වාහනය ගංවතුරට හසුවූ පසු මොකද කරන්නෙ?

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    වාහනය ගංවතුරට හසුවූ පසු මොකද කරන්නෙ?

    ලංකාවට එකවර හදිසි තත්ත්වයක් ආවෙ කවුරුත් නොහිතපු වෙලාවක. හදිසි ආපදාවත් එක්ක ලංකාවෙ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුණ දුන්නා. ඒ වගේම අනිත් මිනිස්සු පුලුවන් විදිහට help කරනවා. අපිත් පුලුවන් උපරිම උදව් කරනවා. ඒ වගේම අපේ ලිපි කියනවා පාඨකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙත් පුලුවන් විදිහට පොඩි හරි උපකාරයක් කරන්න. හරි නිරන්තර වාහන හිමියන් වෙනුවෙන් පෙනී සිටින අපි අද කියන්න යන්නෙ ගංවතුරට හසුවුන වාහනයක් ඊට පස්සෙ මොකද කරන්නෙ කියලා. මොකද ගොඩක් අයට මේ අත්දැකීම නෑ.

    1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක් තියනවා.

    2. වාහනේ කොච්චර ගංවතුරෙ ගිලුනද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. වාහනේ ගෑවිලා තියන මඩ හෝ වතුර ලෙවල් එක බලන්න. ගොඩක් වෙලාවට ලෙවල් එක දොරේ යට කොටසින් ඉවරයි නම් ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට රක්ෂණ සමාගම් වලින් වාහනයක් ගංවතුරට අහුවුනා යැයි සළකන්නෙ ඩෑෂ්බෝඩ් එක ළඟට වත් වතුර පිරිලා නම් විතරයි.

    3. කෝල් ඉන්ෂුවරන්ස්
    ඔයා දාල තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම් ප්‍රශ්ණයක් නෑ. මොකද ඒකෙ ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරනය අඩංගු වෙනවා. ඒ නිසා ඔයාගේ රෙපෙයාර් එකට යන ගාන ක්ලේම් කරගන්න පුලුවන්. ප්‍රශ්ණයක් නෑ.

    4. ඒ වැඩේ ඒ පැත්තෙන් වෙනකොට මේ පැත්තෙන් අපි වාහනේ ගොඩදාගන්නත් එපැයි. මුලින්ම ඇතුලෙන් පටන්ගන්න. වාහනේ ඇතුලට වතුර ගිහින් නම් වාහනේ දොරවල් ඇරලා කාපට් ඔක්කොම අයින් කරලා ඉක්මණින් වතුර ටික අයින් කරන්න. ටවල් දාලා හොඳට වේලගන්න. නැත්තම් ෆුට්බෝඩ් එක පරිස්සම් කරගන්න බැරිවෙනවා.

    5. ඔයිල් සහ එයාර් ක්ලීනර් චෙක් කරන්න
    ඔයිල් කූරෙ වතුර හෝ ඔයිල් ලෙවල් එක වැඩියෙන් පෙන්වනවා නම් හෝ එයාර් ෆිල්ටර් එකේ වතුර නම් එන්ජිම ස්ටාර්ට් කරන්න යන්න එපා. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටිකත් ඒ විදිහටම චෙක් කරගන්න.

    6. අනිත් ඔයිල් වර්ග ටිකත් චෙක් කරගන්න
    අලුත් වාහන වල නම් සීල්, හැබැ‍යි පරණ වාහන වලට එනකොට බලන්න වෙනවා. බ්‍රේක්, ක්ලච්, පවර් ස්ටියරින් සහන් කූලන්ට් අපවිත්‍ර වෙලාද බලන්න.

    7. ඊට පස්සෙ බලන්න ඉලෙක්ට්‍රික් සිස්ටම් ටික. එන්ජින් එකේ වරදක් නැත්නම් වාහනේ ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, A/C, රේඩියෝ පවර් ලොක් ෂටර්ස් සහ සීට් වැඩද බලන්න.

    8. වාහනේ ටයර් සහ වීල් චෙක් කරන්න. වාහනේ කිසිම වරදක් නැත්නම් සුපුරුදු විදිහට ටයර් ටික චෙක් කරලා බලන්න


    Source - http://turboholics.lk/2016/05/20/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7-%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%B8/