වාහන ආනයනය සීමා කරනවා..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    වාහන ආනයනය සීමා කරනවා..

    වාහන ආනයනය සීමා කරනවා
    ඇමැති රවි කරුණානායක

    ශිරාන් රණසිංහ

    මේ රටේ මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක්‌ මෙරටට ආනයනය කර ඇති බැවින් අදාළ අංශ සමඟ සාකච්ඡා කර වාහන ආනයනය සීමා කිරීමට රජය ක්‍රියා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා "දිවයින" ට පැවසීය.

    රටට අවශ්‍ය වන්නේ වාහන මිලදී ගැනීම නොව රටේ පොදු මහජනතාවට සහන සැලසීම යෑයි කී අමාත්‍යවරයා ඒ අනුව රට හැදීමේ ෙච්තනාව මත මෙවර අයවැය යෝජනා සැකසූ බවද කියා සිටියේය.

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලක්‍ෂ හැට නවයක්‌ වාහන තිබෙන අතර ඊට අමතරව රාජ්‍ය අංශය සතුව වාහන 68,000 ක්‌ ඇතැයි ද හෙතෙම පැවසීය.

    මෙරට මහාමාර්ග පද්ධතිය ශක්‌තිමත් කරන තෙක්‌ වාහන ආනයනය සීමා කිරීම රජයේ අරමුණ වී ඇති බවත් ජනතාව දුගී බවින් මුදවා ගෙන සමස්‌ත ජනතාවට සංවර්ධිත රටක්‌ නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන ඉලක්‌කය බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

    මේ රටේ වාහන මිලදී ගන්නේ ධනවතුන් බවත් තුන්වේල හරියට නොලැබෙන ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අයවැය කර ඇති යෝජනා පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටී.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිනිස්සු වාහන ගන්නේ පොදු ප්‍රවාහන ක්‍රම ශක්තිමත් නැති නිසා .
    උදේට කොලබ බස් එකක යනවා කියන්නේ එපා වෙන වැඩක්.හිරවෙලා තැලෙනවා .අනික ගොඩක් බස්වලින් පැයක් යන ගමන තමන්ගේ වාහෙනෙකින් විනාඩි 20-30 යන්න පුලුවන්.ඒවා හරිගස්සන්නේ නැතුව වාහන ගෙන්වීම සිමා කිරිම විහිලුවක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු වාහන ගන්නේ පොදු ප්‍රවාහන ක්‍රම ශක්තිමත් නැති නිසා .
    උදේට කොලබ බස් එකක යනවා කියන්නේ එපා වෙන වැඩක්.හිරවෙලා තැලෙනවා .අනික ගොඩක් බස්වලින් පැයක් යන ගමන තමන්ගේ වාහෙනෙකින් විනාඩි 20-30 යන්න පුලුවන්.ඒවා හරිගස්සන්නේ නැතුව වාහන ගෙන්වීම සිමා කිරිම විහිලුවක්.
    රවි කරුණානයක වගේ අ.හු.වේ.පු. ක්ට ඕක තේරෙන්නේ නෑ බං....
    කද බඩ ලොකු වුණාට අර උඩ තියන එක අස්සෙ ලොද කළදක් නෑ නේ!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිනිස්සු වාහන ගන්නේ පොදු ප්‍රවාහන ක්‍රම ශක්තිමත් නැති නිසා .
    උදේට කොලබ බස් එකක යනවා කියන්නේ එපා වෙන වැඩක්.හිරවෙලා තැලෙනවා .අනික ගොඩක් බස්වලින් පැයක් යන ගමන තමන්ගේ වාහෙනෙකින් විනාඩි 20-30 යන්න පුලුවන්.ඒවා හරිගස්සන්නේ නැතුව වාහන ගෙන්වීම සිමා කිරිම විහිලුවක්.

    ඇයි යකෝ මිනිස්සු ජීවිකාව හදාගන්නත් වාහන ගන්නවා , ගමන් බිමන් යන්න විතරයැ. අනික් ඒව්නම් හරි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    කඩේ නෙමේ සුපර්මාකට්ම ගිහිං.:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාගදීප බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම්
    නතර කරන්නැයි යාපනය දිසාපති දන්වයි


    ප්‍රියදර්ශන ලියනගේ යාපනය නාගදීපයේ සිට

    රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලි�තව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ "දිවයින"ට ඊයේ (27 වැනිදා) පැවැසූහ.වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

    යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

    කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.



    වෙනස ඩො.... තවම පටන් ගත්තා විතරයි.... :growl:



    http://www.divaina.com/2016/03/28/news08.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවී ප_යා ප්‍රාඩෝ 140 ක් බදු ත් නැතුව ගෙන්නෙව්වේ උට සෙල්ලම් කරන්න වෙන්න ඇති...:growl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහපාලන කාරයෝ ආපු දවසේ ඉදන් කරන්නේ සීමා කීරීම , අඩු කිරීම හෝ නැති කිරීම විතරයි......