ව්‍යාපාර කළමණාකරණය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ව්‍යාපාර කළමණාකරණය

    ව්‍යාපාර කළමණාකරණය
    ------------------------

    ඔබ අප සැම දෙනා පාසල් ගිය අය වෙති. පාසලේ ව්‍යුහය සැකසී ඇති ආකාරය මොහොතක් සිතන්න.

    විදුහල්පති :- ඔහු පංති කාමරයේ උගන්වන්නේ නැත. ඔහු පාසලේ සමස්ථ කළමණාකරණය පිළිබඳ නිසි බළධරයා ය.

    නියෝජ්‍ය විදුහල්පති :- කලාතුරකින් පංති කාමරයේ ඉගැන්වීම් කරයි. ඔහු විදුහල් පතිගේ කළමණාකරණ කටයුතු වලට උදව් කරයි. ඇසිස්ටන්ට් මැනේජර් ඔහු ය.

    අංශ ප්‍රධාන :- ඔහු පංති කාමරයේ උගනවයි. නමුත්‍ කාලඡ්චේද 8 න් 5 ක් 6 ක් පමණි.

    ගුරුවරු :- ඔවුන් කාලච්ඡේද 8 ම උගන්වයි.

    විදුහල්පති කාලච්ඡේද 8 ම උගන්වයි නම් .....?

    එවිට පාසලේ කළමණාකරණ කටයුතු සියල්ල ඇණ හිටියි. කාලසටහන් සෑදීමට වේලාවක්‍ ඔහුට නැත. එදිනට නියමිත ගුරුවරයා පැමිණ නොමැති නම්, ආදේශක ගුරුවරයෙකු යෙදවීමට ඔහුට වේලාවක් නැත. ක්‍රීඩා උත්සව , වාර්ෂික චාරිකා, පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනිමට ඔහුට වේලාවක් නැත.

    එවිට...... පාසලේ කටයුතු ඇණ හිටියි. පාසල අරාජික වේ.

    බැංකුවක කළමණාකරු පරිගණකයක් ළඟ වාඩි වී එදිනෙදා වැඩ ටික කරයි නම් ඇති වන්නේද එවැනිම තත්ත්වයකි.

    සාමාන්‍යයෙන් කළමණාකරුවා යනු 10% ක් වැඩ කරන, 90% ක් සිතන අයෙකු විය යුතුය. ඔහුට සිතීමට නිදහස තිබිය යුතුය. ඔහු සිතන්නේ ආයතනය කළමණාකරණය කරන ආකාරය පිළිබඳව ය.

    සාමාන්‍ය සේවකයා 10% ක් සිතන, 90% ක් වැඩ කරන අයෙකි.

    මෙම අනුපාත දෙක මාරු විය යුතු නැත. එය එසේම විය යුතුය.

    ව්‍යාපාරයකටද මෙය මෙසේම වලංගු වේ.

    ඔබ, යම් අළෙවිසැලකට ගොස් යමක් ඉල්‍ලූ විට, ආ.... මහත්තයා ඒක ඉවරයිනේ. හෙට තමයි ආයෙ ගේන්නේ !!! මෙහෙම කියනවා අනන්ත වත් අසා ඇතුවාට සැක නැත. එලෙස යම් මුදලාලි කෙනෙකු පැවසුවේ නම් එම වෙළෙඳසැල පිළිබඳව මා අනාවැකියක් කියන්න කැමතියි.

    1. ඔහු වෙළෙඳසැලේ කැෂියර් එකේ වාඩි වී සිටියි. ඔහු කරන්නේ ව්‍යාපාර කළමණාකරණය නොව, රු. විසිදාහක පඩියට ගත හැකි කැෂියර් වරයෙකුගේ කාර්යය වේ.

    2. ඔහුට වෙළෙඳසැලේ නොමැති බඩු බාහිරාදිය පිළිබඳව සෙවීමට කාලයක් නැත.

    3. ඔහුට තම ව්‍යාපාරයේ ශාඛා දෙකක් කිසිදා පවත්වාගෙන යා නොහැක. මන්ද දෙතැනක කැෂියර් එකේ එක පුද්ගලයෙකුට වාඩි වී සිටිය නොහැකි නිසාය.

    4. ෆුඩ් සිටිය වැනි සුපිරි වෙළෙඳ සැල් වල ශාඛා 500 කටත් වඩා පවත්‍වාගෙන යන ආකාරය ඔහුට මැජික් එකකි.

    5. වෙළෙඳසැලට එන ගණුදෙනුකරුවන්ට "ඒක නැහැ; ආයෙ ඒක එන්නේ ලබන සතියේ; වෙන තැනක බලන්න" යැයි කියා ඔහු, ඔහුගේ ගණුදෙනු කරුවන් වෙනත් ඔහුගේ තරඟ කරුවන්‍ට දන් දෙයි.

    6. ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින පිරිහේ. මන්ද, ඔහුගේ ගණුදෙනු කරුවන් වෙනත් තැන් වලට ගිය විට එතැන සිටින වෙළෙන්දන් එම ගණුදෙනුකරුවන් සින්නක්කරේටම අයිති කර ගන්නා නිසා ය.

    7. ඔහුගේ ව්‍යාපාරය එක තැන පල් වේ. එක්කෝ පාඩු ලබයි. නැත්නම්‍ අපේක්ෂිත ලාභ නොලබයි. ආයතනය කෙටි කළකින් වසා දමයි.

    බොහොමයක්‍ ආයතන විවෘත කරනවාට වඩා වැඩි වේගයකින්‍ වසා දමන්නේ අයිතිකාරයා ව්‍යාපාරය කළමණාකරණය නොකර රු. 20000 හේ කැෂියර් රස්සාව කරන නිසා ය.

    ඔහු ව්‍යාපාරයක් කරයි; කළමණාකරණය නොකරයි. ඔබ අවට සිටින ව්‍යාපාරිකයන් ගැන සිතා බලන්න. මා මෙහි සඳහන් කර ඇති ආකාරයේ ව්‍යාපාරිකයන් කී දෙනෙක් සිටී දැයි සිතා බලන්න.

    දැන වෙළෙඳාම කරන්නේ නම්, මෙහෙම වෙන්නේ නැත !!!

    https://www.facebook.com/photo.php?fbid=2001088146614425&set=gm.1905048626246519&type=3&theater
     
    • Like
    Reactions: HypermaD2 and IKL