රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද දහවල් රෝහලට පැමිණීමෙන් අනතුරුව ඇමති පුත්‍රයා මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
නියෝග කර තිබෙනවා.
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි පසුගිය 06 වනදා අළුයම යශෝධ රංගේබණ්ඩාර ගමන් ගත් කැබ් රථයක් නිවසකට කඩා වැදීමෙන් අනතුරක් සිදු විය.
ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිසිය, පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පැදවීම සහ තහනම් පිහි ආඥාපනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


