වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    ℝ𝕒𝕟𝕒𝕘𝕒𝕝𝕒 ℝ𝕒𝕛𝕒𝕞𝕒𝕙𝕒 𝕍𝕚𝕙𝕒𝕣𝕒𝕪𝕒
    කුරුණෑගල පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ ගිය තැන රෑනගල රජමහා විහාරය හමුවේ.
    රෑනගල පිහිටා ඇත්තේ පැරණි රජ මාර්ගයක සුප්‍රසිද්ධ සන්ධිස්ථානයකය. සිරිවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරටට විහිදි මාර්ග මේ අසලින් වැටී ඇත. කෝට්ටේ 4වන පැරකුම්බා රජ දවස යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගියේද මේ රෑනගල අසල මාර්ගයේ බව වංශකතාවල සදහන්ය. එහි යන අතර රෑනගල විහාරයද වැද අතරමග තිබූ මුගුනු ගසකට දුන් කඩු පහරක් මෑතක් වන තුරුම වදාකඩ පාරේ “සරක්කුව“ නම් ස්ථානයක දක්නට ලැබුණි.
    මෙම විහාරයට රෑනගල යන නම යෙදෙන්නට හේතු වූ කාරණය නම් විහාරයේ බෝධීන් වහන්සේ අසල සිට චෛත්‍යය දක්වා ගල් තලාවේ පිහිටි සුදු පැහැති රෑනක් බදු ලකුණක්ය. මේ ගල්රෑන උසින් අගල් දෙක තුනක් වේ.
    ගල මුදුනේ දාගැබට යාබදව ගලෙහි සැදි ලිදකි. එය නිධන් වලක් ලෙස සැලකේ. ගල් ලිදෙහි බිත්ති මනාව කපරාරු කල බිත්තියක මෙන් ඔපමට්ටම්ය. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂරද ඇති බව කියැවේ. මෙය පුරාවිද්‍යා අධ්‍යයනයකට යොමු කලහොත් තවත් විස්තර අනාවරණය වනු ඒකාන්තය. මෙම නිධන් වලෙහි වස්තුව කවර කාලයක කවරෙකු විසින් ගත්තා දැයි සදහන් කිරීම අපහසුය.
    දිවයිනේ බොහෝ පෙදෙස් වල “අත්තාපලේ“ ගැසීම නම් ක්‍රීඩාවකි. එහි ප්‍රකට කවියක් වන්නේ,
    අත්තාපල් මුත්තාපල්
    රෑනගලේ ගල කෙටුවත් මා නම් අල්ලන්න බැරුවාමයි බැරුවාමයි..
    මේ අතර ජන කවි වල පවා රෑනගල ගැන සදහන්ය.
    රෑන පිට රෑන වන මල් පිපෙන්නයි
    රෑන රෑන ගොක් රෑනෙන් සැදෙන්නයි
    රෑන කෙටූ ගල ඉහලට නගින්නයි
    රෑන ගලේ ගල් දාගැබ වදින්නයි
    රෑනගල වෙහෙර වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩ ගල උඩ සිටින විට මුළු පර්වතයම ඈතට කසාවතක් සේ දිස්වූ බව සදහන්ය. රෑනගල ගල් පර්වතය පාමුල ඇති බෝධියද ඉපැරණිය. මහා වංශයේ සදහන් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩ පිළිවෙල යටතේ මෙය රෝපණය කර ඇත.
    පැරණි චෛත්‍යයේ නටඹුන් පාදක කරගනිමින් නව චෛත්‍යය ඉදිකර ඇත. අතීතයේ අවස්ථා ගණනාවකදී මින් බුදුරැස් විහිදුනු බව පැවසේ. දාගැබේ කොත් වහන්සේ කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වුවද එයට හානියක් කිරීමට නොහැකි වීම ආශ්චර්ය්‍යයකි.
    මීට අවුරුදු දෙතුන්සීයකට පෙර මෙහි දැවපිට විහාරයක් තිබූ බව පැවසේ. දැන් එය අභාවයට ගොස්ය. තවද ගල මත ශෛලමය විහාරයක් තිබූ බවද පැවසේ. රෑනගල පර්වතය මත දැනට ඇති විහාරයට අමතරව ගල යට තවත් විහාරයක් ඇති බව කියවේ. එය ගල යට විහාරය නම් වේ. නමුත් ඊට පිවිසෙන මාර්ගය වැසී ඇති නිසා එය අද දැකගත නොහැක.
    📷
    duminda S kumara
    තවත් වැඩි විස්තර සදහා https://youtu.be/7QP5e_XdNDE
    නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු ජයවේවා

    121152390_10220934707750664_5719326439321990024_n.jpg
    121110298_10220934708310678_297617029530458958_n.jpg
    121106322_10220934706990645_6977793891683182705_n.jpg
     

    Attachments

    • 121110298_10220934708310678_297617029530458958_n.jpg
      121110298_10220934708310678_297617029530458958_n.jpg
      33.2 KB · Views: 76
    • 121326918_10220934707510658_2581353150023037116_n.jpg
      121326918_10220934707510658_2581353150023037116_n.jpg
      33.1 KB · Views: 77
    • 121106322_10220934706990645_6977793891683182705_n.jpg
      121106322_10220934706990645_6977793891683182705_n.jpg
      27.8 KB · Views: 79

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow ow penawa. magulak damma post eketa

    ade ehema ki epa mchn. ube img1 dekkahama mata me plc1 mathak une.ekayi demme.

    mkee original pic eka ganna puluwnda
    quality adu krala thi mchn.. eka ewanna amarui ban, mam gahapu img wagayak ohoma meke ayata dila ekek shutterstock dala tibila mata ahu una.. sorry.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ai nidan seen eka nisada

    සෑහෙන ප්‍රසිද්දයි ඔය කතාව. කාලයක් හාර හාර කඩුවක් හෙව්වා. අන්තිමෙ හම්බුනේ නැති ( එහෙම හිතනවා ) නිසා කටුගේ එක ඉස්සුවා. ඉතිහාසේ කටුගේත් කැඩුව එකම ආණ්ඩුව මයිනගේ ආණ්ඩුව.