දිට්ඨ ධම්මවේදනීය කර්මයට අනුව කළ උදවියට පළ දෙයි -
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයේ කනිෂ්ඨ කි‍්‍රකට් කණ්ඩායමේ සමාජිකයකු ව සිටි හෙතෙම, පසුව පාසල් රගර් කණ්ඩායමේ ශූර කී‍්‍රඩකයෙක් විය. රගර් පිටියේ මීටර් 50 - 60 දුර සීමාවේ සිට ගෝල් කණුවට ඉහළින් පන්දුව එල්ල කිරීමට ඔහු තරම් දක්‍ෂයෙක් එකල නොවී ය. ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද මෙරට අන්තර් සමාජ රගර් පිටියේ දක්‍ෂතම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයන් දෙදෙනා ගෙන් එක් අයකු ලෙස ද කීර්ති නාමයක් ඇති කර ගැනීමට හේ සමත් විය.
හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජයේ නිත්‍ය සාමාජිකයකු ව සිටි ඔහුට දේශීය රගර් පිටියේ වඩාත් ම ජනපි‍්‍රය කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ද හැකි විය.
එහෙත් 2012 මැයි 7 වනදා ඔහු හදිසියේ අභාවයට පත් වන්නේ මෙරට කී‍්‍රඩා ලෝලි ජනතාව කම්පාවට පත් කරමිනි. එසේ සිදු වූ මරණය සමාන්‍ය මරණයක් බව ද ඇතැම්හු එය ඝාතනයක් බව ද කී හ. අවසන වසීම් තාජුඞීන් නමැති මේ අසහාය රගර් කී‍්‍රඩකයා ගේ මරණය සාමාන්‍ය ලෙස සිදු වූවක් නො ව ඝාතනයෙකැ යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ ය. එසේ කළ ප‍්‍රකාශයේ කූටප‍්‍රාප්තිය වූයේ පසු ගිය 10 වැනිදා වසීම් තාජුඞීන් මහතාගේ දේහය දෙහිවල ජුම්මා මස්ජිඞ් දේවස්ථාන භූමියෙන් වැඩිදුර පරීක්‍ෂණ පිණිස ගොඩගැනීම යි. ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්, ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රවර්ශා රණසිංහ, අධිකරණ වෛද්‍යවරුන් වන සුනිල් හේවගේ සහ ජීන් පෙරේරා යන මහත්ම මහත්මීන් ගේ සහභාගිත්වයෙන් රහස් පොලිස් අධීක්‍ෂණය යටතේ තාජුඞීන් ගේ ඥාතීන් ඉදිරිපිට දී සිරුර ගොඩගැනීම සිදුවිය.
මෙකී ඝාතනය පිළිබඳව මේ වන විට විවිධ කටකතා ද විවිධ පුද්ගල නාම ද ඈදෙමින් ඇත. දේශපාලන වාසි උදෙසා ද මේ ඝාතන කි‍්‍රයාව යොදා ගැනීමට කැසකැවීම් ද සිදුවෙයි. මෙබඳු පසුබිමක දේහය භූමිදාන කිරීමේ සිට ගොඩගැනීම දක්වා කටයුතු සියල්ලට සහභාගි වූ වසීම් තාජුඞීන්ගේ මාමා වූ මොහොමඞ් ෆයාස් ලතීෆ් මහතා සිය ඥාති පුත‍්‍රයා ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉරුදින සමඟ විශේෂ සාකච්ජාවකට සහභාගි විය. තාජුඞීන් මහතා වෙනුවෙන් ද යුක්තිය ඉටු විය යුතු සියල්ලන් වෙනුවෙන් ද නීතියේ හා යුක්තියේ සාධාරණත්වය අපේක්‍ෂාවෙන් ද කිසිදු දේශපාලන වාසියක් හෝ පුද්ගලයකුට හානියක් නොවන අයුරින් ඔහුගේ අදහස් යොදා ගනු ඇතැ යි යන පූර්ව එකඟත්වයෙන් මේ සංවාද සටහන පළවෙයි.
* වසීම්ගේ මරණය ඝාතනයක් බව දැන් ප‍්‍රකාශ වෙනවා. තවත් අය මෙය සාමාන්‍ය රිය අනතුරක් බව කියනවා. වසීම්ගේ ළඟම ඥාතියෙක් විදියට ඔබ මෙය දකින්නේ කොහොමද?
වසීම් පවුලට ගොඩක් ළැදි කෙනෙක්. එයා නිතරම එයාගෙ ආච්චිව,අපිව බලන්න ආව ගියා.එයා නිතරම හිනා වෙලා හිටපු කෙනෙක්.වචනයක් එහා මෙහා වෙලා හිත් රිදීමක් වුණත් ඊළඟ දවසෙම එයා ආයෙ යාළු වෙනව.වසීම් පුතා ජීවත් වුණ විදියට එයාට කාත් එක්කවත් තරහ වෙන්න බෑ.අපි දන්න විදියට වසීම්ට තරහකාරයො හිටියෙ නෑ.ඒත් මේ සිද්ධියත් එක්ක,මාධ්‍යයේ පළ වුණ දේවල් එක්ක අපිටත් තේරුණා ඔහුත් එක්ක වෛරයෙන් කවුරු හරි ඉඳල තිබුණ බව.එදා හැප්පුණා කිව්ව කාර් එක තිබුණ විදියයි,ඒක ගිනිගෙන තිබුණ විදියයි එක්ක බැලූ වම එහෙම දෙයක් වෙන්න බැහැ.එහෙම කියන්න අපි විශේෂඥයන් නෙමෙයි.ඒත් අපටත් සාමාන්‍ය දැනීමක් තියෙනව.
* ඇයි ඒක සාමාන්‍ය රිය අනතුරක් වෙන්න බැහැ කියන්නේ?
ගිනිගෙන තිබුණා කියන කාර් එකේ ජායාරූප මාධ්‍යයේ පළ වුණා.කාර් එක පහළට ඇල වෙලයි ඒවායෙ තියෙන්නෙ.එදා උදේ පවුලෙ අයත්,මමත් එතනට යද්දි කාර් එකේ එක රෝදයක් විතරයි කානුවට වැටිල තිබුණෙ.අපි වසීම්ව එලියට ගන්න කාර් එකේ දොර කැඩුව.එහෙම කඩල වසීම්ව එලියට ගනිද්දි තමයි කාර් එක ජායාරූප වල තියෙන විදියට ගොඩක් ඇල වුණේ.ඒ වගේම ඒ අවට අනතුරක කිසිම සලකුණක් තිබුණේ නෑ. පාරෙ අයිනෙ තිබුණ පෙට්ටි කඬේට කිසිම දෙයක් වෙලා තිබුණෙ නෑ. කානුව අයිනේ තිබුණ එක ගලක් විතරයි ගැලවිලා තිබුණේ.මෙහෙම දෙයක් වෙන්න තරම් වේගයෙන් කාර් එක ආවා නම් කාර් එකට මීට වඩා ගොඩාක් හානි වෙන්න ඕන.එහෙම ලොකු හානියක් කාර් එකට වෙලා තිබුණේ නෑ. ඒ කානුවට සහ තාප්පයට හානි වෙන්න ඕනෑ. ඒත් එහෙම වෙලා තිබුණෙ නෑ.කාර් එක තිබුණ විදිය බලන්න. අනතුරකින් කාර් එකක් ගිනි අරන් මනුස්සයෙක් පිච්චිලා මැරුණ කියලා මීට කලින් මම අහල නෑ. පුතාගේ කාර් එක අනතුරට පත් වුණා කියන්නෙ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ලඟ. එයාගේ පර්ස් එක හම්බවෙන්නේ කිරුළපන ප‍්‍රදේශයෙන්. එකක් මම කියන්නම්. පුතා පර්ස් එකයි ෆෝන් එකයි අතේ තමයි ගෙනියන්නේ කොහේ ගියත්. කලිසම ඇන්ඳත් එයා ෆෝන් එකයි පර්ස් එකයි සාක්කුවෙ දැම්මේ නෑ.එයාගේ ෆෝන් එක ඇලූ මිනියම් කවරයක් එක්ක තිබුණ එකක්.ඒක කාර් එක ඇතුළෙම පිච්චිලා තියෙනව නම් කවරෙ හරි ඉතුරු වෙන්න ඕනෑ.ඒත් ඒක අද වෙනකම් නෑ.
* ඔහු එදින සාදයකට ගිය බවත්, ඒ එන අතරතුර සිදු වූණ බවත් ප‍්‍රකාශ වෙනවා. ඒක ඇත්තක් ද?
අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව. ඔවුන් ඉතා හො`දින් පරීක්‍ෂණ කරගෙන යනවා. ඉදිරියේ දී මේ සියල්ල හෙළි වේවි. පුතාට නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ළඟට යන්න කිසිම හේතුවක් නෑ.ගෙදර තියෙන්නෙ වැල්ලවත්තේ.එයා නාරහෙන්පිට පැත්තට යන්න අවශ්‍ය නෑ.අපි පවුලේ අය විදියට එයා එදා ගියපු තැන්වලින් ඇහුවා. එයා තව යාළු වෙක්ගේ ගෙදර කතා කර කර ඉඳලා එන ගමන් ඒ යාළු වාව බස්සගෙනයි. ඇවිත් තියෙන්නේ.
* එහෙම බැලූවාම මේ සියල්ල සැක සහිතයි ද?
ඔව්. එයා එදා බීආර්සී පිට්ටනිය ඉස්සරහ මහ පාරෙ උඩ තට්ටුවේ තියෙන ලාෆ් ෆුඞ් සිටි එකෙන් ලීටර් පහක වතුර කෑන් එකක් අරන් තියෙනවා. ඒක ගත්තු බිල පර්ස් එකේ තියෙනවා. එයා පස්සෙන් කවුරු හරි එන නිසා උඩ තට්ටුවට ගිහින් බැලූ වාද කියලා අපි දන්නෙ නෑ. ඒකෙ සීසීටීවී කැමරාවෙ තියෙනවා පුතා කාර් එකේ යනවා. ඒත් ඇතුළෙ කවුද හිටියේ කියලා පේන්නෙ නෑ.මේ දේවල් නිසා එදාම අපිට දැනුණ මේක රිය අනතුරක් නෙමෙයි කියලා.ඒ වගේම අපේ හිතටත් එහෙම දෙයක් දැනුණා.
* මේ සිද්ධිය වුණු දවසේ විශේෂ මොකුත් සිද්ධීන් සිදු වුණාද?
අපිට මේ සිද්ධියත් එක්ක ඕන වුණේ අපේ ආගමට අනුව වසීම් පැය විසිහතරෙන් භූමදානය කරන්න.ඒත් අපට ඕන විදියට අපේ පුතාගෙ මරණය ලැබුණෙ නැහැ.ඒ අය වසිම් අපට දෙන්න ප‍්‍රමාද කළා. මරණය අඳුරගන්න ගියපු වසීම්ගෙ සහෝදරියට ගොඩක් බලපෑම් සිදු වුණා.දෙවරක්ම ඇයගෙන් දිවුරුම් ප‍්‍රකාශ අරගත්තා.ඒ අවස්ථාවේ අපට ඕනෑ වුණේ ආගමානුකූලව ඉක්මනින් වසීම්ගේ අවසන් කටයුතු කරන්න.
* වසීම්ගේ සිරුරේ අස්ථි බිඳ්ම් සහ උල් ආයුධවලින් කළ තුවාල ඇති බව කියවෙනවා. එදා ඔබ එවැනි යමක් දැක්කාද?
මම තමයි වසීම්ගෙ අවසන් කටයුතු කරන අවස්ථාවේ ළඟ හිටියේ.පොලීසිය කියන විදියේ සලකුණු මෘත ශරීරයේ තිබුණා.බෙල්ල ළඟ සිදුරක් තිබුණා.ඉස්සරහ දත් හතරක් විතර කැඩිලා තිබුණා.කකුලේ කලව ප‍්‍රදේශයේ සිදුරු තිබුණා.එක කකුලක් කැඩිලා තිබුණා.
* රිය අනතුරු නිසා රථයේ යම් කොටස් ඇනුණා වෙන්න බැරිද?
කාර් එකේ දොර ගලවලා ඇතුළේ ඉඳපු වසීම් ගනිද්දි මම එතන හිටියා.අනතුර නිසා මෙහෙම තුවාල වුණා කියලා හිතන්න බෑ.කාර් එකේ කිසිම කොටසක් වසීම්ගේ ඇනිලා තියෙනවා අපි දැක්කේ නෑ.අපි දන්නවා මේ රටේ ඔනෑ තරම් රිය අනතුරු වෙනවා.ඒත් අපි කොහේද දැකලා තියෙන්නෙ මෙහෙම වාහන ගිනි ගන්නවා?අනතුරුවලදී එහෙම ඇනෙන්න දේවල් තියෙනව ද?
* ඇයි මේ සැක කටයුතු දේවල් පිළිබඳව එදා කතා නොකළේ?
එදා තිබුණ වාතාවරණය එක්ක අපි මේ ගැන කතා කරන්න ගියේ නෑ. පස්සෙ පස්සෙ අපිට විවිධ ආරංචි ලැබුණා.අපි පොලීසියට ගිහින් ඒවා කිව්වත් එදා කිව්වා මේක සාමාන්‍ය රිය අනතුරක් කියලා.
* සිරුර පසුගියදා ගොඩගනු ලැබුවා. එතෙන්දි සිරුර විශේෂ ආකාරයට භූමිදානය කර තිබුණ නිසා සිරුර දිරාපත් නොවී තිබු බව ප‍්‍රකාශ වෙනවා. එය සත්‍යයක්ද?
මෘත ශරීරාගාරයෙන් වසීම්ව අරගෙන අපි ගෙදර ගෙන ගියේ නෑ. කෙළින්ම පල්ලියටයි අරගෙන ගියේ. අපේ ආගමට අනුව සුදු රෙද්දකින් තමයි අපි මෘත ශරීරය ඔතන්නේ. කෝටිපතියටත්,හිඟන්නටත් පොදු ආගමානුකූල චාරිත‍්‍රයක් ඒක.සියලූ ම චාරිත‍්‍ර සාමාන්‍ය විදියට කළත් අපි සුදු රෙද්දෙන් වසීම්ව එතුවේ නෑ.අපි ආගමානුකූලව ජීවත් වන මිනිස්සු.අපි අපරාධ කරලා නෑ.අපි පව් නොකරපු මිනිස්සු. ඒ නිසා එදා මට ශක්තියක් තිබුණා වසීම්ගේ දේහය පොලිතීන් එකක ඔතලා භූමිදාන කරමු කියලා කියන්න.ඒ අනුව මම පල්ලියේ තවත් දෙදෙනෙකු සමඟ එකතු වෙලා සුදු පොලිතීන් ගෙනත්,ඒවා පටි කපලා වසීම්ව එතුවා.ඊට පස්සෙයි අපි සුදු රෙද්දෙන් එතුවේ.අද ඒක වසීම්ට සාධාරණයක් ඉටු කරන්න ලොකු වාසියක් වෙලා තියෙනවා.එහෙම ඔතපු නිසා දේහය හොඳින් තිබෙන බව පහුගියදා ආව නිලධාරීන් අපට කිව්වා.
* සිරුර භුමිදානය කර තිබූ ස්ථානයත් යම් සුවිශේෂි බවක් ගෙන තිබුණා. ඒ පිළිබඳවත් විවිධ මත පළවෙනවා?
අපේ ආගම අනුව කියනවා එහෙම ගහක් සිටෙව්වාම ඒ පුද්ගලයාට සෙවණ ලැබෙනවා කියලා.තවත් පැත්තකින් ඒක ඔහු වෙනුවෙන් කරන යාච්ඥාවක් වගේ.වසීම් භූමදානය කරපු තැන කොහොඹ ගහක් ඉන්ඳුවේ අපේ බාල මල්ලී.එයා හරිම ආදරෙයි නිතරම හිනා වෙලා ඉඳපු වසීම් පුතාට.අපි වසීම් පුතාට කොච්චර ආදරේ කළාද කියනව නම් ඔහුගෙ මරණයෙන් පස්සෙ ඉපදුණු මගේ පුතාට වසීම්ගෙ නම තිබ්බා.එදා වසීම්ගෙ සොහොනෙ ඉන්ඳපු ගහ මේ තරම් කෙටි කාලයකදි ගොඩක් උසට හැදිල තිබුණේ අපිට හිතාගන්න බැරි විදියට.
* මෙය ඝාතනයක් බව ප‍්‍රකාශ වී අවසන්. එහෙනම් එය කරන්න ඇත්තේ කවුද?
අපටත් දැනගන්න ඕනෑ වුණේ මේක රිය අනතුරක්ද,ඝාතනයක්ද කියලා. දැන් මේක ඝාතනයක් කියලා පොලිසිය ප‍්‍රකාශ කරනවා. අපිට මේකේ අවසානය කියන්න ඕනෑ මේ අයමයි. වසිම් මේ රටේ පුරවැසියෙක්,ප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩකයෙක්.අපිට දැන ගන්න ඕනෑ මේක ඝාතනයක් නම් කළේ කවුද,කොහොමද කළේ කියලා.අපේ පවුලේ කිසිම කෙනෙක් අද වෙනකම් කාටවත් චෝදනා කරලා නෑ.වසීම්ගේ මාමා හැටියට මට සැකයක් තිබුණා මේ මරණය පිළිබඳව.ඒ කාලෙ ඔහුගේ දෙමාපියන්ට පොලිසිය දිගින් දිගටම පැහැදිලි කළේ මේක සාමාන්‍ය රිය අනතුරක් කියලා. ඒ නිසා ඔවුන් ඒක ඒ කාලයේ පිළිගත්තා.නමුත් අපි දැන් බලාගෙන ඉන්නවා මේකෙ ඇත්ත දැන ගන්න.
* මේ සිදු වීම මැතිවරණය සඳහා පාවිච්චි වන බවට චෝදනා එල්ලවෙනවා. වසීම්ගේ සහෝදරයා මෙය සාමාන්‍ය රිය අනතුරක් බව ප‍්‍රකාශ කර ඇති බවත්, පවුලේ අය මෙම පරීක්‍ෂණවලට සහයෝගය නොදෙන බවත් කියවෙනවා. ඒක ඇත්තද?
මාධ්‍යයට අපි විශේෂයෙන් ස්තුති කරන්න ඕනෑ.ඔවුන් තමයි මේක දිගින් දිගටම ප‍්‍රශ්න කරමින් මේකෙ සැඟවිලා තියෙන දේවල් එළියට ගෙන ආවේ.මාධ්‍යයේ මේ හැසිරීමත් එක්ක පහුගිය රජය නිහඬව හිටියට මේ රජයට නිහඬව ඉන්න බැරි වුණා.වසීම්ගේ සිද්ධිය නැවත සොයන බව විෂයභාර අමාත්‍යවරයා කිව්වාම මම මාමා හැටියට ලිඛිතව නැවත පැමිණිලි කළා වගේම ස්තුති කළා.වහල තිබුණ පරීක්ෂණය නැවත ආරම්භ වුණා.ඒ සඳහා පවුලේ පූර්ණ සහාය දෙන බව අපි කිව්වා.නමුත් ජන්ද වාසි තකා වෙනත් අය කියනවා මේක ජන්දය ලබා ගන්න කරන පරීක්ෂණයක් කියලා.ඒ වගේම පවුලේ අයගේ සහයෝගය නෑ කියනවා.ඒ සියල්ල බොරු.මේක සාමාන්‍ය මරණයක්,දේශපාලනයට ගාවන්න එපා කියලා වසීම්ගේ සහෝදරයා සමාජ වෙබ් අඩවියක දාලා තියෙනවා කියලා මම දැක්කා විපක්ෂයේ මංත‍්‍රීවරු කියනවා. ඒක අසත්‍යයක්.ඒ කාළයේ මේක සාමාන්‍ය මරණයක් බව කිව්ව නිසයි වසීම්ගේ සහෝදරයා ඒක දාලා තිබුණේ.වසීම්ගේ සහෝදරයා සිදුවීම වුණ කාලයේ ලංකාවේ හිටියේ නෑ. ඔහු එද්දී අවසන් කටයුතු සිදු කරලා ඉවරයි.අද ඔහු මේක මරණයක් බව කියමින් අඬනවා. 2012 අවුරුද්දේ දාපු එකක් අරගෙන තමයි මේ අය ඒක ඡුන්දය වෙනුවෙන් පාවිච්චි කරන්නේ.
* මේ සිදුවීමත් සමඟම ප‍්‍රබල දේශපාලන පවුලක සාමාජිකයන් ගේ නම් කියැවෙනවා. වසීම් සහ ඔයකියන පවුලේ සාමාජිකයන් අතර ගැටුමක් තිබූ බව කියනවා?
වසීම් හැම දෙයක්ම වගේ කියන්නේ එයාගෙ අක්කට.මේ සිද්දිය වුණාට පස්සෙ යන කට කතා ගැන මම මාමා විදියට ඒවා ගැන ඇහුවා. ඔය කියන පවුලේ අය මෙයා දක්ෂ රගර් ක‍්‍රීඩකයෙක් නිසා වෙන වෙන කණ්ඩායම්වලට සෙල්ලම් කරන්න එන්න කියල තියෙනවා. සී.එස්.එන් එක හැව්ලොක්ස් ගන්න ගියා. තව එයා ඒකට විරුද්ධව කතා කළා කියලා වගේ පොඩි පොඩි සිද්ධීන් වසීම් එයාගෙ අක්කට කියලා තියෙනවා ඒ කාලයේ.
* වසීම්, සමඟ කියැවෙන අනිත් නම යසාර අබේනායක. මේ අය අතර තිබෙන සම්බන්ධය මොකක්ද?
අපේ පුතා හරි කඩවසම්. ඒ වගේම ප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩකයෙක්. කෙල්ලො එයාට වහ වැටිලා ඉඳලා තියෙනවා.ඒවා තරුණ වයසේ සිදු වන සිදුවීම්. වසීම් ඒවා එයාගේ අක්කා එක්ක කියනවා.යසාරා අබේනායක එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා වසීම් එයාගෙ අක්කා එක්ක කියල නෑ.වසීම් මල්ලී යසාරා එක්ක ඉන්න ෆොටෝස් ෆේස් බුක් එකේ තියෙනව දැකලත් නෑ,මල්ලි එහෙම දෙයක් කවදාවත් කියලා නැති නිසා එහෙම දෙයක් විශ්වාස නෑ කියලායි වසීම්ගේ අක්කා කියන්නේ.ඒත් ඒ කාලේ යසාරා වැඩ කරපු සී.එස්.එන් නාලිකාවෙන් කතා කළාලූ වසීම්ගේ ක‍්‍රීඩා කටයුත්තකට.ඒත් පුතා බැහැ කියලා තියෙනවා.අපි කියන්න දන්නෙ නෑ මේ මේ අය මේක කළා මේ මේ අය සැකයි කියලා. අපි මේ රටේ නීතිය විශ්වාස කරමින් යුක්තිය ඉටු වන තුරු බලා ඉන්නවා.
* මේ වන විට වසීම් තාජුඞීන් පක්‍ෂ විපක්‍ෂ දෙකේම ප‍්‍රධාන මාතෘකාවක්. පවුලේ උදවිය නිහඬ බව ප‍්‍රකාශ වෙනවා. මෙය දේශපාලන වාසි සඳහා යොදාගන්න කාරණාවක් පමණක්ද?
මමවත්,පවුලේ අයවත් පසුගිය 9 වැනිදා වෙනකම් මේ පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ කළේ නැහැ.අපිට මේක දේශපාලනය සම්බන්ධ කරගන්න හෝ කිසිම පුද්ගලයෙකුට චෝදනා කරන්න හෝ අවශ්‍ය වුණේ නැහැ. නීතියෙන් ක‍්‍රියාවලියක් සිදු වන නිසා අපි නිහඬව සිටියා. ඒත් විපක්‍ෂයේ මන්ත‍්‍රිතුමන්ලා 8 වැනිදා මාධ්‍යයට කිව්වා මේක සාමාන්‍ය මරණයක්,පවුලේ අය මේ ගැන කිසිවක් කියන්නෙ නෑ,පවුලේ අය මේක සාමාන්‍ය මරණයක් බව කියනවා කියලා.ඔහු කියනවා එදා අපේ පුතා තවත් යාළු වෙක් එක්ක බීලා තිබුණා කියලා.ඒවා බොරු.
පුතාව ඝාතනය වෙලා තියෙනවා කියල කියද්දිත් මෙහෙම අපහාස කිරීම කනගාටුදායකයි. මගේ පුතාගෙ මිනිය විකුණන්න අපිට කිසිම දේශපාලන වාසියක් ගන්න ඕනෑ නෑ. ඒ නිසා මෙතෙක් කල් නිහඬව හිටපු මම 9වැනිදා මේ පිළිබඳව ප‍්‍රකාශයක් කළා.ඒ වගේම හිටපු ජනාධිපති කිව්වා එතුමාගේ කාලයේ වුණ මේ අභිරහස් ඝාතනය ගැන එතුමා බලයට ආවොත් නැවත පරීක්ෂණ කරනවා කියලා.එතකොට එතුමාත් මේක ඝාතනයක් බව පිළිගන්නවා.මේක ඝාතනයක් බව ඔහුගේ ප‍්‍රකාශයෙන්ම තහවුරු වෙනවා.ඒ වගේම පසුගිය සතියේ පුවත්පත් වාර්තා කරලා තිබුණා හිටපු ජනාධිපති ආර්්‍යාව යටතේ තිබුණ වාහනේකින් තමයි අපේ පුතාව ගෙනිහින් තිබුණේ කියලා.අපිට මේවා ගැන හරියටම කියන්න බෑ. අපි ඉල්ලන්නේ සාධාරණය.මේකට කිසිම දේශපාලනයක් නෑ.
* අවසාන වශයෙන් ඔබ කීමට ඇත්තේ කුමක්ද?
අපේ ආගම අනුව අපි ඉපදෙන කොටම අපේ මරණයත් ලියවෙනවා කියල විශ්වාස කරනවා. නමුත් මේක ඝාතනයක්. පුතා රිය අනතුරකින් මැරුණා නම් ඒක අනතුරක් කියල හිත හදාගන්න තිබුණා. එක්කෝ එක වෙඩි පහරකින් මැරුණා නම් මේ තරම් දුකක් නෑ. ඒත් දෙන්න ඕනෑ හැම දස වදයක්ම දීලා මරනවා නම්? මේවා කරන උදවියට දරුවන් ඉන්නවාද කියල අපිට හිතාගන්න බෑ. නීතිය සාධාරණව ඉටු වනතුරු අප බලා සිටිනවා. බුදු දහමේ තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියල දෙයක්. ඒ අනුව මේවා කළ උදවියට ඒ ඒ ඵලවිපාක ලැබෙයි.
ඉරුදින - 16/08/2015
කසුන් පුස්සෙවෙල

අනේ හුකේ