වාහන මිළදී ගන්නන් වෙත 1
වාහන මිළදී ගන්නන් වෙත
මෙය මා ඉතා හදිසියෙන් ලියන ලද පෝස්ටුවකි.
මා සේවය කරණු ලබන්නේ ලංකාවට brand new වාහන ගෙන්වන ආයතනයකය. මේනිසාම මාගේ අත් දැකීම් ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතා මෙසේ ලියමි.
ඔබ අළුතින් වාහනයක් ගන්නට යන විට එය මෙරට ඒජන්ත වරයා විසින් maintain කල වහනයක් දැයි සොයා බලන්න.
මන්ද එවිට ඔබට ලෙස Service History එකක් එම අයතනයෙන් ලබා ගත හැක. නියමිත පරිදි ක්‍රමානුකූලව එම ආයතනයට ආ ගිය වාහනයක් නම් ඔබට එහි මෙතෙක් ධාවනය කල කිලෝ මීටර් ගනන දැක්වෙන odometer (වාහනයක් ගමන් ගත් මුළු කිලෝමීටර ගනන දැක්වෙන මීටරය) දැක්වෙන පාඨාංකය පිළිබඳව අදහසක් ලබා ගත හැක.
මාගේ මිතුරකු අඩු කිලෝමීටර් ගනනක් දුවන ලද රථයක් මිළදී ගන්නට ගියේය. ඔහු රථය මිළදී ගැනීමට ප්‍රථම එය අප වෙත රැගෙන ආවේය. අපගේ පැරණි දත්ත පහත දැක්වෙන පරිදිය .
දිනය සේවාව සඳහා පැමිනෙන විට කිලෝමීටර ගනන
2015 පෙබරවාරි 5000
……………… ………..
……………… ………..
2015 දෙසැම්බර් 24000
……………… ………….
2016 මැයි 38000
අද 2016 අගෝස්තු 9 වනවිට කිලෝමීටර ගනන 40000යි!
පලමු වසර තුල කි මි 19000 ක් ද , දෙවන වසරේදී කි මි 14000 ක් ද දුවන ලද වාහනයක් තෙවන වසරේදී පමනක් කි මි 2000 ක් පමනක් ධාවනය කලා යැයි සිතන්නට අපට පුළුවන්ද?
සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්නම් එය ඉතාමත් අහඹු සිදුවීමකි . නොඑසේනම් මාර්ඝ අනතුරකින් හෝ වෙනයම් එවන් සිද්දියක් නිසා රථය එක්තැන් වී තිබුනා විය හැක.
ඒ කිසිවක් සිදු නොවුනා නම් සිදුවී ඇත්තේ වාහනය රිසිසේ පාවිච්චි කොට මීටරය අපසු කරකවා ඇති සේය! මීටර ඩිජිටල් වූවාට ඒවා ආපසු කර කැවීමට දන්නා අය මෙරට ඇත.
වරක් අප හමුවට පැමිනි මහතෙකු අළුතින් වාහනයක් ගෙන ඉමහත් සතුටින් අපවෙත ගෙනවේ තව දුරටත් එහි තත්වය තහවුරු කර ගැනීම සඳහාය.
ඔහුගේ සතුටට ප්‍රධාන හේතුව එම ජීප් රථය දුවා තිබුනේ කි මි 55000 ක් පමන වීමය. අප එහි පැරණි දත්ත සොයා බැලීමේදී එය ගිය වසරේ මැද අපවෙතින් සේවාවක් කරගෙන තිබුනේ කි මී 140000 න් ය !
මේ මහතා මෙම රථය මිළදී ගෙන තිබුනේ නමගිය බැංකුවක කළමනාකාර තුමෙකු වෙතන්ය !
මිළදී ගත්පසු එහි වර්ථමාන අයිතිකරු මෙම රථය කොම්පැනියට නොහොත් අපවෙත ගෙන ආයුතු බව පැවසූ විට විකුණුම්කාර කළමනාකාර තැන එයට එකහෙලා විරුද්ධ වී ඇත.
ඔහු පවසා ඇත්තෙ ඒවා නිශ්ඵල වියදම් ලෙසය.
ඔහු මිළදී ගැනීමට පෙර අපවෙතින් එම රථය පරීක්ෂාවට ලක් කලේ නම් ඔහු මෙසේ අමාරුවේ වැටෙන්නේ නැත.
ඉහත මා “බැංකු කළමනාකරුවෙකු” යන්න හුවා දක්වා තිබුනේ ; බොහෝ විට සමාජය විකුණුම් කරුගේ සමාජ තත්වය , රැකියාව , වැනි දේ තුලින් තමා මිළදී ගැනීමට යන වහනයට වැඩි වටිනාකමක් දීමට නැඹුරු තාවයක් දක්වයි .
එම මුග්ද භාවය දඩ මීමා කරගත් කයිරාටිකයින් “දොස්තර මහතෙකු පාවිච්චි කරණ ලද ……” , “නෝනා කෙනෙකු පාවිච්චි කල ……….” වැනි කුඨ උපාය මාර්ඝ ; ගැනුම් කරුවාගේ පොකැට්ටුවට ගැසීමට උපයෝගී කරගනී!
ඒවාට අහුවෙන මෝඩ දනෝ එකම භාණ්ඩය සඳහා උපරීම මිළක්දී එය නතු කරගෙන සතුටින් ඉන්නට උත්සාහ ගනී .
වරක් අප වෙත පැමිණි එක් අයෙකු තම රථය සේවාව සඳහා ගෙන ආවේ පසු ගිය වසර 3 ක කාල සිමාව තම බාල සොහොයුරා ලඟ රථය තිබුනු බවත් එම මුළු කාලය තමා දිවයිනෙන් බැහැරව සිටි බවත් පවසමිනි.
ගෙනැවිත් බලන කල එය පසු ගිය මුලු කාල සීමාව තුල NGO එකක නමින් කිලෝමීටර 100 000 කට වැඩි ප්‍රමානයක් දුව ඇති බවත් ; මුළු කාලය පුරාවට සියළුම නඩත්තු කටයුතු අප වෙතින් කර ඇත් බවත් තහවුරු විය .
සිදුවී ඇත්තේ අයියා වැඩි පරෙස්ස්මට මල්ලී ලඟ තබාගිය රථය ; මල්ලී විසින් හයර් කොට මීටරය ආපස්සට කරකවා තබා ඇති බවයි!
පසුගිය කාල සීමව පුරා අප වෙතින් සියළුම වාර සේවා හා නඩත්තු කටයුතු සිදුකල; උපන්ගෙයි වැදගත් මහතෙකු මාස ගනනාවකින් මා ඇස නොගැටුනි.
දිනක් මා බොරැල්ලේ රථවාහන ගොන්නකට මැදිව යන විට මාගේ අහිංසක දුප්පත් රථය හා පෙරකී මහේශාඛ්‍ය රථය සමන්තර ගත විය.
මා වහාම මාගේ පැති වීදුරුව කරකවා පහත හෙලූ අතර එතුමානෝ තම පවර් ෂටරය බොත්තමෙන් පහත හෙලුවේය .
“සර් දැන් හුඟ කාලෙකින් අපේ පැත්තෙ සර්විස් එකකටවත් අවේ නෑ නේද ? මම ඇසීමි .
“ එහේ ආවහම විකුනන්න ගියාම මීටරේට මොනවත් කරණ්න බෑනෙ !”
සමහරු කාර් සේල් වලින් වාහන ගන්නට මැළි වෙති.
මන්ද එය අන්දවා ඇතැයි සිතන නිසාය. ඔබද එවැන්නෙකු විය හැක. එය දන්න ඔබගේ බ්‍රෝකර් වර්යා , වාහනය පරීක්ෂා කර බැලීමට ගෙනය “විශ්වාස වන්තයා” ඔබව ගෙනයන්නේ ඒ සේල් හිමියාගෙම හෝ ඔහුගේ මිතුරෙකුගේ ගෙයක් බව නොදන්නේ ඔබ පමනි.
එසේම බොහෝ සේල් වල සිටින්නවුන් ඇඟේ ගසන්නට රුසියෝය. ඒ සඳහා ඔහු වටේ සිටින ගෝල බාලයන් , මිතුරන් හා බ්රෝකර්ලා ග්‍රවුන්ඩ් සපෝට් එක දෙයි. ටික වේලවකින් “වදෙන් බේරෙන්න” ඔබ ඕනේම මරාලයකට , දහිරිවාට්ටුවකට කරගහන තත්වයට පත්වී අවසානය.
වාහනයක් මිළදී ගැනීමට යමේදී තනියට එක්කන් යන මිකෑනික් ලා දන්නේ
ඔයිල් කූර හෙවත් ඩීප්ස්ටික්ක් එක ඇද බලන්නට පමනය.
ඒවාට සේල් අයියලා ගාව ක්‍රම විධි හා නිශ්පාදන ඇත. ඔය විදියට ඔයිල් කූර අදින්නට නම් එකෙක් මෙච්චර දුර ගෙන ඒමෙන් පලක් නැත.
ඒ බලන්නේ පිස්ටනය හා සිලින්ඩරය අතරින් රිංගා යන සම්පීඩන පහර මගින් තෙල් දෙනෙහි oil sump එකෙහි ඇති තෙල් ; ඔයිල් කූර රිංගවා ඇති නලයෙන් ඉහලට එනවාදැයි බලන්නටය.
එහෙත් නියමිත ක්‍රමය වන්නේ ඒජන්ත වරයා වෙතින් හෝ ප්‍රශස්ථ මට්ටමේ වැඩ පොලකින් හෝ Compression Test – කොම්ප්‍රෙශන් ටෙස්ට් එකක් කර ගැනීමය.
බොහෝ ඒජන්ත වරුන් තමා ගෙන්වන වාහන සඳහා Condition Report නිකුත් කරයි. ඔබ මිළදී ගන්නට යන නවීන රථය සඳහා එම අයතනයෙන් Scanning Report ලබාගත හැක
මෙවන්ම වූ ක්‍රම රාශිය ක් ඔබගේ ගැල වීම සඳහා නිර්මනය වී පවතී.
වාහනයක් ගැනිමට පෙර Alignment Check, Slip Test එකක් කරගැනුමෙන් විශාල අනතුරකට ලක්වී ඇත්දැයි බොහෝ විට සොයා ගත හැක.
Slip Test යනු වාහනයක් කිලෝමීටරය ඉදිරියට යාමේදී පසුපස රෝද යුගල යේ පථය හා ඉදිරි රෝද යුගල යේ පථය ට වඩා කොපමන දුර කින් ගමන් කරණ්නේදැයි සෙවීමට ඇති මෙවලමයි.
මේ සෑම දෙයකින්ම ඔබ මිළදී ගන්නා රථය ගෙවන මිළට වටිනා එකක් දැයි සොයා බලා ගත හැක .
චැසි නොම්මර ගැන තවත් කොටසක් ඉදිරියේ
source http://thattayagekolama.blogspot.com/2017/08/blog-post_10.html