ව්‍යාජ ඔප්පුවකින් 36 ලක්ෂයකට ඉඩමක් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග
ව්‍යාජ ඔප්පු සකස්කර ඉඩමක් රුපියල් 36 ලක්ෂයකට බදු දී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (06) පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියේ පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළි කළා.
නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පු සකස්කර රුපියල් 36 ලක්ෂයකට බදු දී වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ වු කරුණු මත එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි එම නියෝගය කර තිබෙන්නේ.
ඒ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ වංචා විමර්ශන කාර්යාංශය එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
-
https://www.hirunews.lk/381176/ව්‍යාජ-ඔප්පුවකින්-36-ලක්ෂයකට-ඉඩමක්-වංචා-කළ-සැකකරුවන්-අත්අඩංගුවට-ගන්න-නියෝග
සැකකරුවන් = ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ, සිරිල් ආනන්දසිරි, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්ල සහ අමාලි කළුපහන
