වාහන මොඩිෆයි කරමුද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වාහනයක මුල් ආකෘතිය වෙනස් කරලීම මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව සිදුකල හැකිද ?

    ඒ යටතේ ඊට අදාලව මාගේ අවධානය සංශෝධිත පරිදි වූ මෝටර් රථ ප්‍රවාහන පනතේ 19 (අ) (1) වන වගන්තිය වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.
    "19 (අ) (1). කොමසාරිස් ජනරාල් වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ඇතිව මිස, කිසිම තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ මෝටර් වාහනයක් සකස් කිරීම, නිෂ්පාදනය කිරීම, එකලස් කිරීම, අලුතින් නිර්මාණය කිරීම, අනුවර්තනය කිරීම, විකරණය කිරීම හෝ එහි නිර්මාණය වෙනස් කිරීම නොකළ යුතුය."

    ඒ අනුව කරුණු සලකා බැලීමේදී, එකී නෛතික කරුණු ප්‍රකාරව ඇතැම් පුද්ගලයින් විසින් මෝටර් රථ මිලදී ගැනීමෙන් අනතුරුව එහි මුල් ආකෘතිය වෙනස් වන පරිදි ඇතැම් අංගෝපාංග ඊට එකතු කොට එකලස් කරලීම, මෝටර් රථ ප්‍රවාහන පනත ප්‍රකාරව වරදක් වන බව ඉතාමත් පැහැදිලියි නෛතික තත්ත්වයකි.

    උදා- ට්‍රක් රථයක් මිලදී ගෙන එය ඩිෆෙන්ඩර් රථයක් ලෙස වෙනස් කරලීම.
    ඒ යටතේ ඉන් අනතුරුව මාගේ අවධානය එකී වරද සම්බන්ධයෙන් වන දඬුවම වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

    "19 (අ) (17).
    (1), (13) හෝ (14) වන උප වගන්ති වල විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර, එසේ වරදකරු කරනු ලැබීමේදී රුපියල් 5000 කට අඩු නොවන සහ රුපියල් ලක්ෂයකට වැඩි නොවන දඩයකටද, එම මෝටර් වාහනය රාජසන්තක කිරීමට ද යටත් වන්නේය." (a person who contravenes the provisions of sub sections (1), (13) or (14) shall be guilty of an offence and shall on conviction be liable to a fine not less than 50000/- rupees and not exceeding 100,000/- rupees and to the confiscation of such motor vehicle)

    ඒ අනුව කරුණු සලකා බැලීමේදී මෝටර් රථ ප්‍රවාහන පනතේ 19 (අ) (17) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරන ලද බවට චෝදනා නගනු ලැබ, ඒ යටතේ එකී චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගන්නා වූ හෝ වරද ඔප්පු වන ලද අවස්ථාවකදී අදාල වාහනය ඉහතින් සඳහන් දඩ මුදලට අමතරව අනිවාර්‍ය රාජසන්තක කිරීමකට යටත් වන බැවින්, ඒ සම්බන්ධයෙන් මනාව කරුණු සලකා බලා ඉහත කී වැරදි සිදු නොවන ආකාරයට කටයුතු කිරීම සිදු කළ යුතුව පවතී.

    From FB
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG