වාහන තිබෙන, රට ගමන් යන සැමට බදු

වාහනයක් තිබෙන, විදේශ ගත වන සැමට ආදායම් බදු - වාහන හිමියන්ගෙන් බදු අයවෙන්නේ මෙහෙමයි!
ආදායම් බදු ප්‍රතිපත්තිය පුලුල් කිරීමේ කටයුතු පසුගිය දිනවල රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වූවා.මෙම ක්‍රියා පිලිවෙත ඉදිරියට ගෙන යමින් වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක පවසනවා. ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා ආදායම් බදු අය කර ගත යුතු තවත් පිරිසක් පිළිබදව අදහස් දක්වා සිටියේ. එහිදි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු ගෙවිය යුතු ආදායමක් තිබෙන පුද්ගලයින් ලෙසින් සලකන බවත්ය.දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ ඔවුන් සියලු දෙනා වහාම පැමිණ බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවයි.