වාස්තු විද්‍යාව ගැන උඹල මොකෝ කියන්නේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    වාස්තු විද්‍යාව ගැන උඹල මොකෝ කියන්නේ

    වාස්තු විද්‍යාව ගැන උඹල මොකෝ කියන්නේ
    උඹල ගෙවල් හදන කොට බැලුවද?

    පොඩි උපදෙස් ටිකක් දිහල්ලකෝ
    78654989368-brakma.jpg

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මටනම් මේවා "විද්යාවල්" නෙවෙයි වාස්තු "මිත්‍යාවල්" .. ඇත්තටම වාස්තු "විද්‍යාවන්" ගැන දැනගන්න ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පලයන්
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මටනම් මේවා "විද්යාවල්" නෙවෙයි වාස්තු "මිත්‍යාවල්" .. ඇත්තටම වාස්තු "විද්‍යාවන්" ගැන දැනගන්න ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පලයන්

    වාස්තු බොරු නම් මෙච්චර අවුරුදු ගානක් පැවතෙන්නේ කොහොමද? අනික දැන් ෆෙන්ෂුයි වලට මොකද උනේ ලංකාවේ? දැන් එක ගණන් ගන්නේ නැහැ නේ .. ඒ බොරුවක් නිසා

    අනික මම දන්නා පොරක් ඉන්නවා අමු පණ්ඩිතය.. වස්තු , ජෝතිෂ්‍ය නෙමෙයි නැකත් පවා විස්වාස කරන්නේ නැහැ.... පොර හැම දාම ලෙඩින්... තෙල් බෙහෙත් බි බි ඔෆිස් එකේ ඉන්නේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් ලඟදි ගෙයක් හදන්න ඉන්නේ..
    මටත් මේ ගැන දැනගන්න ඕන..
    ගේ හරි මැද ගිනි කතිරෙ කියලා එකක් තියෙනවද?

     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගෙදර මුළු හතර ඉරකින් ඇන්දොත් කැපෙන තැන බ්‍රහ්ම පාදය නම් වේ.

    එක පෑගෙන්න හොඳ නැහැ

    එක නොපාගෙන තැනකට එන්න ඕනේ.. ඒ කියන්නේ එක උඩින් පඩි පෙළක් හරි කොලම් එකක් හරි එන්න ඕනේ

    හරි හතරැස් නැති ගෙදරකට ගන්න හැටි නම් මම දන්නේ නැහැ

     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    100% vishwasa karot nam itin waasthu kese wetat gedara hada gannat bari line ekak tama set wenne. idam wala gananui, hadanna tiyana space ekai idame angle ekai bauwot gedara main entrance eka allapu gedara toilet walen tamai danna wenne

    habai boru kiala ahaka dannat hoda na. yam taak durakata logic ekakut tiyanawa samahara dewal wala
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    වාස්තු බොරු නම් මෙච්චර අවුරුදු ගානක් පැවතෙන්නේ කොහොමද? අනික දැන් ෆෙන්ෂුයි වලට මොකද උනේ ලංකාවේ? දැන් එක ගණන් ගන්නේ නැහැ නේ .. ඒ බොරුවක් නිසා

    අනික මම දන්නා පොරක් ඉන්නවා අමු පණ්ඩිතය.. වස්තු , ජෝතිෂ්‍ය නෙමෙයි නැකත් පවා විස්වාස කරන්නේ නැහැ.... පොර හැම දාම ලෙඩින්... තෙල් බෙහෙත් බි බි ඔෆිස් එකේ ඉන්නේ

    මමත් ඔය මොකක්වත් විස්වාස කරන්නේ නැහැ තමයි බන් ..ඉතින් ඔය ඉන්නේ හොදට .... අනේ මන්ද උබ විවාස කරනවානම් කරපන් මට අවුලක් නැ එත් ඔය ලෝකේ දියුණුයි කියන රටවල ඕව බලලද ගොඩනැගිලි හදන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන්කෝ ..එත් උන්ට ඔය යස අගේට හරි ගිහින් තියෙන්නේ... මෙහෙ එකාලටනේ ඔය ඔක්කොම අවුල් ..සමහර විට ලංකාවේ පාර්ලිමේන්තුවේ වාස්තු විද්‍යාව අවුල්ද කියන්න දන්නෙත් නැහැ :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගණ පිහිටවීම අවුල් කියල ජාතික ගීයත් වෙනස් කරපු රටක් අපි :D

    එහෙව් එකේ මේවා ගැන පුදුම වෙන්න දෙයක් නෑ උපන්ගෙයි පුරුදු යවන්න බෑ නෙව.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගෙදර මුළු හතර ඉරකින් ඇන්දොත් කැපෙන තැන බ්‍රහ්ම පාදය නම් වේ.

    එක පෑගෙන්න හොඳ නැහැ

    එක නොපාගෙන තැනකට එන්න ඕනේ.. ඒ කියන්නේ එක උඩින් පඩි පෙළක් හරි කොලම් එකක් හරි එන්න ඕනේ

    හරි හතරැස් නැති ගෙදරකට ගන්න හැටි නම් මම දන්නේ නැහැ


    පිස්සුද බන්
    බ්‍රහ්ම පාදය එහෙම නැත්නම් ගිනි කතුර කියන එක නොපෑගෙන්න ගෙවල් හදන්න අමාරුයි ඒක ප්‍රායෝගික නැහැ. වෙන්න ඕනේ ඒ ස්ථානය නිදහස්ව තියෙන්න ඕනේ. එතනට පීඩනයක්, බරක් එන්න හොඳ නැහැ.

    අනික ඔය වාස්තු විද්‍යාව කොටස් තුනකට බෙදෙනවා

    1) පුජනීය වාස්තු
    2) ගෘහ වාස්තු
    3) ව්‍යාපාරික වාස්තු

    අපේ ගොඩ දෙනෙක් ඔය තුනම එකට කලවම් කරගෙන අච්චාරු කරගෙන තමා නාන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    ඔබගේ නිවෙසටත් වාසනාව, සැපත සම්පත කැන්දන වාස්තු ශිල්පීය ක්‍රම යොදා ගැනීමටත් ඒ තුළින් නිවෙස බලවත් කිරීමටත් ඔබ උනන්දු විය යුතුය. ඔබගේ නිවෙස සිරියාවන්ත සැපවත් නිවෙසක් කිරීමට හෝ පාළු මූසල පීඩිත තැනක් කරගැනීමත් ඔබගේම ක්‍රියා පිළිවෙත නිසා සිදුවන බව මතක තබා ගත යුතුය. ඇත්තටම එය සිදුවන්නේ ඔබ හට නිසි වාස්තු දැනුමක් නොමැති නිසාමයි. කිසිම කෙනෙක් තමන්ගේ නිවෙසට අවාසනාව ගෙන ඒමට කැමැති නොවනවා සේම නිවෙසට වාසනාව රැගෙන එන ශි්‍රයා කාන්තාව කැන්දා ගැනීමට සෑම කෙනෙක්ම කැමැති බව නොරහසකි. එසේ නම් වාස්තු ශිල්පීය පිළිවෙත් යොදාගෙන ඔබේ නිවෙසටත් ශි්‍රයා කාන්තාව කැන්දා ගන්න ඔබත් උත්සාහ කරන්න.

    ඊසාන බලවත් කරන්න
    ඔබගේ නිවෙසට සෞභාග්‍ය ළඟා කරගැනීමට නම් නිවෙසේ ඊසාන දිශාව නිසි ආකාරයට බලවත් කරගත යුතු වෙනවා. ඊසාන දිශාව අයත් වන්නේ දෙවියන්ට සහ දරුවන්ටයි. මේ නිසා ඔබේ ආගමික කටයුතු නිවෙසේ ඊසාන දිශාව තුළ ඉටු කිරීමෙන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇතිවී නිවෙසේ භව බෝග සම්පත් වැඩි වෙනවා.
    ඔබ නිවෙසේ ඊසාන දිශාව නිවැරැදිව සොයා ගැනීම කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ නිවෙසේ මධ්‍යයට ගොස් මාලිමාවක් භාවිත කොට නිවෙසේ ඊසාන දිශාව සහ අනෙකුත් දිශාවන් නිවැරැදිව තීරණය කිරීමයි. එසේම මතක තබාගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. ඔබගේ ජංගම දුරකතනය සමඟ මාලිමාව භාවිත නොකිරීමට වගබලා ගත යුතුයි. එවිට මාලිමාවේ දිශාව නිවැරැදි නොවනු ඇත.

    නිවැරැදිව ඊසාන දිශාව තීරණය කරගත් පසු එම දිසාව දෙවියන්ට කැපකිරීම සඳහා ඔබ බදාදා/සෙනසුරාදා දිනයකදී නිවෙස නිසි ලෙස පිරිසුදු කොට කහ දියර ඉස සුවඳ දුම් අල්ලා පිරිසුදු මැටි මුට්ටියකට ජලය ගෙන එය නිවෙසේ මධ්‍යයට ගෙන ගොස් හත් වතාවක් පෙරා එම ජලයට සඳුන්, කිරිපැණි සහ සමන්පිච්ච මල් බහා ඊසාන දිශාවේ ආගමික වතාවත් සිදුකරනු ලබන ස්ථානයේ තබා ජය පිරිත ඇතුළු තුන් සූත්‍රය සජ්ජායනා කොට තෙරුවන් නමැද ඊසාන දෙවියන්ට ඇතුළුව විෂ්ණු, කතරගම, විශ්වකර්ම, මය, විශ්වජිත් යන දෙවියන්ටද පින් අනුමෝදන් කොට නිවෙසට සෙත් පැතිය යුතුයි. ඉන්පසු කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින් එම පැන් බඳුනේ ජලය දෙහි අත්තකින් හෝ පොල් මල් කිනිත්තකින් දක්ෂිණාවෘත්තව නිවෙසේ සෑමතැනම ඉසිය යුතුයි. මෙය නොකඩවා සත් දිනක් කෙම්මුර දිනවල කිරීමෙන් ඔබේ නිවෙසේ ඊසාන දිශාව වඩාත් බලවත් වී නිවෙසට ඊසාන දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති වී ශි්‍රයාකාන්තාව නිවෙසට වඩිනු ඇත. එසේම නිවෙසින් පිට ඊසාන දිශාවේ දේව වෘක්ෂ කොහොඹ ශාකය සිටුවීමෙන් ඊසාන දිශාව වඩාත් බලවත් කළ හැකිය. කොහොඹ ශාකය යනු දෙවියන් සඳහා වන ඇන්ටනාවක් ලෙස පෙන්වා දිය හැකිය.

    බ්‍රහ්ම පාදය හා නිරිත
    ඊසාන දිශාව බලවත් කිරීමට සමගාමීව ඔබගේ නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් බ්‍රහ්ම පාදය නිසි ලෙස බලගන්වා ගැනීම කළ යුතු වෙනවා. මේ සඳහා ගෘහ මූලිකයාගේ ජන්ම නැකැතට සරිලන ලෙස බ්‍රහ්ම පාදය සක්‍රිය කිරීමේ ක්‍රම ශිල්පයන් අනුගමනය කළ හැකි අතර පොදුවේ බ්‍රහ්ම පාදය මත කොහොඹ ලීයෙන් සාදන ලද කනප්පුවක් තබා පූජනීය පාත්‍රය ඒ මත වඩා හිඳුවීම තුළින් බ්‍රහ්ම පාදය සක්‍රිය කර ගත හැකිවේ. එසේම ඔබගේ ගෘහයේ නිරිත දිශාවද පිරිසුදුව සහ ක්‍රමවත්ව පවත්වා ගැනීම යහපත් වන අතර නිවෙස තුළ ආරෝග්‍ය සම්පත ආරක්ෂා වීමටද එය කදිම විසඳුමකි. නිවෙසින් පිටතට පරිශ්‍රයේ බෙලි හෝ දිවුල් පැළයක් සිටුවීම තුළින් නිරිත දිශාව වඩාත් බලවත් කළ හැකිය.

    මේ ආකාරයට ඔබගේ ගෘහයේ ඉතා සංවේදී කලාප තුන වන ඊසාන දිශාව, බ්‍රහ්ම පාදය සහ නිරිත දිශාව නිසි ලෙස බලගන්වා ගැනීම තුළින් නිවෙසට ශි්‍රයා කාන්තාව කැන්දාගත හැකි අතර ධනය සහ සෞභාග්‍යය නිවෙසට නොඅඩුව ලැබෙනු ඇතැයි සෘෂි උතුමන් පෙන්වා දී ඇත


    නෙට් එකෙන් උස්සලා දැම්මේ.. මේවා ගැන නම් දන්නේ නැත
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    Oya boru manasgatha oluwata dagena eka eka posath karanna yanna epa...:angry::angry:
    e wiyadam karana salli walin wena mona hari karapan:yes:

    Rupawahini eke Thursday ra yana Yatharoopa programme eka balahan:cool::cool:
    Eka dawasak wasthu karayo genalla dunna duwanna....:):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගණ පිහිටවීම අවුල් කියල ජාතික ගීයත් වෙනස් කරපු රටක් අපි :D

    එහෙව් එකේ මේවා ගැන පුදුම වෙන්න දෙයක් නෑ උපන්ගෙයි පුරුදු යවන්න බෑ නෙව.

    කව්ද කිව්වෙ එහෙම වෙනස් කලා කියල ? :shocked: :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කව්ද කිව්වෙ එහෙම වෙනස් කලා කියල ? :shocked: :shocked:
    ඇයි ජාතික ගීය වෙනස් කරා කියල අහල නැද්ද මුලට එන අකුර අසුබයි කියල. :baffled:

    ජාතික ගීයේ "ගණ" පිළිබඳ ගැටලුවක්‌ පවතින බවත් නමෝ නමෝ මාතා යන්න අපායාක්‌ෂරවලින් ආරම්භ වන බවත් එමගින් රටට හා ජනතාවට මෙන්ම ආණ්‌ඩුවට ද අපලදායක තත්ත්වයක්‌ උද්ගත වන බවත් එවක සිටි දෛවඥයෝ පෙන්වා දුන්හ. එය සැලකිල්ලට භාජනය කරමින් 1962 දී "නමෝ නමෝ මාතා" වෙනස්‌ කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය කෙරිණි. ඒ බව එවක සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 1962 පෙබරවාරි 03 වෙනි දා නිවේදනය කරන ලදී. මේ සමගම තමා විසින් රචිත ජාතික ගීයට සුවිශාල අසාධාරණයක්‌ කළේ යෑයි සිත් වේදනාවට හා කලකිරීමට පත් ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය කොට සියදිවි නසාගත් බව ද සඳහන් කළ යුතුය
    - http://www.divaina.com/2013/04/17/badada01.html.