වාරිමාර්ග අමාත්‍යාංශයේ රථයක් පැදවූ රංගෙ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    වාරිමාර්ග අමාත්‍යාංශයේ රථයක් පැදවූ රංගෙ

    හලාවත, බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේ දී අද (06) අලුයම 12.50ට පමණ සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ 25 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

    රංගෙ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේබණ්ඩාර විසින් භාවිතා කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි.

    අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදී තිබේ.

    එම අනතුරින් කැබ් රථයට සහ නිවසට දැඩි හානි සිදුවී ඇති අතර නිවෙස් හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැති බවද වාර්තා වේ.

    එම නිවසේ තිබූ ගෘහ උපකරණ පවා විනාශවී ඇති බව වාර්තා වේ.

    ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    දැන් අන්තිමට ‍ලෙඩේ යන්නේ අර අමාත්‍යංශ වල ලේකම් ල ටයි වාහන සබ්ජෙක්ට් කරපු ක්ලාක්ටයි තමයි. අමාත්‍යංශ වාහන වුනත් ඔය විදියට අමතිතුමාට ඕන විදියට පුද්ගලික පරිහරණයට දෙන්න බෑ. ඒක එලවන්න නිසි බලය පැවරීමක් කරන්න ඕන. වාහනේද තෙල් ගැහුවෙ රජයේ ඉන්ධන ඇණවුම් වලින් නං තත්වෙ තවත් භයානයකයි.