වාහන ආනයනයේ දී සහන
පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර තුනහමාරේ සිට වසර හතර දක්වා වැඩිකිරීමට කටයුතු කෙරේ. ඊට අමතරව වෙනත් වාහන ආනයනය සඳහා වෙන් කර තිබූ වසරක කාලය වසර දෙක දක්වා දිර්ඝ කිරීමට ද ජනාධිපතිතුමා අනුමැතිය දී තිබේ.
වාහන ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඊයේ (17) අරලියගහමන්දිරයේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.
එම සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් පාවිච්චි කරන ලද වාහන ආනයන කිරීමේ කාලසීමාව මෙසේ වෙනසකට ලක් කිරීමට ජනාධිපතිතුමාගේ එකඟත්වය ලැබී ඇත.
මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා යන මහත්වරුන් ඇතුළු වාහන ආනයනකරුවන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක් වූහ.