වාහන ගෙන්වීම සහ නොවටිනා මිල

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    covid අර්බුදයත් එක්ක ලංකාවට වාහන ගෙන්වීම සීමා කරන්නට රජය තීරණය කරලා තියෙනවා

    මේකෙන් ඩොලර් බිලියනයක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි කියලා රජය හිතන්නේ

    කොයි පක්ෂ නායකයා වුණත් රට පාලනය කරන්නේ ඔහුට අවස්ථාවක් එනවා යම්කිසි තෝරාගැනීමක් කරන්න

    වාහන ගෙන්වීම සහ ඒ ආශ්‍රිත රැකියාවන් කරන පිරිස කොපමණද එසේ නොකරන පිරිස කොපමණද යන්න අතරින් වැඩි පිරිසකට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට ගත යුතු තීරණය රජයක් හැටියට ගන්නට වෙනවා.

    සියලුම ආනයනික දේවල් වල මිල තීරණය වන්නේ ඩොලරය සහ rupiyal අතර අනුපාතය අනුව ඒක නිසා වාහනයක් ගැනීමෙන් ඩොලර් ඉහළ නැග්ගොත් අනිත් හැම භාණ්ඩයකම මිල වැඩි වීම් සිද්ධ වෙනවා

    අත්‍යවශ්‍යම දේවල් වන ආහාර සහ බෙහෙත් යන ආදීන්ගේ මිල පවා ඉහළ යාම නොවැළැක්විය හැකියි වාහන ගෙන්වීම කිරීම් දිගටම සිදු කළහොත්.

    ඉතින් මේ සම්බන්ධයෙන් රජය තීරණයක් හරියට අරන් තිබ්බට කොවිඩ් එක්ක වුන මේ ප්‍රශ්නය covid නිසාම ටේ වාසියට හරවා ගන්න තිබ්බ ක්‍රමයක් රජය විසින් හිතලා නැති බවයි පෙනෙන්නට තියෙන්නේ හෝ රජයට උපදෙස් දෙන අය ඒ සම්බන්ධව කියලා නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

    මගේ අදහස නම් covid නිසා ඉන්දියාවේ ගොඩක් කර්මාන්තශාලා වහලයි තියෙන්නෙ අනෙකුත් වාහන නිෂ්පාදනය කරන රටවල් වල කර්මාන්ත ශාලා වලටත් මේ ප්‍රශ්න ඇති ඉතින් මේ නිසා අපේ රටේ හම්බන්තොට වගේ පැත්තක අඩුම තරමේ එකලස් කිරීමේ කර්මාන්ත ශාලා හෝ පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා. අඩුම තරමේ මූලික අඩිතාලම් ටික මේ වෙලාවේ දාගන්න පුළුවන් අනිත් එක යම් නිෂ්පාදකයෙක් සමග එකඟතාවයකට එන්න පුළුවන් මේ තහනම දිගටම මෙහෙම තියාගෙන ඉන්නවා නමුත් අපේ රටට අවශ්‍ය වන වාහන සහ බයික් මෙහෙම නිපදවන්න කියලා.

    රජය මේ අවස්ථාවේ වාහන ගෙන්වීමට ඉඩ දුන්නත් වාහන වල මිල ඉහළ අගයක තියෙන්න පුළුවන් ඒ නිෂ්පාදනය වීම ආනයනයේදී covid virusය නිසා සිදුවන බාධා වීම් හා covid නිසා සිදුවුණු මිල වැඩිවීම යන ආදිය නිසා.

    අනික් අතට මේ දැනට විකුණන්න තියෙන වාහන වල මිල වැඩිවීම පරණ වාහන වල මිල රොකට් එකක් වගේ ඉහල ගියා පහුගිය ටිකේ නමුත් දැන් දැන් ඒවා නැවත පල්ලෙහාට එන බවකුයි මට නම් පේන්න තියෙන්නෙ මොකද වාහන වලට ලොකු ගණන් කිව්වට ඒ ගණන් වලට ගන්න පිරිස බොහොම අඩුයි ඒක නිසා තව ටික කාලෙකින් ඕවා නියම මිල වල් වලට ඒවි හැබැයි ඒ නියම මිල දැනට අවුරුද්දකට විතර කලින්තිබ්බ මිලට නම් වැඩිය වැඩි වේවි.

    vega වගේ කාර් එකක් හදපු මිනිස්සු මෙහෙ හිටිය ඉතින් යම්කිසි රජයේ උදව්වකුත් ඇතුව මයික්‍රෝ අයිඩීයල් හා වෙනත් ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන සමාගම් කිහිපයකටඅවස්ථාවක් සලසලා දෙන්න රජයට පුළුවන්කම මේ වෙලාවේ තියෙනවා ඒක කරනවා නං රටක් හැටියට අපිට මේ අමාරු වෙලාවේ ගන්න පුලුවන් හොදම අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ.

    එහෙම වුනොත් අනාගතයේ දවසක සතුටු වෙන්න පුළුවන් වෙයි මේ තීරණය ගැන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    $ eka stable thiyaganna import limit karana eka hodai nathinam danatama kadan watila thina economy eka iwrai aye goda ganna bari wenna. dan lankawata foreign money ena lokuma fields iwarai ekko bageta wada.

    anyway, government eka local used vehicle price ekata niyamanayak danna ona. palana milak. ehema nathinam dan parana katu rattaran baratath wada ganan kiyanne.

    lankawe assembling wadak na ne. Mahindara eken hadana car eka lankawe hadana eka laksa 30 ganak ekama indiawe laksa 12i. ithin ratakata hari yai da? laksa 18k anduwata

    Wega 🤡 ko ban oka "S" ge chanda gunduwak
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ අවස්ථාව තියෙන්නේ සර්විස් සෙක්ටර් එකේ, හෙල්ත් කෙයා, සොෆ්ට්වෙයා ඉංජිනීරින්, එඩියුකෙෂනල් සර්විස්, ටුවරිසම් වගේ දේවල්, ඒ දේවල් වලට ලංකාව සුදුසුයි, අවශ්‍ය වෙන්නේ මෙන්ටලිටි එක වෙනස් කරන එක,
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    $ eka stable thiyaganna import limit karana eka hodai nathinam danatama kadan watila thina economy eka iwrai aye goda ganna bari wenna. dan lankawata foreign money ena lokuma fields iwarai ekko bageta wada.

    මේ කියන එක හරි අපිට විතරක් අදාල වෙන දෙයක් නෙමේ නමුත් මුළු ලෝකෙටම අදාලයි මේ වෙලාවේ මේ තියෙන ප්‍රශ්න ඉතිං එහෙම එකේ අපි වගේ තුන්වැනි ලෝකයේ රටකට මේ ගානට හරි බේරිලා ඉන්න තියෙන එක ලොකු දෙයක්

    anyway, government eka local used vehicle price ekata niyamanayak danna ona. palana milak. ehema nathinam dan parana katu rattaran baratath wada ganan kiyanne.

    මං හිතන්නෑ වාහන වලට පාලන මිලක් දාන එක හරියන වැඩක් වෙයි කියලා නමුත් රජය කිව්වොත් එහෙම අපේ රටේ වාහන මෙහෙම හදන්න යනවා අහවල් වකවානුවේ කියලා හරි එහෙම නැත්නම් අහවල් අවුරුද්දේ මේ වකවානුවේදී වාහන ගෙන්නනවා කියලා අන්න එතකොට ඔය කියන ලොකු මිල ගනන් වලට වාහන ගන්න එක මිනිස්සු අඩු කරයි එතකොට ඔය කියන ලොකු ගණන් වලට වාහන විකිනෙන්නේ නැති වෙයි ඉතින් එතකොට මිල ගනන් නිකංම පහලට ඒවි.

    lankawe assembling wadak na ne. Mahindara eken hadana car eka lankawe hadana eka laksa 30 ganak ekama indiawe laksa 12i. ithin ratakata hari yai da? laksa 18k anduwata

    ලංකාවේ esembly හරියන්නේ නැත්තේ නැහැ විශේෂයෙන් ප්‍රතිඅපනයන සඳහා හම්බන්තොට පැත්තේ එහෙම දෙයක් කරොත් විශේෂ බදු සහන යටතේ ඒකෙන් යම් කොටසක් රට ඇතුලට ද විකුණන් අවස්ථාව දුන්නා නම් ඔය වැඩේ ගොඩක් හරියන්න ඉඩ තියෙනවා.
    මේ මහින්ද්‍රා එක ඉන්දියාවේ ලක්ෂ 12ක් දාසයක් අතර වෙලා ලංකාවේ 30 35 ත් අතර උනහම කවුද අප්පා මේවා ගන්නේ

    ඔන්න ඔක තමා අපිට හරියන්නේ නැත්තේ අඩුම තරමේ 18-22 අතර තිබ්බනං ගොඩක් මිනිස්සු මේ වගේ එකට යයි

    Wega 🤡 ko ban oka "S" ge chanda gunduwak

    එහෙම කියන්න එපා ඒක රටක් හැටියට අපිට ලැබුණු ලොකු ජයග්‍රහණයක් උන්ගේ සයිට් එකේ investor කෙනෙක් හොයන අය කියලා දාලා තියෙනව
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවේ අවස්ථාව තියෙන්නේ සර්විස් සෙක්ටර් එකේ, හෙල්ත් කෙයා, සොෆ්ට්වෙයා ඉංජිනීරින්, එඩියුකෙෂනල් සර්විස්, ටුවරිසම් වගේ දේවල්, ඒ දේවල් වලට ලංකාව සුදුසුයි, අවශ්‍ය වෙන්නේ මෙන්ටලිටි එක වෙනස් කරන එක,

    ඔව් මේ අදහස මං පිළිගන්නවා tourism එකට මුළු රටම ලෑස්ති කරන්න ඕන ඒ වගේ මයින්ඩ් සෙට් එකක් touris ලා ගැන ඇති කරන්න ඕනා අර හරියට සිංගප්පූරුවේ කරා වගේ ඒ වගේම ලෝකෙ පිළිගත්ත පුද්ගලික විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතන මෙහෙ ගේන්නම වෙනවා

    සිංහල වෙදකමයි ආයුර්වේද යි සහ හොඳ පුද්ගලික බටහිර ස්පිරිතාල මේ හදලා වෙදකම් වලට මිනිස්සු ගෙන්නගන්න පුළුවන්

    නමුත් වැඩේ තියෙන්නෙ මේවා කරන්න ගියොත් එහෙම උද්ඝෝෂණ වල නිමක් නැති වෙයි අනිත් පැත්තෙන් හොඳ ඒවා පැත්තක තියලා ගූ ගොඩවල් ගේන්න තමා ඉන්න දේශපාලඥයන් දඟලන්නේ මොකද කොමිෂන් එක බලාගෙන

    පටු අරමුණු පැත්තක තියලා හරි දෙයක් ගේනකොට ඒකට උදව් කරා නං රට මීට වැඩිය ගොඩක් ඉස්සරහට ගිහින්

    කොයි පැත්තෙන් හරි එන දේශපාලඥයන් තමන්ගේ ගොඩ ගොඩදගන්න බලනවා මිසක් රට වෙනුවෙන් වැඩක් කරන්න හිතන එවුන් බොහොම අඩුයි.

    අනිත් පැත්තෙන් බල ඉන්න එකා හරි දෙයක් කරන්න හැදුවොත් ඒකට විරුද්ධව බකට් අදින එක තමා අනිත් අය කරන්නේ මොකෝ හරි දෙයක් කරොත් ඒ නිසා තමන්ට බලයට එන්න අමාරු වෙයි කියලා හිතෙන නිසා.

    ඉතිං ඔය දෙ විදිය තියෙනකං රට ඉතින් එකතැන පල්වෙන එක තමා වෙන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Unregistered Benz car stock received in several colombo vip auctions.
    You can see newly registered new benz cars on the road
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    USD eka stable wenawa wahana genan gathoth isara wage 250+ wela

    ඔව් එහෙම උනොත් අනෙක් භාණ්ඩ සියල්ලම මිල ඉහල යනවා කෑම බෙහෙත් ඇදුම් මේ වගේ සියලුම දේ ඒකයි රජය මෙහෙම වාහන ගෙන්නන්න නොදී අල්ලාගෙන ඉන්නේ

    අනෙක වාහන අලුතෙන් ගෙන්නන එවුන්ටයි දැනට තියෙන එවුන්ටයි දෙගොල්ලටම වාහන ගෙදර තියන් තමා ඉන්න වෙන්නේ වැඩිහරියක් මොකද ඩිසල් පෙට්‍රල් මිලවල් ඉහල ගියාම

    කොටින්ම වාහන ගෙන්වීමෙන් ප්‍රතිලාබ ලැබෙන ලක්ෂ 5කට වඩා ඩොලරය මේ තියෙන ගානේ තබා ගැනීමෙන් ප්‍රතිලාබ ලැබෙන කෝටි 2ක් ගැනයි මේ වෙලාවේ හිතලා තියෙන්නේ
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    ලංකාවේ අවස්ථාව තියෙන්නේ සර්විස් සෙක්ටර් එකේ, හෙල්ත් කෙයා, සොෆ්ට්වෙයා ඉංජිනීරින්, එඩියුකෙෂනල් සර්විස්, ටුවරිසම් වගේ දේවල්, ඒ දේවල් වලට ලංකාව සුදුසුයි, අවශ්‍ය වෙන්නේ මෙන්ටලිටි එක වෙනස් කරන එක,

    ප්‍රශ්නෙ මේ ඔක්කොම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ප්‍රශ්න එක්ක සංවේදියි
    උදා : ත්රස්ත වාදී ප්‍රහාර, ස්වාභාවික විපත්, වසංගත , ලෝක ආර්ථිකය
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්න එකෙක් කියපංකෝ මෙහෙම පරන වාහන ගෙන්නෙ කොහොම ද කියලා?

    41045A9E-F5BC-4699-B1C1-E91B2A00A172.jpeg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දන්න එකෙක් කියපංකෝ මෙහෙම පරන වාහන ගෙන්නෙ කොහොම ද කියලා?

    View attachment 102676
    පන්සල් වලට පරණ ඒවා ගේන්න දෙනවද කොහෙද. මට එහෙම මතකයක් තියෙනවා, ෂුවර් නැහැ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පන්සල් වලට පරණ ඒවා ගේන්න දෙනවද කොහෙද. මට එහෙම මතකයක් තියෙනවා, ෂුවර් නැහැ.


    මේ පන්සලක නෙවේ බන් අපේ ගෙදර ගාව එකෙක් ගෙනල්ල තියෙන්නෙ බං