වසර 35 පසු සෞදියට සිනමා ශාලා දොර හැරෙයි
වසර 35 කට පසු සවුදි අරාබියේ ප්‍රථම චිත්‍රපට ශාලාව එළැඹෙන 18 වැනිදා එහි අගනුවර වන රියාද් හිදී විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වසර 35 කට පසු සවුදි අරාබියේ ප්‍රථම චිත්‍රපට ශාලාව එළැඹෙන 18 වැනිදා එහි අගනුවර වන රියාද් හිදී විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘Black Panther’ එදින තිරගත වීමට නියමිය ප්‍රථම චිත්‍රපටය වේ.
70 දශකය වනවිට සවුදි අරාබිය සතුව සිනමා ශාලා තිබුණද, එවකට අරාබි කලාපය පුරා නැගී ආ අන්තවාදී ඉස්ලාම්වාදී බලපෑම් හේතුවෙන් බලගතු පූජකයින් ඒවා වසා දැමූහ.
වසර 2030 වන විට සවුදියේ නගර පුරා සිනමා ශාලා 350 ක් ඉදිකිරීමට අදහස් කරන බව එරට තොරතුරු දැනුම්දීමේ අමාත්‍යංශය පවසයි.
සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ක්‍රියාත්මක කරමින් සිටින සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල තවත් එක් පියවරක් ලෙස මෙලෙස සිනමා ශාලා විවෘත කිරීමට අදහස් කළ ඔහු පසුගිය සතියේ ලොස් ඇන්ජලීස් හිදී පවසා තිබුණි.
සෞදි ආරාබියේ සිනමා ශාලා පවත්වාගෙන යාම සඳහා වූ AMC ආයතනය වෙත බලපත්‍රය ලබාදීමේදී ගිවිසුමක් අත්සන් කරමින් ඔහු මේ බව පවසා ඇත.
AMC ලොව විශාලතම සිනමා ශාලා හිමිකාරීත්වය දරණ ආයතනයද වේ.
කෙසේවෙතත් ඉදිරි දස වසර තුළ සවුදි විනෝදාස්වාද ක්ෂේත්‍රය දියුණු කිරීමට තමන් අපේක්ෂා කරන බවද 2018 දී විනෝදාස්වාද වැඩසටහන් ප්‍රසංග වලට අවස්ථාව සැලසීමද ඔහුගේ අරමුණ වී ඇත.
එරට ආර්ථීකයේ පරිවර්තනයක් සිදු කරමින් වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම ඔටුන්න හිමි කුමරුගේ අපේක්ෂාව වී තිබේ. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී පළමු වතාවට සෞදි කතුන් සඳහා පාපන්දු තරඟ බැලීමට අවසර ඔටුන්න හිමි කුමරු විසින් ලබා දීමට කටයුතු කළේය.
උපුටා ගැනීම - www.her.lk