ශ්‍රී ලංකාව
ඉතා අවධානම් මට්ටමකට ළගාවන ලකුණු...
️
ශ්‍රී ලංකාව කොවිඩ්-19 පළමු රැල්ල ඉතාමත් හොදින් පාලනය කළ රටවල් 10 අතරට ගියේ මරණ 13 ක් පමණක් වාර්තා කරමිනි. දෙවෙනි රැල්ලද සාර්ථකව පාලනය කළ හොදම රටවල් 10 අතරට ගියේ මරණ 600 ක් පමණක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම
මේ මොහොතේ කොවිඩ්-19 තෙවන රැල්ලකට මුහුණ දී ඇත්තේ සුපුරුදු කොව්ඩ් ප්‍රභේදය සමග නොව එහි විකෘති ආකාර කිහිපයක්ද සමගිනි. ඒනිසා එය ලෝකයටම අභියෝගයකි. ශ්‍රී ලංකාවේ දැන් සමාජය තුල ව්‍යාප්ත වන්නේ B.1.1.7 කොවිඩ් ප්‍රභේදය නොහොත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයයි. එම ප්‍රභේදයට කල හැකි දෙයට හොදම උදාහරණය වන්නේ අසල්වැසි ඉන්දියාවයි.
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 1466 කි. එමෙන්ම මරණ 6 ක්ද වාර්තා විය. මෙය ශ්‍රී ලංකාවෙන් එක්දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනද වේ. ඉදිරියේදී මෙය මීට වඩා ඉහළ යා හැකි බැවින් තම තමන් මූලිකව ආරක්ෂා වීම අතිශයින්ම වැදගත්වේ. මෙහිදී බොහෝදෙනාගේ මතයක් වනුයේ රට අගුළු දැමීම හෙවත් Lockdown කිරීම වැදගත් බවයි. ඔව් එය සැබෑවක්. බ්‍රිතාන්‍ය මෙය පාලනය කලේ සම්පූර්ණ අගුළු දැමීමකිනි. දිනකට බ්‍රිතාන්‍ය තුල 55 000 ක් වාර්තා වුවත් අගුළු දැමීමෙන් පසු මේවන විට ආසාදිතයින් 2 500 ක් රෝගීන් වාර්තා වීම මගින් එම ක්‍රමවේදය සාර්ථකව බව පෙනේ. නමුත් ශ්‍රී ලංකාව වැනි ඇ.ඩොලර් බිලියන 80 ක ධනයක් ඇති රටකට ඇ.ඩොලර් ට්‍රිලියන ගණනක වත්කම් ඇති රටක දෙයක් කිරීම ප්‍රායෝගිකව අපහසුය.
මේවනවිට කොවිඩ් ආසාදිතයින් සදහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඇදන් ගණනද ඉක්මවා ගොස් ඇත. කොව්ඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කළ හැකි උපරිම ඇදන් ගණන 15 000 ක් පමණ වන අතර මේවනවිට එයින් 9 900 ක් පිරී පවතී. මෙය තෙවන රැල්ලේ උපරිමය නොවේ, ආරම්භය පමණි. ඒනිසා ඉදිරිය අතිශය තීරණාත්මක බැවින් සැමදෙනාගේ වගකීම වන්නේ නිවැරැදි පුරුදු අනුගමනය කරමින් නිසි පරතරය තබා නිවැරැදිව මුහුණු ආවරණ
පැළද ගමන්බිමන් සීමා කිරීමයි. එය වගකීමක් නොවේ, ජාතික වගකීමකි.
__________________________
මොනවාද මේ කොවිඩ් ප්‍රභේද.?
කොවිඩ් ප්‍රභේද සියල්ලම වයිරස වේ. ඒනිසා ඒවා ගුණනය වන්නේ ( වැඩිවන්නේ ) සජීවී සෛල මත පමණි. කොවිඩ්-19 හි ප්‍රභේද ඇති වීම ආරම්භ වී ඇත්තේ 2020 මාර්තු මස සිට බවට වාර්තා පළවේ. කොවිඩ් ප්‍රභේද ඇතිවන්නේ වයිරස මධ්‍යයේ ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් වීමෙනි. එනම් එහි මධ්‍යයේ ඇති RNA වෙනස් වීමෙනි. සාමාන්‍යයෙන් ජීවින් තුල ඇත්තේ DNA හෝ RNA හා මේ දෙකමය. මිනිස්සුන් තුල ඇත්තේ ප්‍රධාන වශයෙන් DNA පමණි. DNA ද විකෘතිවලට භාජනය වන අතර RNA තරම් පහසුවෙන් සිදු නොවේ. මෙයට හේතුව DNA සෑදී ඇත්තේ දාම දෙකකින් වන අතර RNA සෑදී ඇත්තේ එක් දාමයකින් පමණක් වීම නිසාය. එබැවින් RNA විකෘති වීම පහසුය. විකෘතියක් යනු කුමක්ද යැයි සරලව කිවහොත් පරිණාමයයි. එනම් විකෘති මගින් බොහෝවිට මිනිසාගේ ශරීරයට පහසුවෙන් යාමට හැකිවෙන ලෙසට මෙම වයිරසය විකරණය වීමට අවශ්‍ය පරිදි විකෘති වීම සිදුවේ. මෙහි ඇති RNA හි රයිබෝ නියුක්ලියෝටයිඩ භෂ්ම අනුපිළිවෙල වෙනස් වීමෙන් කොවිඩ් ප්‍රභේදය ඇතිවීම සිදුවේ.
ශ්‍රී ලංකාවට පැමිණි කොවිඩ් දෙවන රැල්ලට වඩා තෙවන රැල්ලෙහි ඇති කොවිඩ් වයිරසය ඇත්තටම වෙනස්ද.?
ඔව් වෙනස්. දෙවන කොවිඩ් රැල්ල තුල තිබූ කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවටම ආවේණික වූ උදාසීන B.1.411 කොවිඩ් වයිරසය නිසා එහිදී මිනිසුන් තුල රෝග ලක්ෂණ හා මිය යෑමේ සම්භාවිතාවය අඩුය. නමුත් තෙවන රැල්ල හෙවත් මේ මොහොතේ සමාජය තුල ඇත්තේ B.1.1.7 කොවිඩ් ප්‍රභේදය බැවින් මෙය විකෘති වී ඇත්තේ බ්‍රිතාන්‍යයේය. මෙය දරුණු කොවිඩ් ප්‍රභේදයකි. ඉන්දියාව විනාශ කිරීමට බලපා ඇති වයිරසය වන්නේද B.1.1.7 වයිරසයයි. එබැවින් මේ මොහොතේ ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂා වීම අතිශය වැදගත්ය.
අලුත් විකෘති ප්‍රභේදයේ භෞතික ලක්ෂණ හා රෝග ලක්ෂණ වෙනස්ද.?
B.1.1.7 වයිරසයේ භෞතික ලක්ෂණ පෙර තිබූ වයිරසයට වඩා වෙනස්ය. එනම් පෙර තිබූයේ ඔටුන්නක
ආකාරයක ස්පයින් ප්‍රෝටීන වේ. නමුත් මේ වයිරසයේ ස්පයින් ප්‍රෝටීන තරමක් උල් ස්වාභාවයක් ගන්නා අතර එයින් මිනිස් ශ්වසන පද්ධතියේ ඇලීමේ හැකියාව වැඩි වී ඇත. ඒ නිසා සෛල තුලට ඉක්මනින් වයිරසය ඇතුල් වෙනවා. ඒ නිසා වයිරසය ගුණනය වේගවත් වන අතර ප්රචාරණයද වේගවත් වෙනවා. ඒනිසා පෙරට වඩා ඉක්මනින් රෝග ලක්ෂණ මතුවෙනවා, උග්‍ර වෙනවා, මරණ ප්‍රමාණයද වැඩිවෙනවා.
ලෝකේ භයානකම ප්‍රභේදය දැන් ලංකාවේ තියෙන කොවිඩ් ප්‍රභේදයද.?
මේ කොවිඩ් ප්‍රභේදය ඉතාමත් භයානක නමුත් මේ වයිරසය දැන් අප එන්නත් කර ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නතට හා එන්නත් කිරීමට නියමිත ස්පුටිනික් V එන්නතටද හොදින් මර්ධනය කල හැකි නිසා මෙය අපට පාලනය කල හැකිය. නමුත් දකුණු අප්‍රිකානු B.1.351 ප්‍රභේදය එන්නත්වලින් එතරම් බලපෑමක් ඇති නොවන අතර එය ඉතාමත් භයානක බව කිව හැකිය.
ඉන්දියාව තුල මේ කොවිඩ් ප්‍රභේදය විකෘති වූවා සේ අපේ රට තුලද මෙම කොවිඩ් ප්‍රභේදය විකෘති විය හැකිද.?
ඉන්දියාවට මුලින් පැමිණියේ බ්‍රිතාන්‍ය B.1.1.7 කොවිඩ් වයිරස් ප්‍රභේදයයි. එය මාස 3 කට ආසන්න කාලයකට පසුව එම ප්‍රභේදය E.484 Q කොවිඩ් ප්‍රභේදය බවට විකෘති වී ඇත. එය තවත් ප්‍රභේදයක් සමග විකරණය වී B.1.617 කොවිඩ් ප්‍රභේදය බවට විකෘති වී ඇත. එම ඉන්දියානු ප්‍රභේදය ජපානය, තුර්කිය යන රටවල්වලටද පැතිර ගොස් අවසන්ය. එමෙන්ම ශ්‍රී ලංකාව තුලදීද B.1.1.7 ප්‍රභේදය කාලයත් සමග විකෘති වනු ඇතැයි බිය පළ කරයි.
කොවිඩ් B.1.1.7 ප්‍රභේදය හමුවේ ලොව අනෙකුත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද.?
මෙම ප්‍රභේදයේ ආරම්භක රට වූ බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන් රට අගුළු දැමීම මගින් මාසයක් ඇතුලට මෙය පාලනය කළේය. තුර්කිය තුලද මේවනවිට වයිරසය පාලනයෙන් ගිලිහී ඇති මොහොතේ අද සිට මැයි 17 දක්වා සම්පූර්ණයෙන් අගුළු දැමීමකට යොමු වී තිබෙනවා. මෙම වයිරස කාණ්ඩයේ රෝගීන් 280 ක් වාර්තා වීමත් සමගම මැයි 1 සිට මැයි 11 වෙනිදා දක්වා රුසියාව රට අර්ධවශයෙන් වසා දැමීමකට යනු ඇත.
ශ්‍රී ලංකාව තුල මෙය මැඩපැවැත්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද.?
අප්‍රේල් 8 වෙනි දින මුල්වරට B.1.1.7 ප්‍රභේදය වාර්තා වීමත් සමග අවුරුදු කාලයේ සංචාරණ සීමා නොයෙදීම ඉතාමත් ගැටලු සහගතයි. ඒනිසා දැන් පාලනය කිරීම අපහසු වුවත් විශ්වවිද්‍යාලය හා පාසල් වසා, සංචරණ සීමා කිරීම පැසසිය යුතුය.
ශ්‍රී ලංකාව තුල මෙය පාලනයට පහසුකම් හා ඔක්සිජන් ප්‍රමාණවත්ද.?
ශ්‍රී ලංකාව තුල පවතින ICU ඇදන් ප්‍රමාණය ඉදිරියේදී ප්‍රමාණවත් නොවනු ඇත. සාමාන්‍යය ඇදවල් ගණනද ප්‍රමාණවත් නොවනු ඇත. නමුත් මේවනවිට සංචාරක හෝටල් හා යුධ හමුදා ගොඩනැගිලි ද මේ සදහා අවශ්‍ය වුවහොත් යොදාගත හැකි බව නිසා මේවනවිට ඒවා කළමනාකරණය වැදගත්ය. ඔක්සිජන් නිෂ්පාදනය වැඩිකිරීමට මේවනවිට පියවර ගනිමින් පවතිනවා.
- Supun Hirushka
-
#staysafe #stayhome #coronavirus #covid19
#worldhealthorganization #srilanka #supunhirushka #redalert #world