වාස්තු විද්‍යාව නම් මම දන්නේ නෑ.බස්නාහිර පැත්ත මගෑරලා දොරවල් දාන්න පුලුවන් නම් හොඳයි.බස්නාහිර පැත්තට දොරවල් දැම්මාම බහින ඉර එලියේ රස්නෙට දොරවල් ඉක්මනට සවුත්තු වෙනවා.ඒවගේම තමයි නැගෙනහිර පැත්තට දැම්මමත්.උතුරට හෝ දකුණට මුහුණදාලා හදන්න පුලුවන් නම් හොඳයි
ඕක හරියටම කියන්න උඹලගේ ඉඩමේ පිහිටීම,ප්‍රවේශ මාර්ග තියෙන්නේ කොයි පැත්තෙන්ද,ගෙදර ප්ලෑන් එක කොහොමද කියලා බලන්න ඕනි.නැතුව කියන්නබෑ
වාස්තු විද්‍යාවට අනුව නම් ප්‍රධාන දිශා 4න් ඕනිම පැත්තකට ප්‍රධාන දොර තියන්න පුලුවන්.වාස්තු විද්‍යාවට අනුව දොරවල් තියන පැති අනුව ගෙවල් කොටස් 5 කට බෙදන්න පුලුවන්.
දිශා 4 ටම දොරවල් දැමීම
උතුර,දකුණ,නැගෙනහිර දිශා 3ට පමණක් දොරවල් තිබීම
උතුර,දකුණ,බස්නාහිර දිශා 3ට පමණක් දොරවල් තිබීම
දකුණ,නැගෙනහිර,බටහිර දිශා 3ට පමණක් දොරවල් තිබීම
නැගෙනහිර,බටහිර දිශා 2ට පමණක් දොරවල් තිබීම.
ඔන්න ඔය විදි 5න් එකකට ගැලපෙන විදියට දොරවල් තියෙනවනම් අවුලක් නෑ.