ලංකවේ කරපිංචා ප්‍රබේද අටකට වඩා තියනවලු.
මම හිතුවේ හැම කරපිංචා ගහක්ම එකයි කියල.
මම හිතුවේ හැම කරපිංචා ගහක්ම එකයි කියල.

දොරකඩ මිදුලේ තැනූ ගස යන අන්වර්ථ නාමයෙන් හෙළ වෙදකමේ පැදිවල හමුවන කරපිංචා ආහාර රසකාරකයක් ලෙස අපගේ ආහාර වේලෙහි අනිවාර්ය අංගයක් වන්නේය. කරපිංවා ඖෂධීය වටිනාකමෙන් ද ඉතා ඉහළ අගයක් ගන්නා ශාකයකි. ගෘහණියන්ට බෙහෙවින් අවැසි ශාකයක් බැවින්ම ගම්බද සෑම නිවසකම මෙන්ම නගරබද ඉඩකඩ අඩු ගෙවතු වලද පෝච්චියක හෝ සිටුවා නිවෙස් අසලම රැක ගන්නට ගෘහණියෝ අමතක නොකරති.
දිනපතාම අපගේ බත් පතෙහි දක්නට ලැබෙන මෙම කොළ වර්ගය අහරට නොගෙන එක් පසෙක ගොඩ ගැසීම අප බොහෝ දෙනෙකුගේ සිරිතයි. එහි ඇති ඖෂධීයමය හා පෝෂ්‍ය ගුණය පිළිබඳව මදක් හෝ ඔබ දැනුවත් නම් එය එසේ නොකරනු ඇත.
කරපිංචා පත‍්‍ර ප්‍රෝටීන්, මේදය, පිෂ්ඨ පදාර්ථ, තන්තු, ඛණිජ ලවණ, විටමින (විටමින් A,විටමින් B, සංකීරණ විටමින් C), මෙන්ම කැල්සියම්, පොස්පරස්, යකඩ ආදී පදාර්ථ වලින්ද සමන්විත වේ. එය සෞඛ්‍ය සඳහා හිතකර ආහාරයක් නිසාම වැඩෙන දරුවන්ගේ සිටම මෙය ආහාරයට ගැනීමේ පුරුද්ද ඇති කිරීම ඉතා වැදගත්ය.
මීටර් 5 ක් පමණ උසට අතු පතර විහිදී වැඩෙන ශාකයක් වන මෙහි තද කොළ පැහැ කුඩා පත‍්‍රිකා වලින් සැදුම් ලත් පත‍්‍ර වේ. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව නිජ බිම කරගත් මෙම ශාකය බොහෝ නිවර්තන රටවල වගා කෙරේ. විශේෂයෙන් ම වියළි කලාපික දේශගුණය මෙම ශාකයේ වර්ධනයට ඉතා හිතකර වේ.
ලංකාවේ බොහෝ ගෙවතුවල කරපිංචා ශාක සුලබව දක්නට ලැබුණත් කරපිංචා සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතිනවා. මෙම ශාක අපට ඉතා පහසුවෙන් සිටුවාගන්න පුළුවන්. කරපිංචා ප්‍රධාන වශයෙන් ප්‍රචාරණය සිදුවන්නේ බීජ මගිනි. මෙහි හටගන්නා ඉදුණු බීජවල මාංශල කොටස් ඉවත් කර එහි ඇටය වැලි තවානක සිටුවීම මගින් අපට ඉතා පහසුවෙන් සාර්ථක කරපිංචා පැළ සාදා ගන්න පුළුවන්.
අප සිටුවන කරපිංචා පැළ හොඳින් හිරුඑළිය වැටෙන ස්ථානයක පැළ කර ගැනීම මගින් පත්‍රවල හටගන්නා දිලීර රෝග තුරන් කර ගැනීමට පුළුවන්. එමෙන්ම ගස කප්පාදු කිරීම මගින් වැඩි අතු ප්‍රමාණයක් සහ කොළ ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවන්.
කරපිංචා ශාකය වියළි කලාපයේ හොඳින් වර්ධනය වෙනවා. ලංකාවේ කරපිංචා ප්‍රභේද විවිධ නම් වලින් හඳුන්වනවා. දඹුල්ල, කැකිරාව වැනි ප්‍රදේශවල මාළු කරපිංචා, වල් කරපිංචා, ගොං කරපිංචා යනාදිය බහුලව දක්නට ලැබෙනවා. වන්නි කරපිංචා නම් වර්ගය පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මාතලේ වැනි ප්‍රදේශවල දකින්න පුළුවන්. උඩරට කරපිංචා නම් වර්ගය දක්නට ලැබෙන්නේ නුවර, කුරුණෑගල, රත්නපුර, මාතලේ වැනි ප්‍රදේශවලයි. ඇතැම් කරපිංචා වර්ග ගම්වල නමින්ද හඳුන්වනවා. උදාහරණ ලෙස ගිරිතලේ කරපිංචා, ලග්ගල කරපිංචා, බිංතැන්න කරපිංචා යනාදිය පෙන්වා දෙන්න පුළුවන්.
හි ඇති ඖෂධීය ගුණ මහිමය ගැන කතා කළොත් ආහාර අජීර්ණය, කෑම අප්‍රිය වීම, බඩගින්න නැතිකම, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම ආදී අවස්ථා තුරන් කිරීමේ හැකියාව කරපිංචා සතුයි.
ඒ වගේම වස විස ශරීර ගතවූ අවස්ථාවලදීත්, සර්පයෙකු දෂ්ට කළ විටත් පණුරෝග, වමනය, කරකැවිල්ල ආදී රෝගාබාධවලදීත් කරපිංචා විවිධාකාරයෙන් යොදා ගැනෙනවා. වාතය සහ සෙම සමනය කිරීමේ ගුණයද කරපිංචාවල අන්තර්ගතයි. කරපිංචා කොළ යුෂ අක්මාව විෂයෙහි හොඳින් ක්‍රියාකරනවා. එමෙන්ම කුසගිනි ඇතිකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය මනා පාලනයට යටත් කිරීමටද හිසකෙස් පැසීම වළක්වා ලීමටද කරපිංචා උපකාරී වෙනවා.
වර්තමානයේ වසංගතයක් ලෙසින් පැතිරයන කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය සඳහා අතිශයින් සුදුසු ඖෂධයක් ලෙස කරපිංචා හඳුන්වා දෙන්න පුළුවන්. කරපිංචා සතු කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ විස්මිත ගුණය නවීන විද්‍යාවෙන් පවා තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් ඖෂධ නිෂ්පාදනය සඳහාද කරපිංචා බහුලව භාවිත කරනවා..