වාරණයක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.
    ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.
    ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.

    http://www.lankadeepa.lk/index.php/articles/287692
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10906454_400694063418380_5080074683650458504_n.jpg