වාහන ටයර් ගැන....

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මේ කතාව වාහන තියෙන යාලුවන්ට. බයික් ගැන කියන්න නම් දන්නේ නෑ. අපි අලුතෙන් හරි පාවිච්චි කරපු වාහනයක් හරි පාවිච්චියට ගත්තට පස්සේ කරන්න ඕනේ වීල් එලයින්මන්ට්. ඔයාල සමහරු එකඟ ඇති. ඊළඟට කල්පනා කරලා බලන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ අලුත්ම ටයර් ජෝඩුවක් කි.මී 50,000 විතර පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට ඊටත් වඩ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඉතින් වීල් එලයින්මන්ට් හරියටම තියෙන්න ඕනේ නැතිනම් ඉක්මනටම ටයර් පැත්තට ගෙවෙන්න ගන්නවා. හරි අපි කි.මී 50,000 දුවලා අලුත්ම ටයර් දැම්මා කියමුකෝ. ඒත් කලින් ටයර් සෙට් එක වගේ 50,000 දුවන්න බැරිවෙනවා. හේතුව මොකද දන්නවාද. ඔයාල ටයර් මාරු කරන්නේ කි.මී 50,000 දුවපු වාහනයකට. තව 40,000 දිව්වා කියන්නේ වාහනේ සම්පූර්ණයෙන් 90,000 දුවලා. අනිත් එක තමයි වම් පැත්තේ ටයර් එක ටිකක් ගෙවෙනවා වැඩියි. ඕක මට කිව්ව දවසේ ඉඳලා හොයලා බැලුවා. ගොඩාක් ලොකු වෙනසක් නෑ නමුත් එහෙම දෙයක් වෙන්න පුලුවන් හැකියාව තියෙනවා. ඒකට හේතුව නම් පාරවල් වල වම් පැත්ත සමහර වෙලාවට ඩැමේජ් නිසාලු. අනිත් කාරණය තමයි පාරවල් වල මැද තියෙන කෑලි (ඕකට කියන නම දන්නේ නෑ) නිසා ටයර් එකට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ලංකාවේ පාරවල් ගොඩාක් කාපට් කරල තියෙන නිසා ඉස්සරට වඩා ආයු කාලය වැඩි කරගන්න පුළුවන්ලු. මේ මම අහල දැන ගත්ත දේවල්. මොනවා හරි වැරැද්දක් තියෙනවානම් හරි ගස්සන්න.
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    පාරවල් වල තියෙන වලවල්, යකඩ කෑලි නිසා තමයි ටයර් වලට වැඩිම හානියක් වෙන්නෙ

    ඔව් පාරවල් වල කන්ඩිෂන් එක තමයි.