වසන්තගේ 33000 රෙද්ද ගම්මන්පිල කඩයි..

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    වසන්තගේ 33000 රෙද්ද ගම්මන්පිල කඩයි..


    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ.

    දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මා පිළිබඳ බොරු වැලක් ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්‍රිත අක්කර 33,000ක් ඇමෙරිකාවට බදු දෙන්න මා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    ඔහුගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක්. මා එවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකල බවත් ඉදිරිපත් කලා නම් එහි පිටපතක් පෙන්වන ලෙසත් මම ඔහුට අභියෝග කරනවා.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය විසින් 2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිමෙන් පෙනී යන්නේ 2003ට 35ක් එකතු කල විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් එතුමා නොදන්නා බවයි.

    ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කල යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනකය. එමෙන්ම ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක් නොමැති බවත් අක්කර 33,000ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙමි.

    සමරසිංහ මහතා සැබැවින්ම කර ඇත්තේ අධිවේගි මාර්ග සඳහා දරණ වියදම පාරේ රත්තරන් ගෑමට ප්‍රමාණවත් බවටත් කොළඹ වරාය නගරය සඳහා මුහුද ගොඩ කලොත් ලංකාවේ ගල් සියල්ල අවසන් වන බවටත් හම්බන්තොට වරායට නැව් ගෙන ඒමට නොහැකි බවටත් ප්‍රකාශ කල ජවිපෙ බොරු වැලට තවත් බොරු තුනක් එකතු කිරීම පමණි. එබැවින් බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කල අයුරින් යමෙකු පැවසූ පමණින් පිලිනොගෙන එහි සත්‍යාසත්‍ය බව විමසීමට ලක් කලේ නම් වසන්ත සමරසිංහ මහතාටත් ජවිපෙටත් මෙසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට සිදු නොවනු ඇත.

    උදය ගම්මන්පිල
    බලශක්ති අමාත්‍
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො

    කවද්ද පොන්නයෝ බංගලාදේශේ දකුණු ආසියාවෙන් අයින් කරේ?

    https://www.aa.com.tr/en/asia-pacific/bangladesh-starts-administering-pfizer-jabs/2290815


    දැන් බයි පොන්නයෝ ත්‍රෙඩ් දාල දුවනවා වැඩි වෙලා ඉන්නේ නෑ :rofl: