වළස්කෙම දළ පූට්ටුවා...
වළස්කෙම දළ පූට්ටුවා...
80 දශකයේ මැද භාගය වනතෙක් රුහුණු ජාතික වනෝද්‍යානයට ආභරණයක් වූ මෙම සද්ධන්තයා, ජාවාරම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර දෙදළ කපා ගෙන යන ලදී...
හුදෙක් මෙය ඉතිහාස ගත තවත් එක් පුවතක්ම වූ අතර වන්නි කැලේ දළ පූට්ටුවාද, වසන්ත,කුබ්ලයිකාන් ,මහකණදරාවෙ අන්ධයා, තබ්බෝවෙ ඇතා,බුද්ධංගල ඇතා, මින්නේරි දළ පූට්ටුවා, යාල පොඩි පූට්ටුවා, යාල ලොකු පූට්ටුවා ,රත්නපුරේ කුරු ඇතා, තිරප්පනේ රාජා ද වළස්කෙම දළ පූට්ටුවා ගිය පාරේම ගොස් මරු දැකි මහ ඇතුන් වෙති..
එදා මෙන්ම,අදද, හෙටද මෙවන් සිදුවීම් සිදුවනු ඇත.. එදා සහ අද මෙන්ම හෙටත් වනජීවී ගැටළු සිය අනාගත දේශපාලන ප්රවාහයන් වෙනුවෙන් යොදා ගැනීම වනු ඇත. මායිම් ගම්මාන වල දිළිඳු ගැමියන්ද, උපන් බිම අහිමි වී ගිය අලි ඇතුන්ද එකිනෙකා මරා ගනිද්දී කොළඹ සැප කාමර තුල වන අලි සංරක්ෂණයේ පිඹුරුපත් සැකසේ ලු...
යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් කරන තුරු, ජාතික වනෝද්‍යානය හරහා එකිනෙකට අලි මංකඩ ඉදිවන තුරු, අභයභූමි තුල හේන් වගාව නවතා දමන තුරු, ගොවීන් සඳහා විකල්ප වගා බිම් දෙනතුරු අලි ද මිනිස්සු ද එකිනෙකා හා ගැටීම වළක්වනු නොහේ..
නියං සමයේ වන සතුන් වෙනුවෙන් අභයභූමි තුල කෘත්‍රිම ජල මූලාශ්‍ර ඉදිකිරීමට උවමනාවක් නොමැති, බලධාරීන් උද්‍යාන පිවිසුම් වෙනුවෙන් මිලියන ගණනින් මුදල් යට කරන යුගයක , වන අලි සංරක්ෂණය ගැන කවර කතාද..?