වාහන අංකයට ඔබේ නම…......
ලොව බොහෝ රටවල මෙය ක‍්‍රියාත්මක වුවද අපේ රටේ එවැන්නක් මෙතෙක් ක‍්‍රියාත්මක වූයේ නැත.
කෙසේ වෙතත් මේ වන විට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ලහිලහියේ ඒ සඳහා කටයුතු කරමින් සිටී. ඒ අනුව තව නොබෝ දිනකින් ඒ අවස්‌ථාව ශ‍්‍රී ලාංකිකයන්ට ද උදාවීමට නියමිතය. කෙසේවෙතත් ඒ සඳහා විශාල මුදලක් අයකරන්නට නියමිතය. ඒ අනුව යම් කිසි පුද්ගලයෙක්‌ට තම නාමය අංක තහඩුව ලෙස භාවිතා කරන්නට නම් අවම වශයෙන් රුපියල් ලක්‌ෂ දහයක සිට ලක්‌ෂ පනහක ගාස්‌තුවක් රජයේ ගාස්‌තුව ලෙස ගෙවිය යුතුය. එසේම එකම නම කීපදෙනෙක් ඉල්ලා සිටියහොත් එම නම වෙන්දේසි කර වැඩිම මිල ඉදිරිපත් කරන තැනැත්තාට ලබාදීමට නියමිතය. ඒ අනුව ඇතැම් විට තමන්ට අවශ්‍ය නාමය ලබාගන්නට අතිවිශාල මුදලක් වුව ගෙවන්නට සිදුවුවහොත් එය පුදුමයක් නොවේ.
එක් පුද්ගලයකුට වාහන කීපයක තම නම යොදන්නට අවශ්‍ය නම් එම පුද්ගලයාගේ නම යෙදීමෙන් පසු ඒ එක් එක් වාහනයේ 1, 2, 3, 4 ලෙස අංක යෙදිය හැක. මෙහිදී ඒ ඒ සෑම වහනයක් සඳහාම රුපියල් ලක්‌ෂ දහය බැගින් ගෙවිය යූතුය. මෙහිදී අංක තහඩුවේ ප‍්‍රමාණය වර්තමාන අංක තහඩුවේ ප‍්‍රමාණයම වන අතර එහි භාෂාව ලෙස ඉංග‍්‍රීසියෙන් පමණක් නාමය භාවිත කළ හැක. එසේම යොදන නාමය හෝ වචනය රටේ නීතියට අනුකූල විය යුතුය.
මෙම වාහනවල නියමිත අංකය වාහනයේ වාර්ෂික ආදායම් බලපත‍්‍රයේ යොදනු ලබන අතර එය ප‍්‍රදර්ශනය කළ යුතුය. නව අංක තහඩු සඳහා ඉල්ලූම් කිරීම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා සිදුකළ හැක. මේ නව අංක තහඩු නිපදවීම සඳහා මේ වන විටත් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සමාගම් වලින් මිල ගණන් කැඳවා තිබේ.