වාහනය ධාවනයට පෙර පසු හා නවතා තැබීමේ දී
[FONT="]වාහනය මාර්ගයේ ධාවනයේ දි හා නවතා තැබීමේදී අනුගමනය කිරීමට සුදුසු යැයි හැඟෙන කරුණු කිහිපයක් මෙලෙස බෙදා හදා ගැනීමට සිත්විය. අත්දැකීම් මත (මාගේ සහ මිතුරන්ගේ) සහ කාලයක් වෘත්තිය රියැදුරන් ලෙස සේවය කරන කිහිප දෙනෙක්ගෙන් අසා දැනගත් කරුණු ද මේ අතර වෙයි.[/FONT]
[FONT="]වාහනය ධාවනයට පෙර –[/FONT]
[FONT="]1) එන්ජිම පණ ගැන්වීමට පෙර වාහනය වටා එක් වටයක් ගොස් පරීක්ෂා කිරීම හොඳය. ටයර් වල හුලං බැස තිබීම, රෝද වලට අඩයක් තබා ඇත්නම් එය ඉවත් කිරීමට අමතක වී තිබීම, වාහනයේ බඳට හෝ paint එකට කුමන ආකාරයක හෝ හානියක් වී තිබීම වැනී දෑ මේ නිරීක්ෂණයෙන් අසු විය හැක.[/FONT]
[FONT="]2) වාහනයේ යට කොටස ද එක් වරක් හෝ එබී බලා පරීක්ෂා කිරීම කළ යුතුය. මෙය වාහනය යට රිංගා සිටිය හැකි බල්ලන් බළලුන් හා ඇතැම් විට කුඩා ළමුන්ගේ ජීවිතය රැක දෙයි.[/FONT]
[FONT="]3) වින්ස්ක්රීන් එක පහල කොටසේ ගස් වල කොළ වැනි දෑ වැටී ඇත්නම් ඉවත් කළ යුතුය. වයිපර් ක්‍රියාත්මක කිරීමට සිදු වුවහොත් මෙම කොල නිසා වීදුරුවේ සීරීම් ඇතිවිය හැක.[/FONT]
[FONT="]4) හිස් ප්ලාස්ටික් මෙගා බෝතල් දෙකකට ජලය පුරවා නිතරම වාහනයේ තබා ගන්න. හදිසියේ වින්ඩ්ස්ක්‍රීන් එක සෝදා ගැනීම සඳහා හෝ කුරුලු මල පහ paint එකට වැටී ඇත්නම් හානි වීමට ප්‍රථම සෝදා හැරීම සඳහා ප්‍රයෝජනවත් ය.[/FONT]
[FONT="]5) හෑන්ඩ් බ්රේක් ඇද ඇත්දැයි බලා, ගියර් neutral දැයි බලා එන්ජිම පණගන්වන්න. වීදුරු පහත් කර AC එක ක්‍රියාත්මක කරන්න. AC එකේ මුලින්ම එන සුලං ඉවත් වී යාම හොඳ බව ලිපියක දුටුවෙමි. අව්වේ වාහනය තිබුනේ නම් එම වායුවේ පිළිකා කාරක තිබිය හැකි බව එහි සඳහන් විය. වාහනය move කළ යුත්තේ එන්ජිම පණ ගැන්වී මිනිත්තුවකට පමණ පසුව බව පැරණි රියැදුරෝ පවසති. එන්ජින් ඔයිල් නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට එම කාලය අවශ්‍ය බව කියැවේ.[/FONT]
[FONT="]මාර්ගයේ ධාවනයේ දී –[/FONT]
[FONT="]6) බස් රථ, ලොරි රථ, ප්‍රභූ යැයි කියා ගන්නා උන්ගේ ආරක්ෂක රථ හෝ වැසිකිළි යාමේ හදිසියෙන් ඔබගේ රථය පිටුපස අලවා ගෙන ධාවනය කරන ඕනෑම අයෙකුට ඔබ පසු කර යාමට (හැකි නම් වමේ අයිනට වී හෝ ) ඉඩ ලබා දෙන්න. එවන් අයට අණක් ගුණක් (හෝ තමන්ටම කියා වාහනයක් ) නැති හෙයින් ඔවුන්ට බාධා කිරීමෙන් ඔබේ වාහනයට හානි පැමිණිය හැක.[/FONT]
[FONT="]7) කිසිදු විටක මෝටර් සයිකල් කරුවන් පසු පසින් ගමන් නොකරන්න. චේන් හිරවී ඇද වැටෙන කබල් මෝටර් සයිකල් මම දැක ඇත්තෙමි. නවතා ගත හැකි දුරකින් නොගියොත් ඔවුන් අපගේ වාහනයට යටවී නිකරුනේ අපත් අහක යන කරුමයකට කර ගැසිය හැක.[/FONT]
[FONT="]8) ලොරි රථ, බස් රථ, කන්ටේනර් රථ ආදි සියලු බර වාහන වලට සැලකිය යුතු දුරක් සහිතව ධාවනය කළ යුතුය. විශේෂයෙන් කඳු වලදී පිටුපසින් විශාල දුරක් තබාගෙන යාම නුවණට හුරුය. කෙතරම් දක්ශ රියැදුරන් විසින් ඒවා ධාවනය කළත් Clutch පාලනය ගිලිහී පිටුපසට ඒමේ අවදානමක් ඇත. විශේෂයෙන් කන්දක නැවතී ඇති රථවාහන අවහිරයක දී එවන් වාහන වලට බොහෝ පිටුපසින් සිටිය යුතුය. පිටුපස වාහන හෝන් ගැසුවාට කලබල නොවී ආරක්ෂිත දුරකින් සිටින්න.[/FONT]
[FONT="]9) මාර්ගය හරහා දුම් රිය මාර්ග වැටී ඇති සියලු ස්ථාන වලදී රේල් ගේට්ටු ඇර ඇත්නම් දුම් රිය පැමිනේදැයි පරීක්ෂා කර බලා හරහා යාම සිදු කළ යුතුය. රථයේ තවත් අයෙකු සිටී නම් ඔහු බැස ගොස් පරීක්ෂා කර බැලීම වටියි (දුම් රිය මාර්ගයේ දෙපස හොඳින් නොපෙනෙන අවස්ථාවක ). කිසිදු විටෙක ස්වයංක්‍රීය ගේට්ටු හෝ ගේට්ටු ක්‍රියාකරුවන් විසින් වසන ගේට්ටු වුවද එහි ක්‍රියාකාරිත්වය නිසි පරිදි නිසි වේලාවට සිදුවනු ඇතැයි විශ්වාස නොකරන්න.[/FONT]
[FONT="]10) නීතියේ සඳහන්ව නැතත් වාහනයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් (මුල් සහතිකය නොවේ) ධාවනයේ දි ලඟ තබා ගන්න. වාහනයේ යා හැකි මගීන් ගණන සම්බන්ධ ව හෝ වාහනය නීති විරොධී ලෙස වෙනස් කර ඇතැයි පොලිස් නිලධාරියෙක් චෝදනා කළහොත් මෙලෙස තිබීම ප්‍රයෝජනවත් ය.[/FONT]
[FONT="]11) ඩැෂ්බෝඩ් කැමරා ඉදිරි පස වින්ස්ක්රීන් එකට සහ පසුපස වීදුරුවට සවි කර ගත හැකි නම් ඔබ විසින් සිදු නොකළ මාර්ග නීති කඩ කිරීමක් ගැන චෝදනා කළොත් පෙන්වා දිය හැක.[/FONT]
[FONT="]නවතා තැබීමේදී –[/FONT]
[FONT="]12)හැකිතාක් ඉඩ කඩ ඇති තැනක් බලා park කරන්න. බොහෝ විට අනිත් වාහන වල දොර අරින්නට ගොස් අපේ වාහනයේ දොරෙහි සීරීම් තැලීම් ඇති වීම වල සිදුවේ. වාහනයට ඉහලින් වැටිය හැකි පොල්, අඹ වැනි දෑ ඇත්නම් එම ස්ථාන වල park නොකරන්න. සෑම විටම හැන්ඩ් බ්රේක් ඇද තබන්න..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලිපියේ අයිතිය - [FONT="]Chathura Tennakoon[/FONT][/FONT]
[FONT="][FONT="]alto fan club blog
[/FONT][/FONT]

+29