වාහන මිල තවත් ඉහල යන ලකුණු
කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.
හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ.
මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.
සියළු වාහන ගොඩබෑමේ මෙහෙයුම් හම්බන්තොට වරායට යොමු කිරීම හේතුවෙන් රථවාහන වෙළඳපලේ සියළු රථවාහනවල මිලගණන් තවදුරටත් ඉහළ යා හැකි යයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි

Last edited: