කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ දේශන ශාලාවකට කඩා වැදුණු එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එම දේශණයට සහභාගී වෙමින් සිටි දෙවැනි වසරේ සිසුවකුට පහරදී ඇතැයිද ඔහු පහරකැමෙන් වළකාලීමට ඉදිරිපත් වූ තවත් සිසුන් දෙදෙනෙකුටද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදී ඇතැයිද වාර්තා වේ.
පහර කෑමෙන් තුවාල ලත් එක් සිසුවකු කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට අනුයුක්ත රෝහලට ඇතුළත් කොට ඇති බවත් අනෙක් සිසුන් දෙදෙනා රත්මලානේ පිහිටි කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේදීම ප‍්‍රතිකාර ලබන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පරීක්‍ෂණ කටයුතු සිදුකරන හෙයින් වැඩිදුර තොරතුරු හෙළිවී නැතැයිද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කොතලාවල ආරක්‍ෂ විද්‍යා පීඨයේ උප කුලපති ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තම විද්‍යා පීඨයට පිටතින් පැමිණෙන සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට පහරදී ඇතැයි පැවසීය.
පහරදුන් සිසුන් පිරිස කවුරුන්ද යන්න මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව තම විනය මණ්ඩලය විසින් කඩිනමින් පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් මෙම සිදුවීමට සම්බන්ධ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
පහරකෑමට ලක්වූ බව කියන සිසුවකුගේ දෙමාපියන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මේ පිළිබඳව මාධ්‍යයට වාර්තා වවහොත් කොතලාවල ආරක්‍ෂ විද්‍යා පීඨයේ නමට කැළලක් වන බව පවසමින් පහරකෑමට ලක්වු සිසුන් රෝහල් ගතකොට ප‍්‍රතිකාර ලබාදීම පවා ප‍්‍රමාද කළ බව පැවසීය.
අනිවාර්යයෙන් කොනක ගෑනු පරානයක් ඇති


