වසර_1200ක්_පැරණි_මිසර_නගරයක්_මධ්‍යධරණී_මුහුද&#

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
වසර_1200ක්_පැරණි_මිසර_නගරයක්_මධ්‍යධරණී_මුහුද&#




හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප‍්‍රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.

වසර සිය ගණනක් තිස්සේ ප‍්‍රවාදයක් පැවති මෙම නගරයට හෙරක්ලියන් යන නමට අමතරව තෝනිස් (Thonis) කියා ද කියනවා. ගිය දශකයේ මුල් හරියේදී තමයි, මේ පුරවස්තු මතු කර ගන්න පටන් ගත්තේ.

article-2336723-1A2CD4C4000005DC-72_306x423.jpg
article-2336723-1A2CD524000005DC-308_306x423.jpg
මෙහි දකුණේ පින්තූරයේ ඇති ඉපැරණි යෝධ ප‍්‍රතිමාව පාරා රජකුගේ. එය මධ්‍යධරණී මුහුදෙන් ගොඩ ගත් හෙරක්ලියන් නගරයේ නටබුන් අතර වූවක්. (වමේ) පින්තූරයේ ශිලා ලේඛන පුවරුව ඉදිරියේ ඉන්නේ මෙහි මුලිකත්වය ගත් ප‍්‍රංශ ජාතික සාගර පුරා විද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ (Franck Goddio) ඒ ලියැවිල්ල ගැන විස්තර කරමින්.

article-2336723-1A2CFD2B000005DC-0_634x419.jpg
ෆ්රෑන්ක් ඇතුළු කිමිදුම්කරුවන් පාරාවෝ ප‍්‍රතිමාව ගොඩ ගැනීමට පෙර පරීක්ෂා කරන අයුරු.

article-2336723-1A2CFDF0000005DC-793_634x399.jpg
තෝනිස් හෙරක්ලියන් රාජධානියේ ගලින් නිම කර තිබූ දෙවොල නටබුන්. මේවා ටොලමයික යුගයට අයත් යැයි සැලකේ.

දැන් අන්තර් ජාතික සාගර පුරාවිද්‍යාඥයන් පිරිසක් සැරසෙනවා, මේ සාගර පත්ලෙන් මතු වූ නගරයේ නටබුන් ප‍්‍රදර්ශනය කරන්න.

මේ නගරය ගැන ගී‍්‍රක ජාතික ඉතිහාසඥ හෙරඩෝටස් සිය ඉතිහාස විස්තරවලට ඇතුළත් කරල තියෙනවා, ට්‍රෝජන් යුද්ධයට පෙර හෙලන් රැජින සිය පෙම්වතා වූ පැරිස් කුමරු සමග හෙරක්ලියන් නගරයේ සංචාරයක යෙදුණු බව.

මේ නගරය ගැන ඒ තොරතුරු හැරෙන්නට කිසිම විධියක සාක්ෂියක් ඉතිරිව තිබුණේ වසර 2000 වන තෙක්. ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු යුරෝපීය සාගර පුරාවිද්‍යා විශ්ව විද්‍යාලයේ ප‍්‍රංශ පර්යේෂකයන් පිරිසක් විසින් මහමුහුද යටින් මේ නටබුන් මතු කර ගත්තාට පසුවයි, මේ කරුණු සනාථ වූයේ.

ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙනවා, ඇතන්ස් රාජධානියේ කිරුම් මිනුම් පඩි ඒ නටබුන් අතර තිබී හමු වූ බව. එයින් ඔප්පු වුණා, එය කලකට පෙර එහි වෙළඳ වරායක් පැවති බව.

එම පුරාවිද්‍යා වැඩ බිමේ කටයුතු කරන ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥවරියක වූ එලිසැබත් වැන් ඩ විල්ට් කියන්නේ, නැගෙනහිර මධ්‍යධරණී මුහුදු ප‍්‍රදේශයේ ඉතා ඈතට වෙළඳාම ව්‍යාප්තව පැවති බව දක්වන ඉතා හොඳ සාධකයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.

”වරාය පිහිටි නිම්නයේ කළ කැණීම්වලදී අපට හමු වුණා, ඊයම්වලින් තැනූ කිරුම් පඩි ගණනාවක්. ඒවා බදු ගෙවීමට හා භාණ්ඩ මිල දී ගැනීමට දේවාලවල පූජකයන් හා වෙළන්දන් භාවිත කළ ඒවා ලෙසයි, අපට පෙනී ගියේ.” ඇය ඒ ගැන සඳහන් කරමින් කීවා.

”මේ නටබුන් අතරින් ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් හමුවුණා. ඒවා නම් ඇතන්ස්වලට අයත් කිරුම් මිනුම් පඩි විශේෂයයි. ඒවා පළමුවරටයි, ලෝකයේ මේ කලාපයෙන් හමු වුණේ. මීට පෙර මිසරයේ (ඊජිප්තුවේ) කැණීම් තුළින් ඒවා හමු වී නැහැ.” ඇය තවදුරටත් කරුණු පැහැදිලි කළා.

මෙම කැණීම් සඳහා එක් වූ විද්‍යාඥ පිරිසට අයත් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සාගර පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ඬේමියන් රොබින්සන් ඬේලි ටැලිග‍්‍රාෆ් පුවත්පතට ඒ ගැන කීවේ මෙහෙමයි: ”අපි මේ ගොඩ ගන්නේ අතීතයේ පැවති ප‍්‍රධාන නගරයක නටබුන්. මේ බිමේ පුරාවස්තු විස්මිත ආකාරයට ආරක්ෂා වෙලා තියෙනවා. අපි දැන් උත්සාහ ගන්නේ ඒ කාලයේ ජීවිතය කෙබඳු දැයි සොයා බලන්නයි.

මේ ගී‍්‍රක නගරය කෙසේ මුහුදු බත් වීද යන්න තාමත් පුරාවිද්‍යාඥයන්ට ගැටලූවක්. ඔවුන් දැනට දරණ මතය අනුව මුහුදු මට්ටම ඉහළ යාමෙන් හදිසියේ ම මෙම නගරය මුහුදට බිලි වන්නට ඇති.

article-2336723-1A2CFE0D000005DC-514_634x409.jpg
අබුකීර් බොක්කේ මුහුද යට හෙරක්ලියන් නටබුන් අතර තිබී මේ යෝධ ප‍්‍රතිමාව හමුවුණා. එය රතු ගල් පාෂාණයෙන් නිම නළ එකක්.

article-2336723-1A2CD52F000005DC-480_306x423.jpg
article-2336723-1A2CFE81000005DC-236_306x423.jpg
(වමේ) මේ අයිසිස් (ෂිසි) දෙව්දුවගේ ප‍්‍රතිමාවත් ඒ බිමෙන් හමු වූවක්. (දකුණේ) හෙරක්ලියන් දෙවොල අලංකාර කළ රතු ගල් පාෂාණයෙන් නිම කළ මේ හාපි (Isis) දේව ප‍්‍රතිමාවත් ඒ නටබුන් අතරින් ගොඩ ගත්තක්.

article-2336723-1A2CCE8D000005DC-10_634x356.jpg
මේ දිය යටින් මතු කර ගත් නගරයෙන් හමු වූ පුරා වස්තු ළඟඳීම ප‍්‍රදර්ශනය කරන්න මෙහි කැණීම් කළ අන්තර් ජාතික පර්යේෂණ කණ්ඩායම කියනවා.

article-2336723-1A2CCE85000005DC-93_634x349.jpg
ගී‍්‍රක ඉතිහාසඥ හෙරොඩෝටස් (Herodotus) මේ හෙරක්ලියන් (Heracleion) නගරය ගැන සඳහන් කර තියෙනවා. ඒ ට්‍රෝයි නගරයේ හෙලන් රැජින ඇගේ පෙම්වතා වූ පැරිස් කුමරු ට්‍රෝජන් යුද්ධයට කලින් එහි පැමිණි බව සඳහන් කරමින්.

article-2336723-1A2CE956000005DC-269_634x557.jpg
ඇලෙක්සැන්ඩි‍්‍රයාවට නිරිත දිගින් සැතැපුම් 20ක් දුරින් මධ්‍යධරණී මුහුදේ යට මේ පැරණි වරාය නගරය පිහිටා තිබූ තැනයි, මේ.

article-2336723-1A2CCE59000005DC-561_634x362.jpg
අඩි 16ක් උස ප‍්‍රතිමා 16ක්, රන් කාසි, යෝධ ශිලා ලේඛන පුවරු රැසක් මේ ගොඩ ගත් පුරා වස්තු අතර වුණා.

article-2336723-1A2CCE73000005DC-752_634x355.jpg
මේ වරාය නගරය මුහුදු මට්ටම වෙනස් වීම නිසා කාලයාගේ ඇවෑමෙන් මුහුදු බත් වන්නට ඇතැයි සිතිය හැකියි.





ගත්තේ "මල් කැකුළු" එකෙන්...

 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    වටින නිවුස් එකක් මචං... තෑන්ක්ස් උඹට....