පාර ක්රොස් කරන තැන සුදු ඉරි ටිකට දෙපැත්තෙන් (වම්පැත්තෙන් සහ දකුණු පැත්තෙන්) දැති ඉරි වගයක් තිබිලනෙ තනි සුදු ඉරට එන්නේ. ඊට පස්සෙනෙ කඩ ඉරි වැටෙන්නේ. ඒ අවස්ථාවක වාහනේ පාරේ අනික් පැත්තට ගන්න පුලුවන්නෙ. ගැටලුව තමා අර මම කියපුදැති සම්බන්ධ නීතියක් තියෙනවද? ඒක අහන්න හේතුව අපේ ටවුමේ ඔය වගේ පාර ක්රොස් කරන තැනක පාරෙන් එහා පැත්තෙ සුපර්මාර්කට් එකක් තියෙනවා. ගොඩක් අය පාර ක්රොස් කරන තැනින් තමා පාරෙ අනික් පැත්තට දාල මාකට් එක තියෙන තැනට වාහනේ දාන්නෙ. ඒක නීති විරෝධියි නේද?