දොස්තරලා හම්බවෙන්න ක්‍රම දෙකක් තියෙනවා.
1. සාමාන්‍ය අසනීපෙකට GP කෙනෙකුට appointment එකක් දාලා යන එක. එතකොට සාමාන්‍යයෙන් අපි රෙජිස්ටර් වෙලා ඉන්න GP කෙනෙක්/practice එකක් තියෙනවා. එහෙම කොහෙවත් රෙජිස්ටර් වෙලා නැත්තං walk-in appointments ගන්න තැනකට විතරයි යන්න පුලුවන්. ඒ ගියත් එවෙලෙ එතන රෙජිස්ටර් වෙනවා.
එහෙම තැන් අඩුයි මම ඉන්න පැත්තෙනං. වෙන පැති වල කොහොමද දන්නෙ නෑ. මෙහේ මම දන්නෙත් එකම එක තැනයි. ඒ වගේ වෙලාවකදි ඕන උන ගමන් ඩොකෙක් හම්බවෙන්න නැති උනාම අන්න අරක හිතෙනවා. ඒක නොවෙන්න කලින් GP කෙනෙක්/ දෙන්නෙක් ළඟ උනත් කමක් නෑ රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ඒත් සමහර වෙලාවට appointments book වෙලා දවස් දෙකක් විතර ඉන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඒක ඉතින් appointment එක මොනවටද කියන එක මත, consultation එක සම්පූර්ණයෙන් නොමිලෙද/නැද්ද කියන එක මතත් ටිකක් වෙනස් කර ගන්න බැරි නෑ.
2. Walk in වත් යන්න practice එකක් නැත්තං/ලොකු ලෙඩක්/accident එකක් උනාම යන්නෙ Hospital එකට. Accident එකක් නං මුලින්ම ගෙනියනව ඇත්තෙ public hospital එකට. එහෙම තමයි මම අහල තියෙන්නෙ. තමන්ට වෙනම private insurance එකක් තියෙනව නං private hospital එකකට යන්නත් පුලුවන්. ඒත් සමහර වෙලාවට, සමහර පැතිවල, සමහර දේවල් තියෙන්නෙ public hospital එකේ විතරයි.
ඒ නිසා සාමාන්‍යයෙන් public hospitals busy වැඩියි. එතකොට මම කලින් කිව්ව විදියට සාමාන්‍ය ලෙඩකට hospital එකේ emergency dept එකට ගියාම ඉස්සෙල්ලම triage කරනවා. ඒ කියන්නෙ බරපතලකම අනුව categorise කරනවා. එතකොට උණක්, හෙම්බිරිස්සාවක්, බඩේ අමාරුවක් හැදිලා හිටගන්න, වාඩිවෙන්න පණ තියෙන ගානට ඉන්නව නං risk එක අඩු නිසා පෝලිමේ පස්සට යනවා. ඒක තමයි ඔය කියන්නෙ පැය අච්චරක්, මෙච්චරක් හිටිය කියලා.
අනික එහෙම ඉඳලා ඩොකෙක් බැලුවමත් සාමාන්‍ය උණ, හෙම්බිරිස්සාවක් හැදිල නං තියෙන්නෙ මිනිස්සු ලංකාවෙදි බලාපොරොත්තු වෙනව වගේ බෙහෙත් තොගයක් දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට antibiotics දෙන්නෙම නෑ. දෙන්න ඕනම නං විතරයි දෙන්නෙ. (මොකද මේ රටට සල්ලි නෑනෙ antibiotics ගන්න. ඒකයි

) ගෙදර ගිහින් හොඳ වෙනකන් පුලුවන් තරං රෙස්ට් එකේ ඉන්න කියල තමයි කියන්නෙ. අඩුවෙන්නෙ නැත්තං ආයෙ එන්න කියනවා.
එතකොටත් සමහරු කියනවා හෑපෝ ලංකාවෙ හිටියනං එක බෙහෙත් වේලෙන් හොඳවෙන්න බේත් දෙනවා. මේ මොක්කුද මේ මුන් ඒ බෙහෙත් ගැන දන්නෙ නැද්ද කොහෙද කියලා.
අනිත් අතට ලෙඩ්ඩු ගොඩක් හිටියත් ගන්න ලෙඩාට ඕන වෙලාව අරන් diagnose කරලා, ඒව හරියට රිපෝට් කරලා තමයි ඊළඟ කෙනාව ගන්නෙ. අන්න අර රිපෝට් කරන වැඩේටලු වැඩිපුර වෙලාව යන්නෙ. ඒක පැයක් වෙන්නත් පුලුවන්. එතකොට ලෙඩා අහන අහන ඒවටත් උත්තර දීල, හෙමින් තරහ ගන්නෙ නැතුව කතා කරලා වැඩ කරන්න වෙලාව තියෙනවා. එතකොට ලෙඩ්ඩු පෝලිමේ ඉන්නව කියලා මොකක් හරි ලියල දාලා එන්නෙ නෑ. ගොඩක් වෙලාවට දවසටම බලන්නෙ ලෙඩ්ඩු 8 - 10 වගේ. ඒ ඩොකාම ලංකාවෙ ඉද්දි ලෙඩ්ඩු 50 - 60 බලනව. එතකොට හෙමින් කතා කරේ නෑ, ලෙඩේ ගැන A-Z කියල දුන්නෙ නෑ, මුන්ට ගහන්න ඕන පිටරටවල් වල ඩොකාල නං අහන දේ කියල දෙනව වගේ ගොං පාට් බයිල ගහන්න විතරයි ලංකාවෙ ගොබ්බයො දන්නෙ. උන් දන්නෙ නෑ මෙහේ ඒක කරන්න ඕන තරං වෙලාව තියෙනව කියලා.
කෙටියෙන් කිව්වොත් පෝලිම් නැතුව හැමෝටම විනාඩි දහයෙන් බෙහෙත් දෙන්නයි, ඇදල පැදල ලතාවකට කතා කර කර පැහැදිලි කරන්නයි දෙකක් කරන්න බෑ. ඒ දෙකෙන් එකයි පුලුවන්. ලංකාවෙ පළවෙනි එක කරනවා. මෙහේ දෙවෙනි එක කරනවා. වැරදිනං ලංකාවෙත් දෙවෙනි එක කරන්නද ඕන? එතකොට ලංකාව තමයි රට, මෙහේ නං විනාඩි සහයෙන් බේත් ගන්න පුලුවන් වගේ ගොං බයිල ගහන්න බැරිවෙනවා. හාද?