වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා "පොල&#
වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන් පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර් හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට අද (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.
සෙල්වා තරුණියකගේ ඇඳුමේ තිබූ මෝස්තරයක් දැක,"නංගි හැමතැනම හිල් නේද"යි එම තරුණියගෙන් විමසීමේ ප්‍රතිපලයක් ලෙස මෙම පහරකෑමට ලක්වූයේ ඉකුත් 17 වෙනි දින දහවල් 1 ට පමණ වාරියපොළ බස් නැවතුම්පලේ දී දෙනෝදාහක් ඉදිරිපිටදීය.
අද සවස මේ සම්බන්දයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සෙල්වා කියා සිටියේ අපූරු කතාවකි. “වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද ෂීට් එකේ දාගෙන ගියා.“ යැයි ඔහු කීය.
කුරුණැගල සුනිල් පැල්ලන්දෙනිය