වසන්තට ඇප

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පුද්ගලයන් ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු වූ මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් "කංජිපානි ඉම්රාන්" රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (20) නියෝග කළේය.

    කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව මෙම සැකකරු එලෙස ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත .

    ඝාතනය කිරීම් සහ මරණීය තර්ජනය කිරීම් සිද්ධි වලට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ හතරක මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පැවති අතර එම නඩු සියල්ලට සැකකරුට ඇප හිමිව තිබිණි.

    මාකඳුරේ මධුෂ් යන පාතාල ක්‍රියාකාරිකයා ගේ දියණියගේ උපන්දින සාදයට ඩුබායිහිදී සහභාගිවී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත විනි.

    ඒ අනුව, වසර දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මෙම සැකකරු ඊයේ 20 ඇප ලබා ගැනීමෙන් පසු අධිකරනයෙන් නික්ම ගොස් ඇත්තේ වෙස් වළා ගැනීමෙන් අනතුරුව බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි .

    https://www.lankadeepa.lk/news/කංජිපානිට-ඇප/101-625539
     
    • Haha
    Reactions: kasunkaru