වහනයක් ගමු

aruna47

Well-known member
  • ouladp31a6a.gif

    oaplud31a70.gif


    ලංකාවේ පාවිච්චි කරපු වහනයක් ගමු

    ඔබට බැලිය හැකි දේවල්

    එන්ජිම

    පණගැන්වීමට පෙර

    -බලන්න එන්ජිමේ ඔයිල් level එක
    හරිනම්- අයිතිකරු විසින් අවශ්‍ය ප්‍රමාණයට පුරවා ඇත.
    හරි නැත්නම්- අයිතිකරු පුරවා නැහැ. එක්කෝ එන්ජිමේ එන්ජින් ඔයිල් පිච්චෙනවා හෝ වෙන දෙයක්.

    තෙල්වල පාට

    ලා දුඹුරු හෝ පාටක් නැත- එන්ජිම හොද තත්වයේ ඇත.
    කළු නම්- එංජිමේ ප්‍රශ්න ඇත හෝ කලට වෙලාවට සර්විස් කරලා නැහැ.
    මතක තියාගන්න ඩිසල් වාහනයක තෙල් තද දුඹුරු හෝ කළු පාට


    පණගැන්වීමේන් පසු
    වාහනය හොදින් ස්ටාර්ට් උනාද?
    ඔව් නම් ප්‍රශ්නයක් නැහැ
    නැත්නම් ප්‍රශ්ණය බැටරියේ/එංජිමේ/ස්ටාටර් මොටරයේ හෝ වෙන දෝෂයක්

    වහනය පනගන්වුවාට පසුව සුදු දුමක්, කළු දුමක්, නිල් පාට දුමක් හෝ අළු පැහැති දුමක් එනවා නම් එංජිමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තෙල් පිච්චෙනවා හෝ අබලන් වූ එන්ජිමක්

    මතක තියාගන්න ඩිසල් වාහන වල කළු දුම පොඩ්ඩක් දානවා විශේෂයෙන් accelerate නොකර තියෙන අවස්ථාවේත්.

    වාහනයේ උෂ්ණත්වය හරි ආකාරයට තියෙනවද බලන්න උඩටත් නැතිව යටටත් නැතිව මැද

    වහනය පණගන්වා idle අවස්ථාවේදී බලන්න ගෝෂාකාරී ශබ්ද,දෙදරුම් හෝ වෙන අමුතු සද්ද එනවද කියලා. හුගක් වෙලාවට එහෙම සද්ද එනවා නම් ප්‍රශ්න ඇත්තේ එංජිමේ මවුන්ට් වල බොඩි මවුන්ට් වල විය හැක එහෙත් ඩිසල් වාහන නම් ඇතුලතට ටිකක් සද්දේ එනවා


    වාහනය ටෙස්ට් කිරීම සදහා පැදවීම
    ඔබ වාහනය පැදවීමට කලින් අයිතිකරුට කියන්න වාහනය පදින්න කියලා එතකොට බලාගන්න පුළුවන් දුම දානවද නැත්ද කියලා තව වාහනය අද්දන්න හොරද කියලත්.

    වාහනය නවත්තපු තැන බලන්න එංජින් ඔයිල් ලික් වෙලා තියෙනවද තව කුලන්ට් ලික් වෙලා තියෙනවද කියලා. වතුර නම් A/C එකේ වතුර එක සාමාන්‍ය දෙයක්.

    ඊට පසුව ඔබට පැදවීමට ඉල්ලගන්න:

    රළු පාරක වාහනය අරගෙන යන්න එතකොට වාහනයේ suspension පරික්ෂා කරගත හැක. ඇතුලේ සද්ද එනවද වාහනයේ suspension ඩොක ඩොක ගානවාද කියලත් දැන ගන්න පුළුවන්.

    වාහනය පදින විට A/C off කරලා පදින්න යම්කිසි ශබ්ද එනවද කියලා ඔබට බලාගන්න පුළුවන්. සිහින් හඩක් වගේ එනවා නම් ඉස්සරහා හෝ පස්සේ විල් බෙයාරින් ගිහින් වෙන්න පුළුවන්..

    ටයර්වල ඇතුලත බලන්න ගෙවිලද කියලා 50,000 අඩුවෙන් දුවලා නම් ටයර් 4ම එකම serial number එකක් එන්නේ. 50,000 දුවලා කියලා මීටර් එකේ තියලා ටයර් serial එකම නෙම නම්. වාහනයේ mileage එක කරකවලා.

    වාහනයේ බ්‍රේක් ටෙස්ට් කරන්න. වාහනය 30km වගේ වේගයකදී බ්‍රේක් කරද්දී අඩි 3-5 වැඩියෙන් වාහනය ඉස්සරහට යනවා නම් බ්‍රේක් ගෙවිලා තියෙන්නේ.

    වාහනයේ ලයිසන් සහ රක්‍ෂණ ලියකිවිලි බලන්න. මෙව්වා අදාළ දිනයට වෙනකම් අලුත් කරලා තියෙනවද කියලා බලන්න. රක්‍ෂණය 3rd party ද full ද කියලා බලාගන්න.

    වාහනයේ පොතේ වර්තමාන අයිතිකරුගේ නම නැත්නම් ඔහු open papers තියාගෙන ඉන්නේ සමහර විට වාහනය අයිතිකරුවන් 5-6 වැඩිය තියෙන්න ඇති එහෙත් 1st owner හැටියට open papers තියාගෙන ඇත. අයිතිකරුගේ නමට තියෙනවා නම් ප්‍රශනයක් නැත.

    පොත duplicate නම් RMV check කරගන්න. සමහරු පොත උකසට තියා පොත නැති උනා කියලා අලුත් එකක් ගන්න නිසා. පොලිස් හෝ හමුදා වගේ නම් ප්‍රශ්න නැහැ මොකද original පොත නෙම දෙන්නේ duplicate.


    <<< තවත් කොටසකින් හමුවෙමු >>>
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    තව දුවන්න පුළුවන්. හැබැයි වාහනේ වැස්ස වෙලාවක හරි හයියෙන් යනකොට බ්‍රේක් අහන්නේ නැහැ. හරිම ගාන 50k :)

    Wahane pitipasse eka rodayaka adayak penawa. Udin athulata ada wela:baffled::baffled:
    Axel ekenma namila wenna puluwanda. Car wala mehema wenne kohomada