වාහනයක අය්තිය මාරු කිරීම ?

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    වාහනයක අය්තිය මාරු කිරීම ?

    මම මචන් ගන්න යන්නේ car එකක් colombo පොරක්ගෙන් , මට කියන්නකෝ වාහනේ අය්තිය කොහොමද මාරු කරන්නේ , ලියකියවිලි මොනවද ඕන කරන්නේ ?

    step by step කියන්න පුලුවන්නම්,හොදි
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1) එම්.ටී.ඒ. 6 ෆෝම් එක කලින් අයිතිකරුගෙන් අත්සන් කරලා ගන්න.
    2) කලින් අයිතිකරු ඔයාට වාහනය විකිණුවා කියලා ලියුමක් ගන්න.
    3) කලින් අයිති කරුගේ අයිඩී කොපි එකක් ගන්න.

    නෝමල් දානව නම්
    එම්.ටී.ඒ. 8 ෆෝම් එකේ ඔයාගේ විස්තර පුරවන්න.
    ඔයාගේ අයිඩී කොපි එකයි. ග්‍රාමසේවකට කියලා සහතික කරගත්තු 2.0 x 2.5 සයිස් ෆොටෝ කෑලි දෙකයි අරන් ප්‍රදේශීය ලේඛම් කාර්යාලයට යන්න. ඒ වගේම ආදායම් බලපත්‍රයේ ෆොටෝ කොපි එකයි ඔරිජිනල් එකයි, වාහනේ පොතයි අරං යන්න. පොතේ ෆොටෝ කොපි එකක් ඔයා තියාගන්න.

    මුද්දර ගාස්තු ටිකක් ගෙවන්න වෙයි. විනාඩි 15 ක විතර පොඩි වැඩක් තියන්නේ.
    ඔය මම කිව්වේ මම කරගන්න විදිහ
    වැල් වටාරම් එක්ක විස්තර ඕනෙ නම් http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si