කිවුවට තරහ වෙන්න නං එපා. ස්වාභාවිකව ඇතිවන යම් පිහිටීම් යම් විශේෂිත ලක්ෂණ තියෙන්න පුලුවන් මෙම ආදම්ගේ පාලම මිනිස් නිර්මාණයක් නොවේ. මම නං විශ්වාස කරන්නේ රාමායණය යනු වාල්මිකී විසින් ලියනු ලැබු එක් මනඃකල්පිත ප්‍රභන්ධයක් වන අතර රාවණා යනු එහි එක් චරිතයක් පමණයි. රාවණා යනු එම කතාවේ දුෂ්ඨයා ය. චිත්‍රපටියක් වුවත් රසවත් කිරීමට එහි දුෂ්ඨයාට විශේෂිත බලතල එම කතා රචකයා ලබා දෙනවා. මෙම කතාවේත් දුෂ්ඨයාට යම් විශේෂිත හැකියාවන් ලබා දීලා තියෙනවා. ඔලු 10ක් තියෙන ගුවන් යානා පාවිච්චි කරන කෙනෙක් විදියට.
රාවණාට දඬුමොණර නම් ගුවන් යානයක් තිබීම අපේ සිංහලයාට විශේෂ වුනා මක් නිසාද යත් aviation පටං ගත්තේ ලංකාවෙන් කියා උදම් අනන්න පුලුවන් නිසා
. පසුව ඔය රාමායණය සිංහල ජනශ්‍රතිය සමග මිශ්‍ර වුනා.
ලංකාවේ ඉතිහාසය ගැන නිල වශයෙන් පිලිගන්නේ මහාවංශය, දීපවංශය, චූලවංශය යන ග්‍රන්ථයි. මේවායේ ඇති දෑ 100% නිවැරදි නොවීමට පුලුවන. නමුත් මෙහි ඇති දෑ ලංකාවේ ඇති පුරාවස්තු සමඟ correlate වන නිසා අප හට එම ග්‍රන්ථ පිලිගැනීමට පුලුවන.
රාවණා රජ සමයේ තිබුණා යැයි කියන ඔය දඬුමොණරය, පලිඟු දොරවල් යෙදූ මහා මාලිගා සහිත සුපිරි ශිෂ්ඨාචාරයේ නටඹුන් ලෙස අඩුම ගනනේ ඇණයක් වත් තවම හම්බවෙලා නෑ නේද? ලංකාවේ විජය රජුට පෙර ජනාවාස තිබුනා යක්ෂ නාග ගෝත්‍රිකයන් ලෙස. බුදුබණේත් සඳහන් වන්නේ එලෙසයි. ලංකාවේ බලංගොඩ මානවයා වැනි ප්‍රාග් ඓතිහාසික ගොත්‍රික ජනාවාස තිබුන බවට සාක්ෂි එමට ඇත නමුත් ඒවා
රාමායණය වැනි වීරකාව්‍යයක් සමඟ පටලවා ගන්න එපා ඒවායේ රාමායණයේ සඳහන් වන ආකාරයේ සුපිරි සනාවාස නොවේ.
රාමායනය වැනි රසවත් ග්‍රීක වීර කාව්‍ය පවා ඇත නමුත් බටහිර මිනිසුන් වීරකාව්‍ය හා ඉතිහාසය යනු එකක් නොව දෙකක් ලෙස සලකිමට තරම් බුද්ධිමත්ය. අවාසනාවකට ලංකාවේ මෑතක සිට රාවණා ෆැන්ටසියක් ව්‍යාප්ත වෙමින් ඇත. බෞද්ධයන් වන අපට ඉන්දියානු මිත්‍යා විශ්වාස ඔලුවට දමා ගැනීමට අවශ්‍ය නැත.
රාවණා ෆැන්ටසියේ අතරමං වූ අය මට බැනීමට ද ඉඩ ඇත ඒ වගේම රෙපුත් කැපීමටද ඉඩ ඇත. නමුත් මා හට මගේ මතය ඉදිරිපත් නොකර සිටිමටද නොහැක.