වස විස වලකමු

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වසක් විසක් ශරීර ගත වුනොත් කෙනෙක්ට මොකක්ද හිතෙන්නේ.
    stqx989luzuvkvcv5b830a58a6120.jpg

    බයක් එක්ක ඕන කෙනෙක්ට කලයුතු දේවල් අමතක වෙනවා.

    වස විස හරිර ගත උනාම කරන්න අනිවාර්යෙන්ම රෝගියාව රෝහල් ගතකරන්න ඕන.ඊට අමතරව ඔබ කලයුතු වැදගත් දේවල් ගොඩක් තියනවා.

    වස විස ශරීර ගතවන ක්‍රම කීපයක් තිබෙනවා.

    වස පානය මගින්.ඒ කියන්නේ මුඛයෙන්.
    සමේ තැවරීමෙන්.මෙහිදී සෙමින් ශරීර ගත වේ.
    ඇස් වල තැවරීමෙන්
    වස ආශ්වාසය කිරීම මගින්.
    වස පානය කල පුද්ගලයෙක් උනත් අනික් විදි වලටත් ශරීර ගත වෙන්න පුළුවන්.

    වස පානය කල රෝගියෙක් නම් වතුර ස්වල්පයකින් කට සෝදවන්න.වස සමේ තැවරී ඇතිනම් ගලා යන ජලයෙන් සෝදා හරින්න.

    වස ඇස් වල තැවරී ඇතිනම් මේ ආකාරයෙන් සෝදා හරින්න.

    රෝගියාගේ ඇදුම් ඉවත් කිරීමත් වැදගත්.මොකද වස ඇදුම් වල තැවරී තියෙන්න පුළුවන්.

    වස පානය කල පුද්ගලයා වහාම එම ස්ථානයෙන් ඉවත් කරන්න.මන්ද ඉතිරි වූ විස ආශ්වාසය මගින් නැවත ශරීර ගත වෙන්න පුළුවන්.

    එන්නත් කිරීම මගින් වස ශරීර ගත වී තිබේ නම් එන්නත් කරගත් අත සොලවන්න එපා.වස උරන්න යන්නත් එපා.සම්බාහනය කරන්න යන්න්නත් එපා.

    වස ශරීර ගත කරගත් පුද්ගලයා ගැන පමණක් නොවේ.ඔබේ ආරක්ෂාවත් වැදගත්.මොකද ප්‍රථමාධාර දෙන්නට යාමෙන් ඔබටත් සුළු ප්‍රමාණයකින් හෝ වස ශරීර ගත වෙන්න පුළුවන්.
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කිසිම දෙයක් දෙන්න එපා.සමහරු මත්පැන් දෙනවා.එකත් වැරදි

    තනුක කරන්න දෙන දේවලට සමහර විට වෙන හානිය වැඩි වෙන්න පුළුවන්.හිතන්න ආම්ලික වසක් තනුක කරන්න භාෂ්මික දෙයක් දුන්නොත් අම්ල භාෂ්ම ප්‍රත්ක්රියාවෙන් අම්ල ගතිය නැතිවෙයි.නමුත් ප්‍රතික්‍රියාව නිසා තාපයක් හට ගන්නවා.ඒ තාපය නිසා ශරීර අබ්යන්තරට හානි වෙන්න පුළුවන්