටා ප්‍රදේශයේ තමයි ඒ මාමලගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නෙ. ඉතින් ගංගා කල්කටාවෙන් තමයි මුහුදට වැටෙන්නෙ. ගංගා දේවිය භගිරථට පොරොන්දු වුන විදියට ඒ භෂ්මාවශේෂ හෝදලා දමමින් මුහුදට වැටෙනවා. ඉතින් අද දක්වා මිනිස්සු ඇගේ වතුරෙන් තමුන්ගේ පව් හෝදනවා. ඒ වගේම හැම හින්දු භක්තිකයෙක් ම හිතනවා මරණින් පස්සෙ තමුන්ගේ අළු, තමුන්ගේ දරු මුණුපුරන් විසින් ගංගා ගඟේ පා කරලා තමුන්ට මෝක්ෂය ලබා දේවි කියලා. ඒ වගේම භගිරථ, ඉක්ෂ්වාකු පෙළපතේ වැදගත් රජෙක් විදියට වැජඹෙනවා.

    ඕක තමයි ගංගා ගඟේ නෑවම පව් හේදෙන කථාවෙ ආරම්භය. භගිරථි ගඟ ගැන සම්බුලා ජාතකයේ සඳහන් වෙනවා සමහරක් විට ඔයාලට මතක ඇති. හැබැයි බුදුරජාණන්වහන්සේ මේ ගඟේ නාලා පව් හෝදා ගැනීම අනුමත කරන්නෙ නැහැ. ඒ ගැන බෞද්ධයො දන්නවා.
    View attachment 238955

    ලංකාවේ මිනිස්සු ගඟේ නාලා පව් හෝදන්න යද්දි වගේම ගඟේ භෂ්මාවශේෂ පා කරද්දි මේ කථාවත් සිහි වෙනවා නම් හොඳයි. වැඩේ තියෙන්නෙ මේව නොදන්න නිසා බෞද්ධයොත් මේ දේවල් කරන එක.
    මිත්‍යාදෘෂ්ඨික කුළහීන හින්දු වේසාවො කරොත් කරන්නෙ ඔය වගෙ මෝඩ වැඩ තමය් ... ඔය කතරගම තියන සංස්කෘතිය සේරම හින්දු පකව්න්ගෙන් ආපුව තමා ...ඇයි අර පොන්න මොඩිත් වතුර යට ගියේ ... මිත්‍යාදෘෂ්ඨික පකව් 🤮🤮
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,351
    113
    හඳට කිට්ටුව
    TFS

    Deva katha hari lassanai..

    mama podi kale Ambilimama kiyala lassanaya sagarawak kiyewwa, eke thibuna me wage katha godak...

    marama lassanai..

    mama e sagara keepayak thiyagena hitiya, dan nam hoyanna wath naha...
    ------ Post added on Oct 8, 2024 at 8:52 PM
     
    • Like
    Reactions: Bart_Allen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    මේ වගේ කතා ග්‍රීක සාහිත්යෙත් තියෙනවනේ. සියුස් දෙවියෝ, ඇතීනා දෙවඟන, මෙඩුසා වගේ යක්ෂණියෝ, ඒත් උන් කවදාවත් උන්ව අදහන්න යන්නේ නෑනේ. උන් එව්වා කතා විදිහට විතරයි ගණන් ගන්නේ. ඒත් ඇයි මේ වගේ ඉන්දියාවේ උන් එව්වා ඔලුව උඩ තියාගෙන කෝවිල් හදාගෙන එව්වා අදහන්නේ? 🤔
     
    hpalpola

    Well-known member
  • මේ වගේ කතා ග්‍රීක සාහිත්යෙත් තියෙනවනේ. සියුස් දෙවියෝ, ඇතීනා දෙවඟන, මෙඩුසා වගේ යක්ෂණියෝ, ඒත් උන් කවදාවත් උන්ව අදහන්න යන්නේ නෑනේ. උන් එව්වා කතා විදිහට විතරයි ගණන් ගන්නේ. ඒත් ඇයි මේ වගේ ඉන්දියාවේ උන් එව්වා ඔලුව උඩ තියාගෙන කෝවිල් හදාගෙන එව්වා අදහන්නේ? 🤔
    ග්‍රීක සාහිත්‍යයි ඉන්දියානු සාහිත්‍යයි වෙනස්. අනෙක ඔයා කොහොමද කියන්නෙ සියුස්, ඇතීනා වගේ අයව ඇදහුවේ නැහැ කියලා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ගඟේ බැස්සම පවු හේදෙනවා නම් 24 පැයේම ගඟේ ඉන්න මාළුන්ට සත්‍ය අවබෝධවෙලා රහත් වෙලාත් ඇති... :lol: :lol: :lol: :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒකනෙ බුදුරජාණන්වහන්සේ ඊට විරුද්ධ මතයක් සමාජගත කලේ. ඒ වෙනකොට ඉන්දියාවේ තිබුන පිළිගැනීම තමයි ⁣මේ. තාමත් ඉතින් මේකම තමයි.
    ithin ban Jathaka kathath me wage nemeda?

    ඔය කතරගම තියන සංස්කෘතිය සේරම හින්දු පකව්න්ගෙන් ආපුව තමා ..
    Katharagama dewiyo kiyannneth Demala porak thamayi.
    ------ Post added on Oct 8, 2024 at 10:16 PM
     
    • Sad
    Reactions: Mr.Robot

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පව් හේදිල්ල කෙසේවෙතත් වතුරට පුලුවන් උබව උබේ මූලික ස්වභාවයට ලන් කරන්න..ඒක පවිත්‍ර අවස්ථවක්.. උබ දුකෙන් හරි පට්ට අවුලකින් හරි ඉන්න වෙලාවක් හොඳට නාලා බලපන්..වෙනසක් දැනෙයි..ගොඩක්ම ලෞකික එකෙක්ට ඒක තමයි දෙන්න පුලුවන් උදාහරණෙ..උන්ට උන්ගෙ විශ්වාසයත් එක්ක ඕක බද්ධ උනාම දැනෙන විදිය තව වෙනස් වෙන්න පුලුවන්.. වරදක් දකින් නෑ මන් ඉතින් ඒකෙ ඒ මිනිස්සුන්ට හොඳ්අක් වෙනවනම්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    හේදිච්ච පව් ටික ඔක්කොම මුහුදට ගිහින් ලුණු නිසා පවු ටික වාෂ්ප වෙනවා. ඒ කියන්නේ ලුණු කෑවොත් පවු නැති වෙනවා. 🙄
     
    • Haha
    Reactions: Flappybird

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    ග්‍රීක සාහිත්‍යයි ඉන්දියානු සාහිත්‍යයි වෙනස්. අනෙක ඔයා කොහොමද කියන්නෙ සියුස්, ඇතීනා වගේ අයව ඇදහුවේ නැහැ කියලා.
    ඇදහුවත් දැන් අදහන්නේ නෑනේ.
     
    hpalpola

    Well-known member
  • මේ වගේ කතා ග්‍රීක සාහිත්යෙත් තියෙනවනේ. සියුස් දෙවියෝ, ඇතීනා දෙවඟන, මෙඩුසා වගේ යක්ෂණියෝ, ඒත් උන් කවදාවත් උන්ව අදහන්න යන්නේ නෑනේ. උන් එව්වා කතා විදිහට විතරයි ගණන් ගන්නේ. ඒත් ඇයි මේ වගේ ඉන්දියාවේ උන් එව්වා ඔලුව උඩ තියාගෙන කෝවිල් හදාගෙන එව්වා අදහන්නේ? 🤔
    ග්‍රීක සාහිත්‍යයි ඉන්දියානු සාහිත්‍යයි වෙනස්. අනෙක ඔයා කොහොමද කියන්නෙ සියුස්, ඇතීනා වගේ අයව ඇදහුවේ නැහැ කියලා. අද ඒ චරිත වලට
    ඇදහුවත් දැන් අදහන්නේ නෑනේ.
    බටහිර ඒ වෙනස වුනාට ඉන්දියාවේ තාම එහෙම වෙනසක් වෙලා නැහැ. ඒකයි එතැන පවතින වෙනස.
     
    • Sad
    Reactions: Heshan Daminda