වාහන ආනයනය සීමා කරනවා..
වාහන ආනයනය සීමා කරනවා
ඇමැති රවි කරුණානායක
ශිරාන් රණසිංහ
මේ රටේ මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බැවින් අදාළ අංශ සමඟ සාකච්ඡා කර වාහන ආනයනය සීමා කිරීමට රජය ක්‍රියා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා "දිවයින" ට පැවසීය.
රටට අවශ්‍ය වන්නේ වාහන මිලදී ගැනීම නොව රටේ පොදු මහජනතාවට සහන සැලසීම යෑයි කී අමාත්‍යවරයා ඒ අනුව රට හැදීමේ ෙච්තනාව මත මෙවර අයවැය යෝජනා සැකසූ බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලක්‍ෂ හැට නවයක් වාහන තිබෙන අතර ඊට අමතරව රාජ්‍ය අංශය සතුව වාහන 68,000 ක් ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙරට මහාමාර්ග පද්ධතිය ශක්‌තිමත් කරන තෙක් වාහන ආනයනය සීමා කිරීම රජයේ අරමුණ වී ඇති බවත් ජනතාව දුගී බවින් මුදවා ගෙන සමස්‌ත ජනතාවට සංවර්ධිත රටක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන ඉලක්‌කය බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
මේ රටේ වාහන මිලදී ගන්නේ ධනවතුන් බවත් තුන්වේල හරියට නොලැබෙන ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අයවැය කර ඇති යෝජනා පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටී.