අලුතින් වාහන ගත් බොහෝ දෙනෙක් හා වාහන කලක් තිස්සේ භාවිතා කරන බොහෝ දෙනෙක් වාහනය නිසියාකාරව සෝදන බවක් නොපෙනේ. වේලාවක් හෝ අවශ්‍ය පහසුකම් නොමැති වීම මත එසේ වනවා වන්නට පුලුවන.
දැඩි හිරු එළිය සහිත දිනක පාරේ යන අලුත් වාහන දෙස බැලුවොත් සෝදා පිරිසිදුව තබා ගෙන යන වාහන වලත් සේදීමේදී සිදුවී ඇති හානි හිරු එළියෙන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
බොහෝ විට දැකිය හැකි වන්නේ sponge හෝ විවිධ රෙදි කෑලි භාවිතයෙන් සේදීම නිසා ඇතිවී තිබෙන swirl marks ය (අදාල ඡායාරූපය බලන්න ).
Automatic Car Wash නිසා ද මෙවැනි swirl marks ඇතිවේ. වාහනය කල් යාමත් (Aging) සමග මෙවැනි Swirl marks ඇතිවීම නොවැළැක්විය
හැකි වුවත් මෙලෙස අලුත් වාහන වල පින්තාරුවේ swirl marks ඇතිවීම සිදුවන්නේ නොසැලකිලිමත් ලෙස සේදීම නිසාය.
මෙවැනි වාහන නිතර නිතර දැකීම නිසා මෙවැනි සලකුණු පින්තාරුවේ ඇතිවීම අවම වන ලෙස වාහනය සෝදා ගන්නා පිළිවෙල පිළිබඳ මෙම සමූහයේ සාමාජිකයන් දැනුවත් කිරීමට සිත්විය.
මෙම කරුණු අන්තර්ජාලයෙන් ඉගෙනගෙන මගේ වාහනය සේදීමේදි මා විසින් ප්‍රායෝගිකව යොදා ගැනෙන ඒවා බවත්, සමහර කරුණු මා විසින් අත්දැකීම් මත සඳහන් කරන (භාවිතා කරන ) ඒවා බවත් කරුණාවෙන් සලකන්න.ඇතැම් අයට මෙය වැදගත් නොවන බව දනිමි. වාහනය තමන් විසින්ම සෝදා ගත හැකි අයට පමණක් මෙය ප්‍රායෝගිකව යොදා ගත හැකි බවද සඳහන් කරමි.
වාහනය සේදිම කළ යුත්තේ අව්ව නොවැටෙන සෙවණ සහිත (ගස් යට නොවන ) ස්ථානයක ය. වාහනය රත් වී ඇති විටක හෝ අව්වට රැගෙන සේදීම නොකරන්න. පින්තාරුවට හානිදායකය.
දැන් වාහනය සෝදන අයුරු -
පියවර 1 -
===================================================
EZ Jet Water Cannon හි FLAT හෝ FAN යන modes භාවිතා කරමින් පහත පිළිවෙලට (වාහනයේ body ඉහල සිට පහලට ) වාහනය ඇතිල්ලීමකින් තොරව අපද්‍රව්‍ය හැකි උපරිම මට්ටමට ඉවත් වන තෙක් සෝදා ගන්න.
1) වහලය කොටස
2) පැති වීදුරු, වින්ඩ්ස්ක්‍රීන් දෙක
3) පිටුපස දොර, පැති දොරවල් සහ බොනට් එක
4) ඉදිරි පස හා පිටුපස ප්‍රධාන ලයිට් සහ ඊට පහල කොටස්
5) STRAIGHT හා ANGLE modes භාවිතා කරමින් Wheel, Wheel covers සහ Wheel wells
පියවර 2 -

මෙලෙස මූලික ලෙස පින්තාරුව මත ඇති අපද්‍රව්‍ය මනාව ඉවත් වන සේ සෝදා ගත් පසු Two Buckets Car Wash ක්‍රමය අනුගමනය කරමින් පහත ආකාරයට car wash liquid යොදා වාහනය අතුල්ලා ගන්න.වාහනයේ පහල කොටස සේදීම සඳහා එක් Micro Fiber Towel එකක්ද ඉහල කොටස සේදීම සඳහා තවත් Micro Fiber Towel එකක් ද භාවිතා කරන්න. මේ දෙක මාරු කරමින් භාවිතා නොකරන්න. වාහනයේ පහල කොටසේ අපද්‍රව්‍ය තැන්පත් වීම වැඩි හෙයින් එම කොටස සඳහා යොදා ගන්නා Micro Fiber Towel එකම ඉහල කොටස සඳහා යොදා නොගත යුතුය. Car wash liquid යොදා අතුල්ලා ගත යුත්තේ ද සේදිමේදි භාවිතා කළ car body අනුපිලිවෙලටම ය.
Two Buckets Car Wash ක්‍රමයට අනුව මුලින්ම Micro Fiber Towel එක සහිත නිල් පැහැති car wash liquid බාල්දියෙන් පොඟවා ගෙන පෙන සහිතව car body එක ඇතිල්ලීම කළ යුතුය.
නැවත පොඟවා ගැනීමට කෙලින්ම car wash liquid සහිත බාල්දියට දමන්නේ නැත. එලෙස දැමීමට පෙර අපද්‍රව්‍ය සහිත Micro Fiber Towel එක රතු පැහැති බාල්දියට දමා සෝදා ගැනීමෙන් පසුව පමණක් නිල් පැහැති car wash liquid බාල්දියට දැමිය යුතුය.
මෙම ක්‍රමය අඛන්ඩව අනුගමනය කරන්න. එනම් අලුතින් car wash liquid පොඟවා ගැනීමට පෙර Micro Fiber Towel එක රතු පැහැති බාල්දියට දමා සෝදා ගන්න. මෙයින් car body එකේ Micro Fiber Towel එකට මාරු වන අපද්‍රව්‍ය car wash liquid සහිත බාල්දියට එක්වීම නවතින අතර ඒවා රතු පැහැති බාල්දියේ තැන්පත් වේ.
එකම බාල්දියෙන් car wash liquid පොඟවමින් සේදීමේදී අපද්‍රව්‍ය නැවත නැවත සෝදන ජලයට එකතුවීමෙන් car body එක සීරීමෙන් වෙන හානිය මෙම ක්‍රමයෙන් අවම කෙරේ. මෙය ලොව පිලිගත් ක්‍රමයකි.
වාහනයේ ඉහල සහ පහල කොටස් ලෙස වෙන කර සෝදා ගත යුතු සිමාව රූපයේ දක්වා ඇත. අදාල ඡායාරූපය බලන්න. සෑම විටම කොටස් දෙකට Micro Fiber Towel දෙකක් භාවිතා කරන්න. මුලින් ඉහල කොටස සෝදන්න. කොටස් දෙක සඳහාම Two Buckets Car Wash ක්‍රමය භාවිතා කරන්න. ටයර් සේදිම සඳහා රළු රෙදි කැබැල්ලක් යොදා ගන්න. Wheel cover සඳහා කපු රෙදි කැබැල්ලක් යොදා ගන්න. ටයර් සහ වීල් සඳහා car wash යෙදීම කළ යුත්තෙ අවසාන අදියර වශයෙනි.
පියවර 3 -
====================================================
වාහනය සඳහා ඉහත පිලිවෙලට car wash liquid යෙදූ පසු නැවතත් පියවර 1 හි අනුපිලිවෙලටම car wash liquid ඉවත් වනතුරු වාහනය සෝදා ගන්න. පසුව තුන්වන Micro Fiber Towel එක ගෙන එයින් මෘදු ලෙස car body එක පිස දමා ගන්න (ජලය මිරිකා හරිමින් ). අවසාන වශයෙන් වාහනයේ දොරවල් ඇර අහුමුලු වල ඇති ජලයත් පිස දමන්න.
මේ ආකාරයෙන් වාහනය සේදීම ඉතා අපහසු කටයුත්තක් බව දනිමි. එහෙත් මම මෙය ප්‍රයෝගිකව භාවිතා කරමි. අන්තර්ජාලය අනුව දියුණු රටවල බොහෝ දෙනෙක්ද මෙම ක්‍රමය අනුගමනය කරති. වඩා හොඳ යෝජනා සහ අදහස් තිබේ නම් මෙහි comment කරන්න. තවත් ලිපියකින් වාහනය WAX කරන ආකාරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.
වැදගත් කියලා හිතෙනවා නං අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න
EZ JET WATER CANNON එකක් ගන්න ඕන අයට මෙන්න ඉක්මන් එකේ ලිංක්
බලලා ගනිල්ලා !
https://ikman.lk/en/ad/ez-jet-water-cannon-for-sale-colombo-77
https://ikman.lk/en/ad/water-cannon-ez-jet-for-sale-colombo-6
https://ikman.lk/en/ad/ez-jet-water-cannon-8-in-1-for-sale-colombo-1
https://ikman.lk/en/ad/ez-jet-water-cannon-for-sale-colombo-76
https://ikman.lk/en/ad/teleseen-product-ez-jet-water-cannon-for-sale-colombo

වාහනය මේ ආකාරය සේදීම සඳහා පහත සඳහන් දෑ අවශ්‍යය.
- 4 Litre රතු පැහැති ප්ලාස්ටික් බාල්දියක් සහ 4 Litre නිල් පැහැති ප්ලාස්ටික් බාල්දියක් (Two buckets car wash method සඳහා ) (අදාල ඡායාරූපය බලන්න ).
- Microfibre clothes තුනක් (වාහනයේ Body උඩ කොටස, යට කොටස සේදීම සහ පිස දැමීම සඳහා). වාහන සේදීම සහ පිස දැමිම සඳහා Microfibre clothes පමණක්ම භාවිතා කළ යුතු අතර වෙනත් කිසිදු රෙදි කැබැල්ලක් හෝ sponge භාවිතා නොකළ යුතුය. Microfibre clothes වලට යම් දූවිලි හෝ වැලි කැට වැනි දෑ ඇත්නම් පින්තාරුවට හානියක් නොවන ලෙස රඳවා ගැනීමේ හැකියාව පවතී (අදාල ඡායාරූපය බලන්න ).
- වාහන සේදීම සඳහාම නිපදවූ car wash liquid බෝතලයක්. සබන් හෝ හිසට යොදන ෂැම්පූ භාවිතා නොකරන්න.
- ez jet water cannon එකක්. Electric pressure washer ඇත්නම් මෙය අවශ්‍ය නොවන අතර එවැන්නක් නැත්නම් මෙය අනිවාර්යෙන් මිලදි ගන්න. රු 1000 කට වඩා අඩු මුදලකට මෙය මෙරටදීම මිලදී ගත හැකි deal web sites ඕනෑ තරම් ඇත.
- මෙහි එක එක mode වලට මාරු වෙමින් ජල පීඩනය හා ජලය විසිරී යන ආකාරය වෙනස් කරමින් වාහනය සේදිය හැක. මෙයින් ජලය ඉතිරි වනවා පමණක් නොව ඇතිල්ලීමකින් තොරවම පළමු අදියරේදී වාහනය ඇලී ඇති දූවිලි හා මඩ ඉවත් කර ගත හැක.
දැන් වාහනය සෝදන අයුරු -
- රතු පැහැති බාල්දියට ලීටර 4 ක් පිරිසිදු ජලය පුරවා ගන්න. නිල් පැහැති බාල්දියට ලීටර් 4 ක් පිරිසිදු ජලය සමග අදාල අනුපාතයට car wash liquid මිශ්‍ර කර පෙණ නගින තුරු කලතා ගන්න. බාල්දි දෙකම පසෙකින් තබන්න.

Last edited: