වාසනාව හොල්මන් කරන කෝටි 500 දියමන්තියේ හිමි&#3

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    වාසනාව හොල්මන් කරන කෝටි 500 දියමන්තියේ හිමි&#3

    වාසනාව හොල්මන් කරන කෝටි 500 දියමන්තියේ හිමිකරු සිළුමිණට කී කතාව

    • දියමන්තිය හිමිකරු අහිංසක දුප්පතෙක්...
    • ගල හම්බවුණේ සෞදි කෝටිපති ගෙදරක පස් ගොඩක තිබිලා...
    • ඒ පස් දකුණු අප්‍රිකාවෙන් ගෙනත් තිබුණේ මල් වවන්න...
    • නුගේගොඩ ගෙදරට ගෙනාපු ගල කුණු කානුවට විසි කරලා තිබුණා...
    • අවුරුදු 23 තිස්සෙ ගල තිබුණෙ මාලු ටැංකියක

    pg-16-1.jpg


    දියමන්තියක් කී පමණින් කාගේත් දෑස් විසල් වන්නේ එහි වටිනාකම නිසාය. මේ දිනවල අප රටේද කෝටි 500ක් වටිනා දියමන්තියක් ගැන බොහෝ කතා ඇසේ. ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ගෝල කණ්ඩායම් තුනක් යොදවා කොල්ලකෑ බව කියන එම වටිනා දියමන්තිය සොයා පරීක්ෂණ ආරම්භ කළ පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකක නිලධාරිහු පසුගියදා එම දියමන්තිය සොයා ගත්හ.

    දියමන්තියේ සැබෑ හිමිකරු ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නමැත්තාය. ඔහු පසුගිය පස්වැනිදා පෑලියගොඩ පොලිසියට පැමිණ තමන්ගෙන් කොල්ලකෑ දියමන්තිය එය බවට හඳුනා ගත්තේය.

    කෝටි 500 වටිනා දියමන්තියේ හිමිකරු පිළිබඳ මාධ්‍ය ඔස්සේ මෙතෙක් විවිධ තොරතුරු පළවිය. ඇතැම්හු ඔහු කෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින් හැඳින්වූහ.

    ඔහුගේ සැබෑ තතු සොයා පසුගිය දිනක අපි මහරගම, ඇරැව්වල ඔහුගේ නිවෙසට ගියෙමු.

    “පේනවා නේද මං ඉන්න හැටි... මේ ගෙදර බිත්ති සියල්ලම පුපුරලා... අඩුම තරමේ මටයි බිරියටයි දරුවන්ටයි හරිහැටි ඉන්න තැනක්වත් නෑ. ඒත් සමහර මාධ්‍ය මාව හැඳින්වූයේ කෝටිපතියෙක්, හොරෙක් හා වංචාකාරයෙක් ලෙසයි” අප හඳුනාගත් පමණින් ක්‍රිෂාන් පැවසීය.

    “මෙයාට මේ මැණික් ගල්වල මුදල් වටිනාකමක් නෙමෙයි තිබුණේ. එයාට ඒවා විකුණලා යමක් හම්බ කරගැනීමේ ආසාවක් තිබුණේ නෑ. මැණික් ගල් එකතු කිරීමේ ආසාවකුයි තිබුණේ.” ක්‍රිෂාන් ගේ බිරිය අප හා කතාවට එක්වෙමින් පැවසුවාය.

    “අපි මුලින් හිටියේ නුගේගොඩ. මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු හයක් විතර ඇති. නුගේගොඩ ගේ විකුණලා ලැබුණු සල්ලිවලිනුත් ලක්ෂ 15ක්, 20ක් වියදම් කරලා ක්‍රිෂාන් මැණික් ගත්තා. ඒ ගලුත් කොල්ලකාරයෝ එදා අරගෙන ගියා.” යැයි පවසමින් ඇය එම මැණික්වල ඡායාරූපද අපට පෙන්වීය.

    ක්‍රිෂාන් 58 හැවිරිදි දෙදරු පියෙකි. දයාබර මුත්තණුවෙකි.

    ඔහු දියමන්තියේ තමන් අතට පත්වීමේ සිට අතීත කතාව මුල සිටම අපට හෙළි කළේ මෙසේය.

    “මං කුඩා කාලේ ඉඳන්ම මැණික් ගැන ඉගෙන ගත්තා. මොකද අපේ තාත්තාත් පොඩියට මැණික් බිස්නස් කළා. ඒ කාලේ තාත්තා හමුවෙන්න එන එයාගේ යාළුවෝ මටත් පොඩි පොඩි ගල් කෑලි දෙනවා බලන්න. ඉගෙන ගන්න කියලා. හැබැයි ඒ ගල් කෑලි වටින්නෙ නෑ. මැණික් ගල්වලට මගේ හිත ඇදිලා ගියේ එහෙමයි. පස්සෙ අවුරුදු 17ක් වගේ කාලෙදි මම මැණික් ගැන හැදෑරීමක් කළා.

    රත්නපුර පැත්තෙ ගිහින් රුපියල් ලක්ෂෙට අඩු පොඩි ගල් අරගෙන ඇවිත් බිස්නස් කරන්න පටන්ගත්තා. හැබැයි මට මේ ගල්වල මුදල්මය වටිනාකමට වඩා මැණික් ළඟ තබාගැනීමේ ආසාවක්. ඒ වගේම ගල් එකතු කිරීමේ ආසාවක්. ඒත් මගේ ප්‍රධාන රැකියාව වුණේ කේටරින්. මට ඒ පිළිබඳ උපාධියකුත් තියෙනවා. එහෙම ඉන්න අතරේ මං 1991.04.10 වැනිදා කේටරින් රැකියාවකට සවුදි ගියා”

    මේ කියන තීරණාත්මක ගල් කැබැල්ල ක්‍රිෂාන් අතට පත්වන්නේ ඒ ගමනත් සමඟය.

    “සවුදියට ගිය ගමන්ම මට රැකියාව හම්බ වුණේ නෑ. ඒ අතරේ දිනක් මම එවකට සවුදියේ තුන්වැනි කෝටිපතියාගේ නිවෙසේ පාටියක වැඩට ගියා. එදා පාටිය අවසන් වුණේ රෑ දෙකට විතර. ඒ නිවෙස්වලට අපි වගේ මිනිස්සු ගන්නෙත් නෑ. මං පාටියෙන් පස්සෙ මූත්‍රා කරන්න එළියට ගියා. ලයිට් එළියට මිදුලේ තිබුණ පස් ගොඩෙන් යාන්තමට යමක් දිලිසෙනවා දැක්කා. මුත්‍රා කරලා ඉවර වෙලා ඒ තැනට ගියා. ගිහින් ඒ රටේ තියෙන පන් ගස් වගේ ගසක් එතැන සිටුවා පොඩි ලකුණක් දාලා ආවා.

    “පහුවදා උදේ නිවෙස් හිමිකරුගේ පුතා කිව්වා කාර් එක හෝදලා දෙන්න කියලා. සාමාන්‍යයෙන් ඒ රටට වතුර කියන්නෙ රත්තරන් වගේ. වතුර ගැන ඔවුන් දැඩි අවධානයෙන් ඉන්නෙ. මං කාර් එක හෝදන අතරේ රෑ දිලිසුණු පස් ගොඩේ තැනටත් හෝස් එක ඇල්ලුවා. ඒත් එක්කම මං ගිහින් ගල් කෑල්ල ගත්තා. එතකොටම අර පුතා ආවා. ඒකා මගෙන් අහනවා 'මොකක්ද උඹ කරන්නෙ' කියා. මං කිව්වා, 'මේ ගල් වගයක් තියෙනවා... ඇහින්දා' කියලා. මං ඒ ගල් කෑල්ල ගන්නද කියා එයාගෙන් ඇහුවා.”

    ගල් කැබැල්ලක් වෙනුවෙන් ඔහු එලෙස බැගෑපත් වූයේ සවුදියේ පවතින දැඩි නීති පිළිබඳ දන්නා නිසාය.

    “අරන් පලයන්” සවුදි කෝටිපතියාගේ පුතාගේ අවසරය මත එම ගල් කැබැල්ල අහුලාගත් ක්‍රිෂාන් එම නිවෙසේ තවත් පැය තුන හතරක්ම ගත කර ඇත්තේය. එදිනෙන් පසු ක්‍රිෂාන්ට වෙනත් තැනක රැකියාවට යෑමට ලැබිණි.

    “ඒත් මං ඒ කෝටිපති ගෙදර තිබුණු උත්සව කීපෙකදිම එතැන වැඩට ගියා.” ක්‍රිෂාන් ඒ පැරැණි මතක ආවර්ජනය කරමින් අප හා පැවසීය.

    “එතකොට අර ගල් කෑල්ල තිබුණු පස් ගොඩ? ” මම විමසීමි.

    “ඒ පස් ගෙනල්ලා තිබුණේ දකුණු අප්‍රිකාවෙන්... සාමාන්‍යයෙන් සවුදි රටේ ශීත කාලෙට හොඳට මල් හැදෙනවා... ඒ රටේ සල්ලිකාර මිනිස්සු එහෙම මල් හැදෙන කාලෙට අප්‍රිකානු රටවලින් පස් ගෙනල්ලා මල් හිටවනවා... අන්න ඒකට ගෙනාපු පස් ටිකක තමයි ඔය ගල් කැබැල්ල තිබුණේ..”

    එම ගල් කැබැල්ල ක්‍රිෂාන්ගේ ගමන් මල්ලේ කාලයක්ම තිබිණි. ඔහු එවකට සවුදියේ සිටි මෙරට මිතුරන්ටද එම ගල් කැබැල්ල පෙන්වීය. එහෙත් ඔවුනට එවැනි ගල් කැබැල්ලක වගක් නොවීය. ක්‍රිෂාන්ට එවන් ගල් පිළිබඳ තිබුණේ උන්මාදයකි. එනිසා ඔහු යනඑන ඕනෑම තැනකදී විශේෂ ගල් කැබැල්ලක් හෝ දෙකක් දුටුවේ නම් එය රැගෙන ඒම සිරිතකි. එලෙස ඔහු සවුදියෙන් එකල රැගෙන ආ ගල් කැබලි කීපයක්ම අපට පෙන්වීය.

    ඔහුගේ මිතුරන් ඉවක්බවක් නැතිව ගල් කැබලි එකතු කරන ක්‍රිෂාන් දුටුවේ එක්තරා පිස්සකු ලෙසය. මිතුරෝ ක්‍රිෂාන්ගේ මැණික් පිළිබඳ දැනුම ගැන ඒ වනතුරුත් කිසිවක් දැන නොසිටියහ.

    ක්‍රිෂාන් සවුදියේ රැකියාව නිමවා මෙරට පැමිණියේ 1994 අප්‍රේල් 09 වැනිදාය. ඒ එද්දී නිවෙසෙන් ඇහිලූ ගල් කැබැල්ල ඇතුළු බොහෝ ගල් ප්‍රමාණයක් රැගෙන ආවේය.

    “ඒ කාලේ කිලෝ විස්සයි අතේ ගේන්න පුළුවන්. මං අත්‍යවශ්‍ය දේවල් විතරක් අතේ ගෙනාවා. වැඩි බඩු නැවට දැම්මා. ගල් ටිකත් දැම්මේ නැවට. බඩු ටික කොළඹට ආවේ මැයි මාසේ. රේගුවට බඩු ක්ලියර් කරන්න රුපියල් දහදාහක් පමණ අරන් ගියා. ඒක මදි වුණා. පහුවදා යන‍කොට බඩු ගෙනාපු පෙට්ටි ‍ඔක්කොම කඩලා ඇදලා. ‍කොහොමහරි අන්තිමට බඩු ටික ගෙදරට ගෙනාවා. මං ලංකාවට ගල ගෙනාව හැටි ගැන ඇත්ත කතාව එයයි. ගෙදරට බඩු ටික ගෙනාවම හැමෝම අතපත ගෑවේ ටීවී කැසට් වගේ බඩු තමයි. දවස් දෙක තුනක් ගිහින් ගල් කෑලි තියෙන මල්ල බලනකොට අපි එදා හිටපු නුගේගොඩ ගෙදර අයිනෙ තියෙන කාණුවක් ළඟ කවුද ඒ මල්ල දාලා. තව පොඩ්ඩෙන් එදා තමයි ඔය දියමන්තිය නැතිවෙන්නෙ.”

    එලෙස ගෙනෙන ලද ගල් කැබැලිවලින් කීපයක් ක්‍රිෂාන් සිය නිවෙසේ මාළු ටැංකියට දැමීය. මේ කියන දියමන්තිය ද 1994 සිට 2016 දක්වාම තිබී ඇත්තේ මාළු ටැංකියේය. එම මාළු ටැංකිය දැනුදු ඔහුගේ නිවෙසේ වෙයි.

    මෙලෙස වසර 22ක් තිස්සේ මාළු ටැංකියේ තිබූ ගල් කැබැල්ල ඉතා වටිනා දියමන්තියක් බවට හඳුනාගත්තේ මහාචාර්යවරයෙකි.

    “අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා ප්‍රොෆෙසර් නීල් කියලා. එයා 2016 වසරේ දිනක් මේ ගෙදරට ආවා. එයා මැණික් පිළිබඳ ජර්මන් කොලිෆයිඩ් කෙනෙක්. මහා පරිමාණෙන් මැණික් බිස්නස් කරපු කෙනෙක්. දැන් ටිකක් වයසයි. ඔහු කිව්වා, ඔය අයින් කරන කට්ට කෑලි එහෙම තියෙනවානම් දෙන්න කියලා. අයින් කරන කෑලි වගයක් තියෙනවා ටැංකියේ දාලා. ඉන්න මං දෙන්නම් කියා මං කිව්වා. එහෙම කියා පොඩි ඇඟිලි ව‍ගේ කෑලි විස්සක් විතර අරන් දුන්නා. පස්සෙ මිනිහා කියනවා, ඔය ඇතුළේ තියෙනවා දිලිසෙන කෑල්ලක් ඒක ටිකක් ගන්න කියලා... මං ඇහැව්වා ඇයි කියලා... නෑ ඒක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. ටැංකියේ ලයිට් එළියට ඒ කෑල්ල දිලිසෙනවා එහෙම කියා ඒ ගල් කෑල්ල පිටතට අරන් පිලී ගඳ සහ සෙවල ගතිය යන්න හොඳට හෝදගෙන එන්න කිව්වා. ඒත් එක්කම වතුර එකකුත් ගේන්න කිව්වා. ගල එළියට අරන් පැය බාගයක් පමණ බැලුවා. ඒ විදිහට මේ ගල ගැන පැය හතරක් විතර බැලුවා. මට දැන් කුතුහලේ මේක මොකක්ද කියලා. මං නැවතත් ඇහැව්වා මොකක්ද කියලා.”.

    ඒ මොහොතේ මහාචාර්යවරයා සිය මුවට ඇඟිල්ල තබා සංඥා කරමින් ඔහුට නිහඬව සිටින ලෙසට සංඥා කර ඇත්තේය. ඒ සමඟම කොළයක් සහ පෑනක් රැගෙන එන ලෙස පැවසීය. මහාචාර්යවරයා ගල් කැබැල්ලේ ඇති සියලු හැඩතල කොළයේ සටහන් කොට මඳක් විවේකීව සිට මහ හඬින් සිනාසෙන අන්දම දුටු ක්‍රිෂාන් අන්දමන්ද විය. “ඇයි මහාචාර්යතුමා, මොකද මේ?” ක්‍රිෂාන් විමසීය. “මේක බං දියමන්තියක්” මහාචාර්යවරයාගේ පිළිතුර එය විය. .

    “ඔහු කිසිම අවස්ථාවක මට උඹ, බං කියලා ආමන්ත්‍රණය කරන්නෙ නෑ. ඒත් ඒ අවස්ථාවේ තිබුණ සතුට වැඩිකමටද මන්දා එහෙම කියැවුණා. ඒ කියපු දේ අදහාගන්න බැරිව මං අනේ බොරු කියන්න එපා කියලා කිව්වා.” ක්‍රිෂාන් පැවසීය.

    එහෙත් මහාචාර්යවරයා පුන පුනා පවසා තිබුණේ එය ටක්කෙටම දියමන්තියක් බවටයි.

    “මේකෙ ක්‍රිස්ටල් ෆෝමේෂන් ඔක්කොම හරි... මේ ඇතුළේ තියෙන්නෙ කාබන් කියා එතුමා මට සියල්ල පැහැදිලි කළා.” ක්‍රිෂාන්ටද දියමන්ති හා මැණික් ගල් පිළිබඳ ඇත්තේ මනා දැනුමකි. ඇතුළත කළු කාබන් ඇත්තේ නියම දියමන්ති ඇතුළත පමණක් බව පවසමින් ඔහු අපටද දියමන්ති ගැන පැහැදිලි කළේය.

    මේ දියමන්තිය සියයට 99ක්ම දියමන්තියක් බව පැවසූ මහාචාර්යවරයා තමා කී පමණින් පිළිනොගෙන ඒ ගැන තවදුරටත් පරික්ෂා කර බලන ලෙස ක්‍රිෂාන් ට පැවසීය.

    ක්‍රිෂාන් පසුව ගල් කැබැල්ල මැණික් පිළිබඳ හොඳ දැනුමක් ඇති මහා පරිමාණයෙන් මැණික් සම්බන්ධව කටයුතු කරන වෙනත් මහාචාර්යවරයකු හමුවට ගෙන ගියේය. මුලදී ක්‍රිෂාන් පැවසූ දෙය අවධානයට නොගත් එම මහාචාර්යවරයා පසු දිනකදී යළි ඒ ගැන විමසද්දී අසා ඇත්තේ 'මොළේ හොඳ නැද්ද' යනුවෙනි.

    “මට හරිම දුකයි...එක්කෙනෙක් එකක් කියනවා... තව කෙනෙක් තව දෙයක් කියනවා...”

    කගෙන්වත් හරි වචනයක් නොවූ තැන ක්‍රිෂාන් 'ඔන් ලයින්' මඟින් 'ඩයමන්ඩ් ටෙස්ට්' කිරීමට අවැසි උපකරණයක් ගෙන්වාගෙන තිබුණේ එම ගල් කැබැල්ල තමාම පරීක්ෂා කිරීමටය.

    “ඒත් මම ඒක ගෙන්න ගත්තට ටෙස්ට් කරන්න දන්නෙ නෑ... අන්තිමට යූටියුබ් එකෙන් ටෙස්ට් කරන විදිහයි උපකරණය පාවිච්චි කරන විදිහයි දෙකම මමම ඉගෙන ගත්තා.”

    ක්‍රිෂාන්ට එයට මිතුරකුගේ ද සහාය ලැබිණි.

    “ඔහු කිව්වා හතරට තියලා උඩට රතු පත්තු වුණොත් ඩයමන්ඩ් කියලා. පස්සෙ ඒ ටෙස්ට් එකෙනුත් ඩයමන්ඩ් කියලා මමම හඳුනාගත්තා. ඒත් වැඩිය ගාණකට ගත්තෙ නෑ.”

    ගල් කැබැල්ල දියමන්තියක් ලෙස කෙනකු කියද්දී තවකෙකු පවසන්නේ එය දියමන්තියක් නොව නිකම්ම නිකම් ගල් කැබැල්ලක් බවය. මෙනිසා ක්‍රිෂාන් මැදිවන්නේ දෙලොවක් අතරටය. මේ නිසාම ක්‍රිෂාන් දිනක් සිය බිරියද සමඟින් 2017 වසරේ මුල් දිනයක කොච්චිකඩේ පල්ලියට යන්නේ තමන්ට හරි මඟ පෙන්වන ලෙස දේවමෑණියන්ට කන්නලව් කිරිමටය.

    “ගල් කැබැල්ල දියමන්තියක් ම වේවා කියා ප්‍රාර්ථනා කරල මං එහෙම වුණොත් පල්ලියට මුදලින් රුපියල් කෝටියක් දෙන බවට බාරයක් වුණා. ඒ එන ගමන් අපි දියමන්ති බිස්නස් කරන හෙට්ටිවීදියේ ප්‍රසිද්ධ රන් ආභරණ සාප්පුවක් හොයා ගෙන ගියා. එතැනට ගියාමයි දැක්කේ ඒ කඩේ වහල. පස්සෙ ඒ හරියෙදි හම්බ වුණු මනුස්සයෙකුට ගල පෙන්නුවා. ඔහු දුටු සැණින් කිව්වා මේක නියම දියමන්තියක් කියලා. එයා කියන එක සැකනම් ‘ඩයමන්ඩ් ගේට්’කියලා තැනක් තියෙනවා එතැනට ගිහින් බලමු කියලා එයාම මාව එක්කරගෙන ගියා. එතැනිනුත් බලලා ගල දියමන්තියක් කිව්වා. මගෙන් ඇහැව්වා කොහෙන්ද හම්බ වුණේ කියලා. මං රටින් ගෙනාවා කිව්වා. ඔහු ළඟ තිබුණු දියමන්ති කැබැල්ලකිනුත් හූරලා බැලුවා. එහෙම බලලා නැවතත් ඔහු කිව්වා, ඒක අනිවාර්යයෙන්ම දියමන්තියක් කියලා. මං බිරිය කඩයක් ළඟ නතර කරලයි ගියේ. මට තිබුණු සතුටට දියමන්තිය එතැන දාලා බිරිය සොයාගෙන ගිහින් කිව්වා, ‘ඔයගොල්ලො විශ්වාස කළේ නෑනේ... අන්න අරක නියම දියමන්තියක් කියලා හරියටම තහවුරු වුණා’කියලා.

    මොකද අපේ ගෙදර කිසි කෙනෙක් ඒ ගල් කෑල්ල වටිනා කියන දියමන්තියක් බවට පිළිගත්තෙ නෑ. බිරිය ඒක දියමන්තියක් කියලා හරියටම තහවුරු වුණාම බයවුණා.”

    නිවෙසට පැමිණි ක්‍රිෂාන් මීළඟට ගියේ ඔහුට පිස්සා යැයි පවසා එළවාගත් මහාචාර්යවරයා වෙතය. ගල් කැබැල්ල හැම අතින්ම දියමන්තියක් බවට තහවුරු වූ බව මහාචාර්යවරයාට පැවසූ විට මැණික් පිළිබඳ මහත් දැනුමැත්තෙකු වූ ඔහු ක්‍රිෂාන්ගේ නිවෙසටම පැමිණ ගල් කැබැල්ල යළි පරික්ෂා කළේය. අවසානයේ එය කැරට් 720කින් යුත් නියම දියමන්තියක් බවට තහවුරු කරමින් ඊට අදාළ සහතික කළ වාර්තාවක්ද ලබා දුන්නේය. අදට ද එය දියමන්තියක් බවට තහවුරු කිරීමට ඔහු වෙත ඇති සහතිකය එයය.

    එම සුදු පැහැති ගල් කැබැල්ල නියම දියමන්තියක් බවට තහවුරු වූ පසුව ක්‍රිෂාන් තීන්දු කළේ එය විකුණා දමා තමා ඇතුළු පවුලේ සියලු දෙනා වැටී සිටිනා අගාධයෙන් ගොඩ ඒමටය. දියමන්තිය විකුණා ලැබෙන මුදලින් මහා දෙයක් කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. ඔහුට වූයේ උවමනා එපාකම් සීමිත ප්‍රමාණයකි.

    “මේ දියමන්තිය විකුණලා මං හිතා හිටියෙ ගෙයක් දොරක් හදාගෙන මගේ පුතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා ඔහුටත් ඒ පැත්තෙන් ඉදිරියට යාමට අවස්ථාව සලසා දෙන්නයි. දුවගේ පොඩි එකා හොඳ පාසලකට දාගන්නත් ගාණක් වියදම් කරන්නත් හිතන් හිටියා. එහෙම නැතිව මට වෙන විශේෂ දේවල් මගේ පවුල වෙනුවෙන් කරන්න තිබුණේ නෑ. තවත් ලොකුම වුවමනාවක් වුණේ අසරණ සරණ පදනම පිහිටුවලා ඒ මඟින් රටේ අහිංසක ජනතාවට සේවයක් කිරීමටය.

    මං ඔය ඉඳලා හිටලා ගල් කෑල්ලක් විකුණුවට දරුවෝ දෙන්න උපයන දේකින් තමයි අපි පහුගිය කාලේම ජීවත්වුණේ. ඒත් මේ අහල පහල අය දැන් අපෙන් අහන්නෙම ඇයි අනේ ඔයගොල්ලො මෙච්චර වත්කමක් ළඟ තියාගෙනත් මෙහෙම හිටියෙ කියලා.”

    කෙසේ හෝ විකිණීමට සිතා සිටි දියමන්තිය කොල්ලකෑම නිසා ක්‍රිෂාන් මේ වන විට කබලෙන් ළිපට වැටී සිටී. ඒ සිය පාදයේ වසර ගණනාවක් තිස්සෙ තිබෙන තුවාලයටද නිසි පරිදි බේතක් කරගැනීමට වත්කමක් නොමැතිවය.

    දියමන්තිය කොල්ල කෑ හැටි මධූෂ්ගෙන් ලද දුරකථන ඇමතුම ලබන සතියට....


    - http://www.silumina.lk/2019/03/09/ව...-කෝටි-500-දියමන්තියේ-හිමිකරු-සිළුමිණට-කී-කතාව
     
    • Like
    Reactions: Dubairox

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    දැන් හෙට අනිද්දට කිව්වොත් ඕක කිසි වටිනාකමක් නැති පාෂාණ කොටසක් කියලා කොහොමද ආතල් එක?

    සොන්න ලංකාවේ සොන්න මීඩියා වල යන එව්වා නං විශ්වාශ නොකර ඉන්න එකම හොදයි.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔය විදිහට මේ රටේ ඉන්න හැමෝම හොරකම් කරලා අහු උනාම කියයි මට කාණුවක තිබිල හම්බුනා පස්ගොඩේ තිබිල හම්බුනා කියල මොන බොරුද බන්.:lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ithin ban dan meka uta aithi nadda
    muta aduma gane koti 2k 3k wath ganna barida
    mona huttak da oi