වස් වැසීමේ අරමුණ

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පිටකයේ සූත්‍රයක් හම්බුනා. වස් වැසීම ආරම්භ වෙච්ච විදිය ගැන.

    ඒ කාලෙ හාමුදුරුවරු සීසන් තුනේම වඩිනවලු, දානෙට බණට.

    ඉතින් වෙනත් ආගම් අදහන අය කියන්න ගත්තලු " බලපන්කො කුරුල්ලො පවා වැහි කාලෙට කූඩුවෙ ලගිනවා, හාමුදුරුවරු මේ චූටි සත්තු පවා පොඩි කරගෙන තණකොල පාගගෙන වැස්ස කාලෙ ඇවිදලා පවු කරනවා" කියලා. (ඒ කාලෙ අන්‍යාගමික දහම් අනුව චේතනාවෙන් තොරව වුනත් සත්තු මැරුනත්, ගහක කොලයක් කැඩුනත් පව් කියලා අදහලා තියෙන්නෙ)

    ඉතින් මේ හේතුවෙන් භික්ෂූන්ට නින්දා අපහාස කරන නිසා තථාගතයාණන් වහන්සේ වතක් පැනෙව්වලු වැස්ස කාලෙ ඇවිදින එක සීමා කරන්න.


    වර්ථමානයේ චේතනාවෙන් තොරව වුනත් සත්තු මැරුනත්, ගහක කොලයක් කැඩුනත් පව් කියලා අන්‍යාගමිකයොත් පිලි නොගන්න කාලෙක, අපි තවමත් තාර පාරවල් තියෙද්දීත් අර වත දිගටම කරගෙන යනවා.

    හැබැයි වස් කාලෙ මිනිස්සු පන්සල රෙපෙයාර් කරලා, බණක් අහලා දානයක් දෙන එක සෑාහන වටින නිසා ඔය සිරිත් ඔහොම්ම තිබුණාවෙ. නමුත් අරමුණ දැනගෙන අරුත දැනගෙන කරන්න ඕන.


    වස්සූපනායිකක්ඛන්‌ධකය


    1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වෙළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක.

    2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ.

    3. එකල්හි ඒ භික්‍ෂූහු හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්.

    4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) එකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (ඒ කූඩුවල) ඇලී වසන්නෝ ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නෝ ය. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්" යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.

    5. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ.

    6. එවිට භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

    7. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතුසේක.

    8. එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?" යි සිත් වි ය.

    9. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.

    10. එකල්හි “වස් එළඹීම් කෙතෙක් දැ?" යි භික්‍ෂූන්ට සිත් වි ය.

    11. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකෙකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි ඇසළ පුණු පොහෝදිනයෙන් පසුදිනයෙහි – අවපෑළවියෙහි – පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණුපොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යි.

    12. එකල්හි සවග මහණෝ වස් එළඹ වස් තුළ චාරිකාව කරත්.

    13. මිනිස්සු පෙර මෙන් “ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කෙසේ නම් චාරිකාවෙහි හැසිරෙත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ වැරදි සේ කියූ ධර්‍ම ඇත්තාහු වස් විසීමෙහි ඇලෙන්නාහු ය. උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (කූඩුවල) ඇලී වසන්නාහු ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නාහු ය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාව කෙරෙත්"යි අවමන් කෙරෙත්, නින්දා කෙරෙත්, දොස් කියත්.

    14. භික්‍ෂූහු අවමන් කරණ, අගුණ පතුරුවන, දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් වස් එළඹ වස තුළ චාරිකාව කරත් දැයි දැ?" යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.

    15. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ.

    16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය. යමෙක් චාරිකා කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැ” යි භික්‍ෂූන් අමතා වදාළසේක.

    17. එකල්හි සවග මහණෝ වස් එළඹෙන්නට නො කැමැති වෙති.

    18. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ."