අප්පු කියන්නේ එච්චර හොද තත්ත්වයක් නෙමෙයි. පරණ සිංහල ෆිල්ම්වල අප්පුලා කියන්නේ හොද තත්ත්වෙක ඉදපු අය නෙමෙයි. කොළඹ සන්නිය පරණ ෆිල්ම් එකේ එක දෙබසක් තියනවා, දුවනගිරි හෝටලෙන් කෑම එවනවා කිව්වා. තව අප්පුලා 4දෙනෙකුත් එවනවා කිව්වා" කියලා. අප්පුලා කියන්නේ මෙතනදි වේටර්, වැඩට ඉන්න අයට. තව ෆිල්ම් එකක අප්පු කෙනෙක් හොයලා දෙන්න කියනවා ගෙදර වැඩ පල කර ගන්න. ෆිල්ම් එක මතක නෑ. මේ හැම එකේදිම අප්පු කියලා කියන්නේ එච්චර හොද තත්වෙක ඉදපු අය නෙමෙයි.