anathuren pasu amathi putha agiya athak na

May 25, 2018
43
18
0
WdmhzoW.jpg


රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රජයේ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ (06) අලුයම
හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය
පාරෙන් ඉවතට පැන යාබද නිවසක් තුලට කඩා වැදී තිබුනා.

එහිදී තුවාල ලැබූ ඇමති පුත්‍රයා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හලාවත මහරෝහලට ඇතුලත් කෙරුණු අතර
අනතුරුව පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහල වෙත රැගෙන විත් තිබුනා. පසුව සිය කැමැත්තෙන් ඔහු රෝහලෙන් පිටව
ගොස් තිබෙන අතර මේ වන තුරුත් නිවස වෙත පැමිණ නැති බව වාර්තා වනවා.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිට ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන අතර
අධිකරණයට කරුණු ඉදිරිපත් කර හැකි ඉක්මනින් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය පවසනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් එම අවස්ථාවේ
විසිත්ත කාමරයේ නොසිටි බැවින් ඔවුන්ට අනතුරක් සිදුව තිබුනේ නැහැ. නිවසේ හිමිකරු පවසන්නේ මෙවැන්නක්..,

IGxsTfb.jpg


මේ අතර මිට පෙරද ඇමති පුත්‍රයා විසින් ආනමඩුව ඉගිනිමිටිය ප්‍රදේශයේදී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුට
තුවාල සිදු කරමින් අනතුරක් සිදු කර තිබෙනවා. තවද ඔහුගේ අතින් සිදුවුණු තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ
දෙදරු පියෙකු මියගොස් තිබෙන අතර එම අවස්ථාවේදී ඔහු තමන් පැදවූ රථය නොනවත්වා ධාවනය කර ඇති බව සඳහන්.