වසර 148කට පසු

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සිලූටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරටදී පැටවුන් බිහි කරයි
    silitu1.jpg


    silitu2.jpg

    රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැටවුන් බෝ කර ඇති බවට වාර්තා වූ සංක්‍රමණික පක්ෂියෙක් වන සිලූටු දෑ තුඩුවා පක්ෂි විශේෂය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව උද්‍යාන භාරකරු අජිත් ගුණතුංග ප්‍රකාශ කළා.

    ඔහු කියා සිටියේ වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සඳහා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන බවයි.

    අදාළ පක්ෂි විශේෂය දැනට වාසස්ථාන ලෙස භාවිත කරන ප්‍රදේශය, බූන්දල ජාතික වනෝද්‍යානයේ සංචාරක ජිප් රථ ගමන් කෙරෙන අතුරු මාර්ගයකයි පිහිටා ඇත්තේ.

    කෙසේ වෙතත්, මේ වනවිට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වනෝද්‍යානය වසා දමා තිබෙනවා.

    එය යළි සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් පසුව ද සංචාරක ජිප් රථ ගමන් කෙරෙන අදාළ අතුරු මාර්ගය සිලූටු දෑ තුඩුවා පක්ෂින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසා තැබීමට පියවර ගන්නා බවයි උද්‍යාන භාරකරු අජිත් ගුණතුංග සඳහන් කළේ.

    සංක්‍රමණික පක්ෂියෙක් වන සිලූටු දෑ තුඩුවා බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැටවුන් බෝ කර ඇති බව පසුගිය 21 වනදා අනාවරණ වී තිබුණා.

    අදාළ සංක්‍රමණික පක්ෂි විශේෂය ශ්‍රී ලංකාව තුළ පැටවුන් බෝ කිරීම සිදුකර ඇත්තේ වසර 148කට පසුව වීම විශේෂත්වයක් බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේ.