ව්‍යවස්ථාව හදන්නේ
ව්‍යවස්ථාව හදන්නේ ගෙනෙන්නට මිසක් බල බලා ඉන්න නෙවෙයි
නව ව්‍යවස්ථාව සකස් කරමින් සිටින්නේ ගෙන එන්නට මිසක් බල බලා සිටින්නට නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ රජයට ලක්ෂ 62ක ජනතාවක් ලබාදුන් ජන වරමක් පවත්නා බවත්, රජය ක්‍රියා කරන්නේ එකී ජන වරම අනුව බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
අස්ගිරි මහා විහාරයේ රැස්වුණු මහනාහිමිවරුන් විසින් යෝජනා ස්ථීර කරගත් පරිදි අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට උන්වහන්සේලා විසින් ප්‍රකාශයක් කරනු ලැබූ බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.
ලක්ෂ 62ක ජනවරම තුළ භික්ෂුන් වහන්සේලාද, අන්‍ය ආගමික පූජකතුමන්ලාද නියෝජනය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සභාවේ කටයුතු ඉදිරියට ගෙන යන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගනු ඇති බවත් අවධාරණය කළේය.
ජේ.ආර් ගේ ව්‍යවස්ථාව සම්මත කරගත් දිනයේ සිට එය අකුලා ගන්නා ලෙස බලකරමින් විරෝධතා පවත්වමින් එය පට්ට පතුරු ගැසූ අය දැන් දැන් එයම කර තියාගෙන යා යුතු බවට යෝජනා කරන්නේ මන්දැයි තමාට නොතේරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
ලෝකයේ පවත්නා සෑම ව්‍යවස්ථාවක්ම වෙනස්වන බවත්, ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසුව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක බලයකින් සම්මත කොට ජනමත විචාරණයක් පවත්වන බවත්, ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව එම කටයුත්ත ඉදිරියට යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.