වාහන පදින උන් වරෙල්ලා - හැප්පුනාම මොකද කරන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113

    මචන්ලා මෙන්න මේකයි ප්‍රශ්නේ. මම දැන් අවුරුදු 7ක් විතර වාහනේ පදිනවා. අද වෙනකන් නෝ ක්ලේම් බෝනස් එක්ක තමා ඉන්ශුවරන්ස් එක අලුත් කරන්නේ. ඒ කියන්නේ අද වෙනකන්ම හප්පගෙන නෑ.

    ඒත් මට හිතෙනවා කවද හරි එහෙම එකක් උනොත් මොකක්ද කරන්නේ කියලා දැනන් ඉන්න එක හොදයි කියලා. SLIC එකෙන් අරන් තියෙන්නේ.

    මට දැනගන්න ඕනා, මොකක හරි වද්ද ගත්තොත් හරි (කියමු කාගෙ හරි තාප්පෙක ), නැත්තන් තව වාහනේක වද්ද ගත්තොත් මොකද බන් මුල ඉන්දන් අගට කරන්න ඕන?
    මම දැකල තියෙනව සමහර උන් පාර මැද්දේ තියාගෙන හතර වටේට කොල් ගන්නවා, සමහර උන් ටයර් මාර්ක් කරල අයින් කරනවා.

    පොලීසි යන්න ඕනද?
    ඉන්ශුවරන්ස් එකාට කොයි වෙලාවෙද කතා කරන්නේ?
    මම හැප්පුවොත් සහ වෙන එකෙක් මාව හැප්පුවොත් කෝමද මේවා වෙනස් වෙන්නේ?

    දන්න උන් පොඩ්ඩක් කියලා දීපන් :-)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,134

    hmm no experience
     
    • Like
    Reactions: tharakaf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඉන්ශුවරන්ස් එක අනුව තමා ඒක. සමහර ඉන්ශුවරන්ස් වලින් ඒජන්ට් කෙනෙක් එනකං වාහනේ තියං ඉන්න කියනව සමහර ඉන්ශුවරන්ස් වීඩියෝ කෝල් එකක් ගන්නවා පෙන්නන්න කියල, සමහර ඉන්ශුවරන්ස් ඒජන්ට් කෙනෙකුත් බැලුවට පස්සෙ පොලිස් වාර්තාවකුත් ඕනැ කියනව etc etc. කොහොමහරි ඕක පෙන්නුවම / ඒජන්ට් ආවම කොළයක් පුරවල ඔන් ද ස්පොට් දෙන්න පුළුවන් පොඩි ඇක්සිඩන්ට් එකක් නම් මෙච්චරක් දෙන්න පුළුවන් කැමතිද කියල අහනව. ඒකට කැමති නං ඒ ගාන ඒ වෙලේම බැංකුවට දාගෙන/අතට අරගෙන ගෙදර ආවැකි. එහෙම නැත්නම් ඔන් ද ස්පොට් එපා කියල පුරවල දෙන කොළෙත් අරං කැමති ගරාජ් එකකට යනව වාහනෙයි (ඕන කිව්වනං පොලිස් රිපෝට් එකයි) අරගෙන. ගරාජ් එකෙන් දෙනව එස්ටිමේට් එකක්. එතකොට ඒජන්ට් කෙනෙක් ගරාජ් එකට ඇවිත් ගරාජ් එකේ එස්ටිමේට් එක ඇපෘව් කරනව. ඊටපස්සෙ වාහනේ රිපෙයා කළාම ගාන කෙළින්ම ගරාජ් එකට ගෙවනව / නැත්නම් අපට අතින් ගාන ගෙවල වාහනේ රිලීස් කරගන්නත් පුළුවන් (මේක ඉක්මන්) මෙහෙම කළොත් ඒ ගාන අපේ බැංකු අකවුන්ට් එකට දානව.

    ඕකට කන කට්ට ඉතින් ඉන්ශුවරන්ස් එකේ හොඳකම මත තමා තීරණය වෙන්නෙ - කට්ට අඩුයි කියන්නෙ Ceylinco, SLIC, FairFirst

    ඉන්ශුවරන්ස් එකේ අඳුනන ඩෑල් එකක් ඉන්නව නං මුලින්ම මිනිහට කතා කරල ඉන්න :geek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මට දැනගන්න ඕනා, මොකක හරි වද්ද ගත්තොත් හරි (කියමු කාගෙ හරි තාප්පෙක ), නැත්තන් තව වාහනේක වද්ද ගත්තොත් මොකද බන් මුල ඉන්දන් අගට කරන්න ඕන?
    මම දැකල තියෙනව සමහර උන් පාර මැද්දේ තියාගෙන හතර වටේට කොල් ගන්නවා, සමහර උන් ටයර් මාර්ක් කරල අයින් කරනවා.

    පොලීසි යන්න ඕනද?
    ඉන්ශුවරන්ස් එකාට කොයි වෙලාවෙද කතා කරන්නේ?
    මම හැප්පුවොත් සහ වෙන එකෙක් මාව හැප්පුවොත් කෝමද මේවා වෙනස් වෙන්නේ?
    මේක Situation එක තැන SLIC Bike Rider ඔයාගේ Location එකට තියෙන දුර Accident එකේ ස්වාභාවය අනුව වෙනස් වෙනවා.

    SLIC Card එකේ පිටිපස්සේ තියෙන Hotline එකට කෝල් කරලා Accident එකේ ස්වාභාවය කිව්වුවා ම ඒගොල්ලෝ ඊළඟට මොනවා ද කරන්න ඕනේ කියලා විස්තර ඇතුව කියනවා බං

    උදහරණයක්: පොඩි Accident එකක් නම් ඒක උනේ පාරේ මැද නම් ඒක උනේ ඒ නිසා පාර හිරවෙලා වාහන යන්න බැරි නම් SLIC එකෙන් කියනවා Accident උන තැන හතර පැත්තෙන්ම Photos අරගෙන වාහනය පාරේ අයිනකට කරලා නවත්වන්න කියලා Bike Rider එනකම්

    ******මම කාට හරි කියන්නේ Accident එක වෙච්ච ගමන් වාහන දෙකම වෙනස් කරන්නේ නැතුව වාහන දෙකම අහුවෙන්න හතර පැත්තෙන්ම Photos ගන්න කියලා . ඊළඟට අංශක 360 ම කාවර් වෙන විදියට Phone එකෙන් Video එකක් ගන්න***