වසු පැටියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    බලන්නකෝ මෙයා බල්ලෙක් කියලා හිතාගෙන කරන වැඩ :rofl:

    newtech-Medium-696x369.jpg


    නමින් Goliath වන මේ වසු පැටවා හැසිරෙන්නේ බලු පැටවෙකු යැයි සිතාගෙන බව වාර්තා වනවා. ඔහුගේ හිමිකාරිය වන කැලිෆෝනියාවෙහි ජිවත් වන 17 හැවිරිදි Shaylee Hubbs ට අනුව මීට මාස දෙකකට පමණ ඉහතදී සත්ව ගොවිපලක ඝාතනය කිරීමට සිටියදී මොහුව බේරා ගෙන තිබෙනවා. මෙම සත්වයාව ඔවුන් ලබා ගන්නා විට දුර්වල මට්ටමේ සිටියත් දැන් ඉතා හොඳ සෞඛ්‍යය තත්වයෙන් සිටිනවා.

    එකම ගැටලුව මේ සත්වයා තමා ගවයෙකු ලෙස නොසිතීම බවයි ඇය පවසන්නේ. ඔවුන්ගේ නිවසේ සිටින සුනඛයන් සමඟ ඇතිදැඩි වීම නිසා මෙය සිදු වෙන්නට ඇති බවයි ඔවුන්ගේ විශ්වාශය.


    I’M PRETTY SURE HE THINKS HE’S A DOG, HE WAS RAISED WITH OUR THREE DOGS, AND HE’S AROUND THEM EVERY DAY. THEY CHASE AND PLAY TOGETHER, HE WATCHES HOW THEY EAT THEIR DOG FOOD AND DRINK WATER FROM THEIR BOWLS AND COPIES THEM AND HE EVEN LAYS IN THEIR DOG BEDS. HE EVEN LOVES SCRATCHES ON HIS NECK AROUND HIS EAR.

    Goliath ගේ ඡායාරූපයක් Twitter හි පළ කර තිබු අතර එයට විශාල අවධානයක් යොමු වෙලා තිබෙනවා.


    ht_goliath_cow03_hb_15110_4x3_992.jpg



    ht_goliath_cow04_hb_15110_4x3_992.jpg



    ht_goliath_cow_hb_151105_4x3_992.jpg